1.3 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 34,629 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,335 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 35කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,025  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 626
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 326
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 283

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 06
  • ලංකෙන් ඩිවෙලෙප්මන්ට් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එල්සීබී ෆිනෑන්ස් සමාගම 25%
  • ඔෆිස් ඉක්‍යුප්මන්ට්ස් සමාගම 16.4%
  • ලංකෙම් සිලෝන් සමාගම 16.3%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 436
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 248
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 198

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 73 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 36ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 37ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 09
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 09
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 08

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 05
  • ඩිප්ට් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 03
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 1.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img