spot_img
spot_imgspot_img

2015 සිට ගබඩාවල දිරාපත් වන වී තොගයක් ගැන අනාවරණයක්

පුවත්

විදෙස්

සත් වසරකට පෙර මිල දී ගත් වී කිලෝ ග්‍රෑම් 65,000ක් අරලගංවිල ගබඩාවක දිරාපත් වන බවට ගොවීහු චෝදනා කරති.

ඔවුන් පවසන්නේ මහවැලි බී කලාපයට අයත් අරලගංවිල, විජයපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලින් මිල දී ගත් වී තොගයක් මෙලෙස විනාශ වන බවයි.

2015 වර්ෂයේ දී මෙම වී ගබඩාව ආරම්භ කර ඇති අතර එහි ගබඩාකර ඇත්තේ යල කන්නයේ මිල දී ගත් වී තොග පමණි. ඉන් පසු ගබඩාව වී තොග සමඟ ම අතහැර දමා ඇති අතර දැන් බෙහෙවින් අබලන්ව ඇත. වන අලි පවා ඊට හානිකර ඇත. ඇතැම් පුද්ගලයෝ එහි තහඩු පවා ගලවා ගෙන ගොස් ඇතැයි ගොවීහු චෝදනා කරති. වහළ පවා දිරාපත් වී, වී තොග තෙමෙන බව ද ඔවුන් පවසයි.

එම ගබඩාවට වී තොග එකතු කර නැතත් ඉන් පසු තවත් වී ගබඩාවක් ඒ ආසන්නයේ ම ඉදිකර ඇත. නමුත් එම ගබඩාව ද මෙතෙක් විවෘත නොකර ප්‍රයෝජනයට නොගෙන වසා දමා තිබේ.

මහවැලි බී කලාපයේ ව්‍යාපෘති කමිටුවේ හිටපු ලේකම් සරත් රාජක්ෂ පවසන්නේ රුපියල් ලක්ෂ 100ක් වියදම් කරමින් ඉදිකරන ලද වී ගබඩා දෙකක් මෙලෙස දිරාපත් වෙන්නට ඉඩහැර තිබීම අපරාධයක් බවයි. මෙම ගබඩා සංකීර්ණ ප්‍රයෝජනයට නොගන්නේ නම් වෙනත් කර්මාන්තයක් හෝ එහි ආරම්භ කරන ලෙසත් ගොවීන්ට වී ගබඩා කිරීමට වෙනත් තැනක් සාදා දෙන ලෙසත් ගොවි සංවිධාන ඉල්ලා ඇති බව ද සරත් රාජපක්ෂ කියා සිටියේය.

වාර්තාවන ආකාරයට මේ ගබඩාව වී අළෙවි මණ්ඩලයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකරු යටතේ පවතින්නකි. ඒ පිළිබඳ විමසූ විට අම්පාර දිස්ත්‍රික් කළමනාකරු ශාන්ත කුමාර පවසන්නේ දිරාපත් වෙමින් පවතින්නේ අබිලි වී තොගයක් බවයි. එතැන කිලෝ ග්‍රෑම් 5,000ක් පමණක් ඇති බවත් ඔහු පවසයි. එම අබිලි වී තොගය ඉවත් කිරීමට කමිටුවක් පත් කළ යුතු බව ද හෙතෙම කීවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles