spot_img

රත්නපුරයට ගංවතුර අවදානමක් ?

පුවත්

විදෙස්

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකට ගංවතුර තර්ජනයක් හටගෙන තිබේ.

පැල්මඩුල්ල, නිවිතගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයන්හි කළු ගඟ ද්‍රෝණිියේ පිහිටා ඇති පහත් බිම්වල අද (31) සවස සිට ගංවතුර තත්වයක් ඇතිවිය හැකියැයි ජාතික ආපදා කළමනාකරණ මධයස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

කළු ගඟ පෝෂක ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇතිවීම හේතුවෙන් මේ අවදානම හටගෙන තිබේ. දැනටමත් පහත් බිම් වැසි ජලයෙන් පිරී ඇති බැවින් ගඟ පිටාර ගැලුව‍ොත් ගංවතුර මට්ටම වේගයෙන් ඉහළ යා හැකි බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් ජලය පිරී ඇති මාර්ගවල ගමන්කිරීම, පහත්බිම් ආශ්‍රිත ප්‍රදේශවල සිටීම අනතුරුදායක බැවින් ආරක්ෂිතව සිටින ලෙසත් පහත්බිම්වල පදංචි පුද්ගලයන්ට ඉන් ඉවත්වන ලෙසත් අනතුරු අඟවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles