spot_img
spot_imgspot_img

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතා අපේක්ෂා ඉටුවේද ? ඔබත් කියවා බලන්න

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදයට හේතු වූයේ විධායක ජනාධිපති ධූරයේ අසීමාන්තික බලය සහ පාර්ලිමේන්තුවට තිබූ බලතල අඩුකිරීම බව පසුගිය දා දැඩි කතාබහට ලක්විය.

එබැවින් මේ ප්‍රශ්න විසඳීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවත් අවම වශයෙන් 19 වැනි ව්‍යවස්ථාවේ තිබූ සාධනීය කරුණු හෝ ඇතුළත් විය යුතු බවත් අරගලකරුන්ගෙන් ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ද යෝජනා කෙරිණි.

අද (10) පාර්ලිමේන්තුවට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ එය ඉදිරිපත් කළේය.

එම ව්‍යවස්ථා කෙටුමපතෙහි පහත සඳහන් කරුණු දක්නට ලැබෙයි.

  • 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා මෙම 22 වැනි ව්‍යවස්ථාවට ද ඇතුළත්ය.
  • එම කොමිෂන් සභාවල සභාපතිවරුන්, සමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත්කරන්නේ වුව ද ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය ගත යුතුය.
  • එමෙන් ම නීතිපතිවරයා, විගණකාධිපතිවරයා වැනි පාර්ලිමේන්තුවෙන් පත්කරන උසස් නිලධාරීන්, ශ්‍රේෂ්ඨාධිකරණන හා අභියාචනාධිකරණ විනිසුරුවන් පත්කිරීම ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව කළ යුතු වෙයි.
  • දැනට පාර්ලිමේන්තු සභාව ලෙස හඳුන්වන සභාව 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස වෙනස් වෙයි.
  • එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ කතානායකවරයා විසිනි. අගමැතිවරයා, විපක්ෂනායකවරයා සහ ජනාධිපතිවරයා විසින් එක් මන්ත්‍රීවරයකු බැගින් ඊට පත්කළ යුතුය
  • ඊට අමතරව ජනාධිපපතිවරයා පත්කරනු ලබන මන්ත්‍රීවරු 05 දෙනකු ද ඊට ඇතුළත් නමුන් ඔවුන් පත්කළ යුත්තේ මන්ත්‍රීවරුන්ගේ නාම යෝජනා අනුවය
  • එහි දී ආණ්ඩුව නියෝජනනය කරන මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟත්වයෙන් පත්කරන එක් මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයා අයත්වන දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟතාවයේන එක් අයෙක් අගැතිවරයා සහ විපක්ෂ නායකවරයා විමසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බහුතර එකඟත්වය මත කතානායක විසින් නම් කරනු ලබන තිදෙනෙක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත් වෙයි.
  • මීට අමතරව ආණ්ඩුව සහ විපක්ෂනායකවරයා අයත් මන්ත්‍රී කණ්ඩායම නියෝජනය නොකරන මන්ත්‍රීවරුන්ගේ බහුතර එකඟත්වය මත පත්කරන මන්ත්‍රීවරයකු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇතුළත්ය.
  • ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමේ හැකියාව ද මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි වී යයි.
  • මහ බැංකු අධිපතිවරයා පත්කිරීමේ දී ද ජනාධිතිවරයාට හිමිව තිබූ බලය සීමාකර ඇත. එම පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභබාවේ නිර්දේශය ද අවශ්‍ය වෙයි.
  • අගමැතිවරයා ධූරයෙන් ඉවත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය නව සංශෝධනයෙන් අහෝසි කර ඇත.
  • කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව 30ක් සහ කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍යධූරවල එකතුව 40ක් විය යුතු බ ව ද 22 වැනි සංශෝධනයට ඇතුළත් කර තිබේ.
  • එමෙන් ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ දී පාර්ලිමේන්තුවේ අභිමතය පරිදි අමාත්‍යධූර සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙම සංශෝධනයට ඇතුළත් කර තිබේ.
  • ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ආරම්භයේ සිට වසර දෙකහමාරක් ගත වූ පසු විසරුවා හැරිය හැකිය යන බලය ද මෙම ව්‍යවස්ථාවට එළෙසින් ම ඇතුළත් කර ඇත.
  • 22 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට තමන් භාරයේ තබාගත හැකින්නේ ආරක්ෂක අමාත්‍යාංශ ධූරය පමණි.
  • එසේ වුව ද යම් විෂයයක් අමාත්‍යවරයකුට පවරා නොමැති අවස්ථාවක දී දින 14ක් නොඉක්මවන කාලයක් සඳහා එම කාර්යයන් සහ කර්තව්‍යයන් ජනාධිපතිවරයාට ඉටුකිරීමට හැකියාව ලැබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!