spot_img
spot_imgspot_img

ගාල්ලේ පාසල් රැසක සිසුන් අප‍යෝජනය කළැයි, දේවාල කපුවා අත්අඩංගුවට

පුවත්

විදෙස්

ගාල්ලේ උණවටුන, මැටරඹ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් පාසල් සිසුන් රවටාගෙන ලිංගික අපයෝජනය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ස්වර්ණවාහිනී, ටීවී 1 වැනි නාලිකාවල වැඩසටහන් ඉදිරිපත් කරමින් නක්ෂත්‍රය, නොපෙන මානයන් ගැන කතා කළ ඔහු හොර ආචාර්ය උපාධියක් ද ඉදිරියට දමමින් දේශමාන්‍ය ගෞරව නාමයක් ද ව්‍යාජ ලෙස භාවිතා කරමින් මෙම දේවාලය පවත්වාගෙන ගොස් ඇත.

මැටරඹ සතර මහා දේවාලය නමින් පවත්වාගෙන යන එම ස්ථාන‍යේ වාර්ෂික පෙරහැරක් ද සංවිධානය කෙරෙන අතර ඔහු වාහන කිහිපයක් සහ පුද්ගලික ආරක්ෂකයන් ද භවිතා  කරන කෝටිපතියෙක් බව ද පොලිසිය පවසයි.

දේශමාන්‍ය ආචාර්ය කීර්ති කුමාර බටගොඩ යනුවෙන් ව්‍යාජ තනතුරු සහ උපාධි භාවිතා කරමින් කටයුතු කළ මෙම පුද්ගලයා 44 හැවිරිදි වියේ පසුවෙයි. ඔහු තම නමින් පදනමක් පවත්වාගෙන යමින් පාසල් සිසුන්ට, අඩු ආදායම් ලාභීන්ට උදව් කරන බව ද පවසමින් සිසුන් රවටාගෙන ඇතැයි ද පොලිසියට කර ඇති පැමිණිලිවල සඳහන් වෙයි.

මෙම පුද්ගලයා තම දරුවන් රවටා ලිංගික අපයෝජන සිදුකර ඇතැයි ගාල්ලේ පාසල් කිහිපයක සිසුන්ගේ දෙමාපියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව සති කිහිපයකට පෙර විමර්ශන ආරම්භ කර තිබිණි.

පොලිස් මූලස්ථානය පවසන්නේ අදාල පුද්ගලයා වට්ස් ඇප් මාර්ගයෙන් සිසුන් සමඟ සම්බන්ධ වී ඔවුන් රවටාගෙන ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව සිසුන් කිහිප දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විසින් සිසුන් විවිධ ස්ථානවලට රැගෙන ගොස්  අපයෝජනය කර ඇති බව ද දේවාලයක පූජකයකු ලෙස පෙනී සිටීමෙන් ජනතාවට සැක නොසිතෙන ලෙස මෙවැනි අපචාර කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් ක‍රයි.

ඔහු විසින් පාසල් දරුවන් අපයෝජනයට ලක්කරන වීඩියෝ පට කිහිපයක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති. මූලික ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!