spot_img
spot_imgspot_img

දකුණේ හදවත් රෝගීන් අමාරුවේ. තිබූ එකම ඇන්ජිඕග්‍රෑම් යන්ත්‍රය කැඩිලා

පුවත්

විදෙස්

දකුණු පළාතේ තිබූ එකම ඇන්ජිඕග්‍රෑම් යන්ත්‍රය ක්‍රියා විරහිතවීම නිසා හෘද රෝගීහු රැසක් දැඩි අවදානමකට ලක්ව සිටිති. මෙම යන්ත්‍රය ස්ථාපිත කර තිබුණේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ය.

දැනට සතියක පමණ කාලයක සිට එම යන්ත්‍රය ක්‍රියාවිරහිත වී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. හෘදයේ රුධිර නාලවල ලේ කැටි හිරවන අවස්ථාවක දී සිදුකරන කැතීටර යෙදීමේ ප්‍රතිකාරය සඳහා මෙම යන්ත්‍රය අත්‍යාවශ්‍ය උපකරණයකි.

එවැනි යන්ත්‍රයක් දකුණු පළාතේ වෙනත් කිසිම රජයේ රෝහලක නොමැති බැවින්, මාතර, හම්බන්තොට, රත්නපුරය, ඇඹිලිපිටිය, මොණරාගල ආදී ප්‍රදේශවල රෝගීන් ද ඇන්ජිඕග්‍රෑම් පරීක්ෂණ සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කෙරිණනි. දිනකට එවැනි රෝගීන් 20කට පමණ ඇන්ජිඕග්‍රෑම් ප්‍රතිකාරය සිදුකරයි.

වෛද්‍යවරු පවසන්නේ මේ යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතුවෙන් හෘද කැතීටර ප්‍රතිකාරය අත්‍යාවශ්‍යම රෝගීන්ගේ ජීවිත රැකගගැනීම පවා ගැටලු සහගත වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමසූ විට කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්.රංග  කියා සිටියේ යන්ත්‍රය අලුත්වැඩියා කිරිම සඳහා රුපියල් කෝටි 03ක පමණ මුදලක් වැය වන බවයි. එහි ඇතුළත ඇති උපකරණනයක් ක්‍රියාවිරහිත වීම නිස‍ා මේ ‍තත්වය උදාවී ඇති බව ද ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ඇන්ජිඕග්‍රෑම් පරීක්ෂණය කරවා ගැනීමට ලොකු පොරොත්තු ලේඛනයක් තිබෙනවා. මේ පරීක්ෂණය හදිසියේ ම කරගන්න වුවමනා අයකු සිටිනවානම් කොළඹ ජාතික රෝහලට යොමු කරනවා.”

අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙම යන්ත්‍රය ක්‍රියාවිරහිතවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!