කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 24,568 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,578 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 20ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,931 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 260
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 182
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 174
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 21
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
- රේණුක ඇග්රි සමාගම කොටස් මිලියන 03
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සෙලෙන්සිං සමාගම 24%
- ගෝල්ෆේස් කැපිටල් සමාගම 18%
- ඩිමෝ සමාගම 16%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 1.9ක් රුපියල් 55.00 බැගින්
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11.9ක් රුපියල් 08.40 බැගින්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 600,000ක් රුපියල් 138.00 බැගින්
- හුන්නස් ෆෝල්ස් හොටෙල් සමාගම කොටස් ලක්ෂ 09ක් රුපියල් 40.00 බැගින්
- ලංකා අයිඕසී සමාගම කොටස් 100,000ක් රුපියල් 288.00 බැගින්
- ඇග්ස්ටාර් සමාගම කොටස් ලක්ෂ 18ක් රුපියල් 16.50 බැගින්
- සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 85.00 බැගින්
- සීඅයිසී සමාගම (X) කොටස් ලක්ෂ 04ක් රුපියල් 70.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 425
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 190
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 209ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 139ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 70ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 59
- හුන්නස් ෆෝල්ස් සමාගම රුපියල් මිලියන 34
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 33
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 60
- ලංකා වෝල්ටයිල්ස් සමාගම රුපියල් මිලියන 10
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 07
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ