රසායනික පොහොර තහනම හේතුවෙන් එක් මහ කන්නයක දී පමණක් වී අස්වැන්න 36.91%කින් අඩු වී ඇතැයි ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මෙම සංසන්දනය කර ඇත්තේ 2021 හා 2022 වර්ෂයට අදාලව නිකුත්කර ඇති වාර්තාවලය.
රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය 2021 වර්ෂයේ ජුනි මාසයේ සිට තහනම් කෙරිණි. එසේ වුව ද එම වර්ෂයේ යල කන්නයේ වගා කටයුතු සඳහා පෙර ඉතිරි කරගන්නා ලද පොහොර ද භාවිතා කෙරිණි.
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වා ඇති දත්ත අනුව 2021 මහ කන්නයේදී කුඹුරු හෙක්ටයාර් 681,521ක වී වගාව කර ඇත. එවර වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3,061,394කි.
2022 මහ කන්නයේ දී කුඹුරු හෙක්ටයාර 3,643ක් වැඩිපුර වගාකිරීම හේතුවෙන් වගාකළ සමස්ත කුඹුරු බිම් ප්‍රමාණය 685,270කි. එසේ වුව ද අස්වැන්න ලෙස ලැබී ඇත්තේ වී මෙට්‍රික් 1,931,230කි.
එම දත්ත අනුව පැහැදිළි වන්නේ කෘෂි රසායනික සහ කෘමි නාශක භාවිතය තහනම් කිරීම හේතුවෙන් වී මෙට්‍රික් ටොන් 1,130,164ක් අඩුවි ඇති බවයි.
එම දත්ත අනුව පැහැදිළි වන්නේ කෘෂි රසායනික තහනම සහ කෘමි නාශක තහනම හේතුවෙන් වී අස්වැන්න එක් මහ කන්නයක දී පමණක් 36.91%කින් අඩු වී ඇති බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය සමන් ධර්මකීර්ති පවසන්නේ මෙලෙස වී අස්වැන්න විශාල වශයෙන් අඩුවීමට හේතුවක් වූයේ 2021 වර්ෂයේ දී රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට රජය ගත් වැරදි තීන්දුව බවයි.