කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 11,963 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 817 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 17ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,491ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 157
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 150
- සීයඅයිසී සමාගම රුපියල් මිලියන 58
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.8
- එස්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 2.2
- එක්ස්පැක් සමාගම කොටස් මිලියන 1.2
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන් ලංකා සමාගම 20%
- හේලීස් කොනසන්ස් සමාගම 11%
- මිලේනියම් හවුසින් සමාගම 11%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 324
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187
- නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 13ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 11ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ඒසීඑල් කේබල් සමාගම රුපිියල් මිලියන 2.9
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 2.7
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 6.2
- සම්පත් බැංකුව රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ