spot_img
spot_imgspot_img

පාන් රුපියල් 50.00කින් අඩුකළ හැකියැයි බේකරි හිමියෝ කියති

පුවත්

විදෙස්

රජයේ සහය ලැබෙන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 50.00කින් අඩුකළ හැකියැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාති එන්.කේ.ජයවර්ධන අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

ඔහු පවසන්නේ පිටි, සීනි, මාගරින් සහ බිත්තර මිල විශාල ලෙස ඉහළ යාම ‍හේතුවෙන් පාන් සහ බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමට සිදුවූ බවයි.

නමුත් මේ වනවිට එම ද්‍රව්‍ය අළෙවියේ දී අසාධාරණ මිල අය කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බව ද ‍ඔහු පෙන්වා දෙයි.

රුපියල් 200.00කට ලබාගත හැකි පාන්පිටි රුපියල් 280.00කට බේකරි හිමියන්ට මිල දී ගැනීමට සිදුව ඇති බවත් බිත්තර මිල ද අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවත් ඔහු පවසයි. රජය බිත්තර සඳහා පාලන මිලක් නියම කළ ද එම මිලට බිත්තර වෙළෙඳ පොළෙහි නැතැයි ද ඔහු කීවේය.

මේ වෙළෙඳ මාෆියාව නතර කිරීමට රජය සහය දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50.00ක් වැනි මුදලකින් ද අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ද සැළකිය යුතු ලෙස පහළ දැමිය හැකි බව ජයවර්ධන කීවේය.

බනිස් ගෙඩියක් රුපියල් 25.00කින් අඩුකළ හැකි බව ද ඔහු කියයි.

“පාන් කියන්නේ දැන් රටේ ජනතාව පහසුවෙන් සපයා ගන්නා නිෂ්පාදනයක්. මේ මිල අඩුකිරීමට රජයේ සහය ලබා නොදුන්නොත් බිස්කට් කන්න එපා කියා ජන මතයක් ඇතිවුණා වගේ පාන්වලටත් විරෝධතාවක් එල්ලවිය හැකියි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේ අමුද්‍රව්‍ය මාෆියාව නතර කරන්න. එවිට අපි ජනතාවට රුපියල් 50.00ක් පමණ අඩුවෙන් පාන් සපයන්නම්.”

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!