STF කඳවුරු තුනක් හුදකලා කරයි

0
86

පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) සාමාජිකයන් 56 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

රාජගිරිය, කළුබෝවිල හා කැලණිය පිහිටි කඳවුරු මෙලෙස හුදකලා කර ඇත. ඒ අනුව එම කඳවුරුවලට පිටතින් කිසිවෙකුට ඇතුළුවීමට හෝ ඇතුළත සිටින කිසිවෙකුට පිටවීමට අවසරයක් ලැබෙන්නේ නැත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 56 දෙනා ද ඇතුළුව පොලිස් නිලධාරීන් 183 දෙනෙක්් මේ වනවිට කොරෝනා ආසාදිතයන් බවට පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here