spot_img
spot_imgspot_img

පිරිමි දරුවන් කෙලසූ ගාල්ලේ කපුවා රිමාන්ඩ්

පුවත්

විදෙස්

පාසල් සිසුන් පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනා ලැබ සිටි ගාල්ල මැටරඹ දේවාලයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ලබන මස 06 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (23) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ කීර්ති කුමාර බටගොඩ නමැති 44 හැවිරිදි පුද්ගලයෙකි.

ගාල්ලේ පාසල් කිහියක සහ කොළඹ පාසල් කිහියක දරුවන් ඔහු විසින් අප‍යෝජනයට ලක්කළ බවට තොරතුරු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. සැකකාර කපුව මෙරට ප්‍රධාන රූපවාහිනී නාලිකා දෙකක වැඩසටහන් පවත්වාගෙන යමින් දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඇති බව ද අපයෝජනයට යොදාගන්නා පිරිමි ළමයින්ට ටැබ් යන්ත්‍ර, ස්මාර්ට් දුරකථන සහ මුදල් ත්‍යාග ලබා දී ඇතැයි ද අපරාධ පරක්ෂණ පෙදාර්තමේන්තුව අනාවරණ්‍ය කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දී කියා සිටියේ සැකකාර කපුවා දරුවන් අපයෝජනයට ලක්කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන රැගෙන ඇති බවට ද අනාවරණය වූ බවයි. එමෙන්ම අපයෝජනයට ලක්කළ දරුවන් ඔහුගේ මිතුරන්ට ද යොමුකර ඇති බව අනාවරණය වී තිබේ.

ඔහු නිර්මාංශික පුද්ගලයකු ලෙස පෙනී සිටින බවත් දරුවන්ට තෑගි බෝග දෙමින් උදව් උපකාර කරමින් දෙමාපියන්ගේ සිත් දිනාගෙන ඇති බව ද පවසයි.එමෙන් ම එක්තරා උසස් පොලිස් නිලධාරියෙක් මේ කපුවා පොලිස් කූඩුවට නොදමා ඉන් පිටතින් තබන ලෙස ට උපදෙස් දුන් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිලධාරියාගේ පරිහරණයට සුඛෝපභෝගී රථයක් ද ‍කපුවා විසින් ලබා දී ඇති බව ද වාර්තා වේ.

සැකකරා කපුවා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අගතියට පත් දරුවන් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් ම අද (23) පෙනී සිටියේය. අජිත් කුමාර, විශ්වනාත් අරඹෙවෙල, ජගත් මාසකෝරාළ, අවන්ති තරංගිකා, ගෝපිකා ලොකුගේ සහ ජයමිණි ජයතිලක ඇතුළු නීතිඥවරු  එසේ පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!