පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටවු හෙවත් COPE කමිටුවෙන් එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය නාලක ගොඩහේවා යන දෙදෙනා ඉවත්කර ඇති අතර සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාට ලබා දීමේ සූදානමක් ඇතැයි rata.lk වෙත වාර්තා වේ.
ආණ්ඩුවෙ අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේ දී ක්‍රියාත්මක වූ කෝප් කමිටුවේ සාමාජිකයකු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ද ඉන් ඉවත්වන බවයි.
මේ අනුව කෝප් කමිටුවේ නව සාමාජිකයන් ලෙස නිමල් ලංසා, ලොහාන් රත්වත්තේ සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්කිරීමට නියමිත බවද වාර්තා වේ.
මහාචාර්ය චරිත හේරත් පේරාදෙණිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු දීර්ඝකාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ විද්වතකු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු එහි මහාචාර්ය ධූරයට ද පත්ව සමාජ විද්‍යා අංශයේ අංශාධිපති ලෙස ද කටයතු කළේය.
ඔහු කෝප් කමිටුවේ සභාපතිත්ව දැරූ කාලවකවානුවේ දී මෙරට පොදු ව්‍යාපාර සම්බන්ධයෙන් ඉතා සෘජු ප්‍රශ්නකිරීම් සිදුකළ අතර බොහෝ වංචා සහ දූෂණ රැසක් හෙළිකරන ලදී. ශ්‍රී ලංකා මහබැංකුව, විදුලි බල මණ්ඩලය ආදී රාජ්‍ය ආයතන රැසක ගැටලු එමගින් අනාවරණය වී අතර දේශපාලකයන් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් පවා වංචා දූෂණවලට ආධාර අනුබල දී ඇති ආකාරය රටේ ජනතාව හමුවේ අනාවරණය වී තිබිණි.
වංචා සහ දූෂණවලින් තොර සුදෝ සුදු චරිතයක් ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සියලු කමිටු අහෝසිවෙයි. ඒ අනුව කෝප් කමිටුව ද අහෝසි වූ අතර ඒ සඳහා නව සාමාජිකයන් පත්කරගත යුතුය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කමිට සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පවා ප්‍රකාශ කළේ එම කමිටුවල නායකත්වයේ වැඩි වගකීමක් විපක්ෂයට ලබාදෙන බවයි.
නමුත්, ඔහු මහාචාර්ය චරිත හේරත් කෝප් කමිටු සභාපතිත්වයෙන් පමණක් නොව සාමාජිකත්වයෙන් ද ඉවත්කිරීමට අනුමැතිය දී ඇති අතර මේ දිනවල දී ඔහුගේ සමීපතම දේශපාලන හිතවතකු බවට පත්ව සිටින නිමල් ලංසාට එහි සභාපතිත්වය ලබා දීමට සූදානමින් සිටියි.
දේශපාලන විචාරකයන් පවසන්නේ මෙය වංචා සහ දූෂණ සිදුකර ඇති රාජ්‍ය නිලධාරීන් මෙන්ම ඔවුන් සමඟ එක්ව සිටින දූෂිත දේශපාලකයන් ආරක්ෂා කිරීම සඳහ ආණ්ඩුවේ කූඨ උපක්‍රමයක් බවයි.
සමාජ විද්‍යා මහාචාර්ය චරිත හේරත් වෙනුවට සභාපතිත්වයට පත්කිරීමට සැළසුම් කර ඇති නිමල් ලංසා සමඟ පත්වීමට නියමිත කෝප් කමිටුවේ සාමාජික ලේඛනය පහතින් දක්වා ඇත.
- නිමල් ලංසා
- රෝහිත අබේගුණවර්ධන
- මහින්දානන්ද අලුත්ගමගේ
- සරත් වීරසේකර
- ලොහාන් රත්වත්ත
- මහින්ද අමරවීර
- සංජීව එදිරිමාන්න
- මධුර විතානගේ
- ඉන්දික අනුරුද්ධ
- ජගත් පුෂ්පකුමාර
- ඩී.වී.චානක
- ප්‍රේමනාත් සී.දොලවත්ත