spot_img
spot_imgspot_img

ගැහැනු ළමයින්ට “අයිස්” බෙදන සැලූන්. කුරුණෑගල අවදානම වැඩියි

පුවත්

විදෙස්

අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ගැහැනු දරුවන් අතර වේගයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි අන්තරායකර ඖෂධ නියාමන පාලන ජාතික මණ්ඩලයේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා පවසයි.

ඇය පවසන්නේ මෙය රූපලාවන්‍යාගාර හරහා බවයි. මෙම ප්‍රවණතාව කුරුණෑගලින් හඳුනාගත හැකි වූ බව ද ඇය කියා සිටියාය.

ඇය මේ බව කියා සිටියේ පසුගිය 28 වැනි දා කුලියාපිටිය සාරානාත් විදුහලේ දී දරුවන් මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම පිළිබඳ මව්පියන් සතු කාර්යභාරය යනුවෙන් දේශනයක් පවත්වමිනි.

ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“ඔබේ දරුවා කිසියම් පුද්ගලයකු විශ්වාස කරමින් අවනතව සිටිනවා නම් එතන අවදානමක් තියෙනවා. අපේ දරුවන් කීකරුව සිටින එක හරි. එ් ගැන සතුටු වෙන්න ඕනෑ. නමුත් වෙනත් අයට ඕනවට වඩා ලෙංගතු වෙනවනම්, ඔවුන් විශ්වාස කරනවානම් එතැන ගැටලුවක් තිබිය හැකියි. අපි දරුවන් තුළ ජීවන කුසලතා, තීරණ ගැනීමේ හැකියාව, ගැටුම් නිරාකරණය කර ගැනීමේ හැකියාව, ස්වයං අවබෝධය, චිත්ත වේග කළමනාකරණය වගේ දේවල් ප්‍රගුණ කරගන්න අවශ්‍යයි. දරුවන්ට හොඳ නරක කියා දීලා තමන්ට නොගැලපෙන අනවශ්‍ය දේවලින් ඈත් වෙලා ඉවත්වෙලා ඉන්න කියා දිය යුතුයි. පුහුණු කළ යුතුයි. තීරණනයක්ක ගන්න විට හානිය අවම කරගන්න, වාසිය වැඩි කරගන්න දරුවන් පුරුදු පුහුණු කරගත යුතුයි. එවිට අපේ දරුවන් මත්ද්‍රව්‍ය වලින් පමණක් නෙනවෙයි අනෙකුත් සමාජ විරෝධී ක්‍රියාවලින් ඈත් කරගන්න පුළුවන්. අයහපත් දේ ප්‍රතික්ෂේප කිරීමේ කිරීමේ “එපා” කියන පුරුද්දත් ඇති කරවන්න අවශ්‍යයි.”

 ඇය පවසන්නේ දරුවන් මතට හුරු වීමට එක් හේතුවක් වන්නේ මාපියන්ගේ යම් යම් වැරදි හැසිරීම් බලපා තිබෙන බවයි. තාත්තලාගේ බීමත් කමත්, දෙමාපියන් අතර ඇති අඬ දබර මීට හේතුවන බවත් ඇය පෙන්වා දෙයි.

“මේ සියලු දේවලින් තැලෙන්නේ පොඩි වෙන්නේ අපේ අනාගත පරම්පරාව. ඒ තමන්ගේ සැනසීම මත්ද්‍රව්‍යවල ඇති කියලා මහා මිත්‍යාවක ඉඳලා වැඩිමහල් අයගේ පිහිටෙන් ඒ මත්ද්‍රව්‍ය පසු පස යනවා.” යැයි ද ඇය කීවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!