spot_img
spot_imgspot_img

ගාල්ලේ පුද්ගලයන් 13,000ක් රැක ගැනීමට ‍ “සෙනෙහස” සමාජ ආරක්ෂණ දැළ එළයි

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ දැඩි අවදානමක් සහිත අඩු ආදායම්ලාභීන් 12,935ක් ආරක්ෂා කිරීම සඳහා රුපියල් කෝටි 104.6ක් වටිනා වැඩසටහන් නියමිත දිශානතියකට යොමු කිරීමට “සෙනෙහස සමාජ ආරක්ෂණ වැඩසටහන” පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධ අදාල පියවර ගැනීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ඊයේ (26) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහගේ සංකල්පයක් අනුව ආරම්භ වූ මේ වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න ද සහභාගී වූයේ ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමාජ, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන 50කට වැඩි ප්‍රමාණයක් සෙනෙහස සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා තම උපරිම දායකත්වය ලබාදීමට එහි දී එකඟ විය.

එහිදී, මෙම වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන විසින් රුපියල් කෝටි 104.6ක් වටිනා  වැඩසටහන්  නියමිත දිශානතියකට යොමු කිරීමටත් රජයේ නිල තොරතුරු මත පදනම්ව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය සම්බන්ධීකරණය කිරීමට පදනම දැමිණි. එවැනි ව්‍යාපෘතිවල දී වඩාත් සුදුසු   ප්‍රතිලාභීන් හඳුනාගැනීමත් ප්‍රතිලාභ ලැබිය යුතු කිසිවෙකුත් මග නොහැර සමාජ ආරක්ෂණ දැල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව, මෙම අවස්ථාවට එක් වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ කීවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සෙනෙහස වැඩසටහන යටතේ රාජ්‍ය නොවන සංවිධාන මගින් අඩු ආදායම්ලාභීන් බල ගැන්වීමට මේ වන තෙක් විශාල සවියක් ලබා දී ඇති බව හෙතෙම පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 12,935 දෙනකු දැඩි අවදානමක් සහිත අඩු ආදායම්ලාභීන් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය, අධ්‍යාපන සංවර්ධනය  සඳහා ඉදිරියේ දී ප්‍රාදේශීය  ආර්ථික පුනර්ජීවන කමිටු සමග සම්බන්ධ  වෙමින්  ප්‍රධාන  සැලැස්මක් සකස්  කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව දිස්ත්‍රික් ලේකම් කීවේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න පැවසුවේ, තිරසර  සංවර්ධන ඉලක්ක සපුරා ගැනිම සඳහා රට තුළ දැනට පවතින ආර්ථික, සමාජ අර්බුදය දැක අවදානම හඳුනාගෙන ඉක්මණින් ක්‍රියාත්මක වීම වැදගත් බවයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු සෙනහස ක්‍රියාදාමය ඉතා වැදගත් බවත්  එය ඉදිරි දැක්මක් සහිත වැඩසටහනක් වශයෙන් ප්‍රශංසනීය බවත් ඒ ඔහු කීවේය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් චාමි රාජකරුණා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) අයේෂා කාරියවසම්, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සමන් ජයසේකර, දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ  ලේකම් කාර්යාල නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!