spot_img
spot_imgspot_img

“කදිරාණ පාසලේ නර්තනයේ විනය කඩවීමක් නෑ” කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තීරණය කරයි

පුවත්

විදෙස්

මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ ගරුවරු සහ ළමයින් එකව මත්පැන් සම්බන්ධ පදවැලක් සහිත ගීතයකට නර්තනයේ යෙදීමේ දී විනය කඩවීමක් සිදුව නැති බවත්, ඒ ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවක් නැති බවත් කලාප අධ්‍යාපන කාර්යාලය විසින් බස්නාහිර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ.

කලාප අධ්‍යාපන අධයක්ෂ ආර්.ඩී.එන්.පී.චන්ද්‍රසේන විසින් යොමුකර ඇති ලිපියක දැක්වෙන්නේ ඔක්තෝබර් මස 06 වැනි දා පාසලේ පැවැති උත්සවයක දී පාසල් සිසුන් සමඟ එක්ව ගුරුවරු ගීතවලට නර්තනයේ යෙදී ඇති බවයි. එහි දී චෝදනාවට ලක්වූ මත්ද්‍රව්‍ය පිළිබඳ පදවැලක් සහිත පැරණි චිත්‍රපට ගීතය පූර්ව දැනුම් දීමකින් තොරව වාදනය වී ඇති බවත් එය අනපේක්ෂිත සහ අහඹු සිද්ධියක් බවත් එම ලිපියේ දක්වා ඇත. මේ හේතුවෙන් එම අවස්ථාවට සහභාගී වූ පාර්ශව මගින් වරදක් හෝ විනය කඩවීමක් සිදුව නොමැති බැවින් ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවශ්‍යතාවක් නොමැති බවත් මීගමුව අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධක්ෂවරයා ලිඛිතව දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!