කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 34,629 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,335 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 35කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,025 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 626
- ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 326
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 283
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
- රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 06
- ලංකෙන් ඩිවෙලෙප්මන්ට් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එල්සීබී ෆිනෑන්ස් සමාගම 25%
- ඔෆිස් ඉක්‍යුප්මන්ට්ස් සමාගම 16.4%
- ලංකෙම් සිලෝන් සමාගම 16.3%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 436
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 248
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 198
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 73 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 36ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 37ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 09
- සීඅයිසී සමාගම රුපියල් මිලියන 09
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 08
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 05
- ඩිප්ට් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 03
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 1.9
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ