spot_img

තෙල් හිඟයක් යළි ඇතිවෙයි ද ? තෙල් තොග ගැන රජය කියන කතාව

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව තුළ අවශ්‍යතරම් ඉන්ධන තොග තිබෙන බවත් හිඟයකින් තොරව බෙදාහැරි හැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති බැවින් පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් නිෂ්පාදනය සිදුවන බවත් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඊට අමතරව කොළොන්නාව සහ මුතුරාජවෙල තොග ගබඩාවල ප්‍රමාණවත් තරම් තෙල් තොග පවතින බව ද සංස්ථාව කියයි.

එසේ වුව ද ඇතැම් කණ්ඩායම් තෙල් හිඟයක් පවතින බවට වැරදි ප්‍රචාරයක් ගෙන යන බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරයි. සංස්ථාව පවසන්නේ ඉදිරියේ ඉන්ධන ගෙනඒම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ද මේ වනවිට සිදුකරන බැවින් අඛණ්ඩ තෙල් සැපයුමක් ලබාදිය හැකි බවයි.

කෙසේ වෙතත් වැරදි ප්‍රචාර හේතුවෙන් ඉන්ධන ලබාගැනීමට අනවශ්‍ය තදබදයක් ඇතිකර නොගත යුතු යැයි ද එම නිවේදනයේ දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles