spot_img
spot_imgspot_img

ගුරු උපහාරයට මුදල්‍ නොදුන්නා යැයි විිදුහල්පතිගෙන් කොසු පහර කෑ දැරිය රෝහලේ

පුවත්

විදෙස්

ගුරු උපහාර උළෙල පැවැත්වීම සඳහා එකතු කළ මුදල නොගෙවූ සිසුවියකට විදුහල්පතිවරයා විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම සිසුවිය දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

හැටන්, පතන, බෝගහවත්තේ පාසලක ඉගෙනුම ලබන  සිසුවියගේ සහෝදරයා විසින් රුපියල් 300.00ක මුදල නොගෛවීම සම්බන්ධයෙන් උරණ වූ විදුහල්පතිවරයා ඇගේ සොහොයුරාට බැන වැදී තිබේ.

විදුහල්පතිවරයා සිය සොහොයුරාට බැනවදින අවස්ථාවේ දී එලෙස නොබනින ලෙසත් පියා පාසල ආසන්නයේ සිටින බැවින් මුදල් ඉල්ලාගෙන එන්නම් යැයි සොයුරිය පවසා ඇත.

ඒ සමඟම තවත් කෝපයට පත් වූ විදුහල්පතිවරයා තමන්ට කොසු මිටකින් පහර දුන් බවත්, තමන් බේරීමට දිව යන විට පිටුපසින් පන්නා පහරදුන් බවත් ඇය පොලිසියට පවසා ඇත.

මේ අවස්ථාවේ දී දරුවන් දෙදෙනාගේ පියා පැමිණ ඔවුන් බේරාගන්නා තුරු විදුහල්පතිවරයා පහරදුන් බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම පවුලේ දරුවන් සිව් දෙනෙකි. ආර්ථික අපහසුතා හේතුවෙන් ඔවුන්ගේ මව ගෘහ සේවය සඳහා විදේශගත වී සිටින්නීය.

මෙම පහරදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පවසන්නේ විනය හේතුවක් මත දැරියට කුඩා ‍කෝටුවකින් පහර දුන් බවයිි.

පාසල් සංවර්ධන සමිතියේ යෝජනාවක් අනුව ගුරු උපහාර උළෙලක් සඳහා මුදල් එකතුකරන්‍නේ පාසලේ ශිෂ්‍ය නායිකාවක් විසින් බවත් මුදල් ඉල්ලා එවැනි පහරදීමක් සිදු නොකළ බවත් විදුහල්පතිවරයා පවසයි.

මීට අමතරව එම සිසුවියගේ පියා පාසලට පැමිණ තමන්ට පහරදීමට තැත් කළ බවත්. ඒ සම්බන්ධයෙන් දිඹුල පතන රෝහලට පැමිණිල්ලක් කළ බව ද විදුහල්පතිවරයා කීවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!