spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 33,553ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,256ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 205 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,071ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 950
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 507
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 362

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 19
  • ඇග්සටාර් පොහොර සමාගම කොටස් මිලියන 10
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ලංකෙම් සිලෝන් සමාගම 23%
  • ප්‍රින්ට් කෙයාර් සමාගම සමාගම 19%
  • ඇක්මි සමාගම 16%

සංවෘත කවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 1.4 රුපියල් 220.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 04ක් රුපියල් 51.00 බැගින්
  • ලංකෙම් ඩිවලොප්මන්ට් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 30.00 බැගින්
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම කොටස් ලක්ෂ 2.7ක් රුපියල් 150.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 423
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 265
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 176

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 991ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 293ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 698ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 595
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 339
  • බීබීපීඑල් සමාගම රුපියල් මිලියන 05

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 204
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 14
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles