මහනුවර පැවැති විවාහ උත්සවයකින් ආහාර ගත් 600ක පමණ පිරිසක් සමඟ මනාල යුවළ ද රෝගීව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවූයේ හෝටලයේ ජලයේ තිබූ වරදක් හේතුවෙන් විය හැකියැයි සෞඛ්‍ය අංශ පවසයි.
මහනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ විවාහ උත්සවය පසුගිය 05 වැනි දා අම්පිටියේ ගෝල්ඩන් ක්‍රවුන් නමැති හෝටලයේ දී පැවැත්විණි. මේ සඳහා විශාල පිරිසක් සහභාගී වූ අතර උත්සවයෙන් අනුරුව මධුසමය ගත කිරීමට මැලේසියාවට යාමට ගුවන්තෙටුපොළට ගාමට සිටි මනාල යුවළටත් ඒ වෙනුවනට රෝහලට ගොස් ප්‍රතිකාර ගැනීමට සිදුව තිබිණි.
ඒ වනවිටත් උත්සවයට සහභාගී වූ විශාල පිරිසකට රෝහල්ගත වී සහ වෛද්‍යවරු මුණ ගැසී ප්‍රතිකාර ගැනීට පවා සිදුව තිබිණි.
මෙම උත්සවයෙන් පසු බොහෝ දෙනකුට උණ, හිසරදය, වමනය, බඩඑළිය යාම වැනි රෝග ලක්ෂණ දින තුනක් පමණ තිබී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මෙලෙස පුද්ගලයන් රෝගී වීමට හේතුවන්නට ඇත්තේ ජලය බවට සෞඛ්‍ය අංශ සැකකරන්නේ එදිනම එම හෝටලයේ පැවති තවත් මංගල උත්සව දෙකකට ද සහභාගී වූ පිරිස් රෝගීවීමයි.
මංගල උත්සව තුන සඳහා එකනෙකට වෙනස් වූ කෑම භාවිතා කර ඇති අතර ඒවා සකසා ඇත්තේ ද එකිනෙකට වෙනස් තැන්වල දී ය. නමුත් මෙම මංගල උත්සව දෙක සඳහාම පානීය ජලය සපයා ඇත්තේ එකම ස්ථානයකිනි.
එබැවින් මෙහි හේතුව නිසි පරිදි අනාවරණය කර ගැනීම සඳහා ජල ටැංකියේ ජල නියැදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරය වෙත යොමුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.