spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාවේ අර්බුදයෙන් IOC දැවන්ත ලාභයක් ලබයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ගත වී ඇති ඉන්ධන අර්බුදයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම වාර්තාගත ලාභයක් ලබාගෙන ඇත.

එම සමාගම 2021/22 සමස්ත මූල්‍ය වර්ෂයට ම ලබාගත් ශුද්ධ ලාභය මෙන් දෙගුණයක ලාභයක් අප්‍රේල්, මැයි සහ ජුනි මාසවල දී අත්පත් කරගෙන තිබේ.. එම සමාගම 2021/22 සමස්ත වර්ෂයේ දී ම බදු ගෙවීමෙන් පසු වාර්තා කරගෙන තිබූ සමස්ත ලාභය රුපිපයල් බිලියන 4.81කි.

2022 වර්ෂයේ අප්‍රේල් සිට ජුනි දක්වා ගත වූ මාස 03ක කාලයේ දී පමණක් බදු ගෙවූ පසු එම සමාගම උපයාගෙන ඇති ලාභය රුපියල් බිලියන 9.92ක් බවට වාර්තා වී ඇත.

අදාළ කාර්තුව සඳහා වන මූල්‍ය දත්ත අද (05) පෙරවරුවේ ලංකා IOC සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබූ අතර එහි දත්ත අනුව රු. බිලියන 49.93 ක ආදායමක් මෙම කාර්තුව තුළ දී උපයා තිබේ. එම සමාගම උපයාගෙන ඇත.

ලංකා IOC සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 75.12% ක් හෙවත් කොටස් මිලියන 400 ක හිමිකාරීත්වය ඇත්තේ එහි මව් සමාගම වන ඉන්දියාවේ Indian Oil Corporation Limited සතුවය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 30,441ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,748 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 104කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,333ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,165
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 588
  • මේල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 267

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 18
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 12
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එච්එන්බී ලීසිං සමාගම (X) 50%
  • හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම 46%
  • කමර්ෂල් ක්‍රෙඩිට් සමාගම 36%

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 2.76ක් රුපියල් 43.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 399
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 240
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 164

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 50ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 316 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 266ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් අද ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ‍චෙවරෝන් ලුබ්‍රිකන්ට් සමාගම රුපියල් මිලියන 3.5
  • සන්ෂයින් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 2.9
  • ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 2.5

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 141
  • එක්ස්පෝ ලංකා  සමාගම රුපියල් මිලියන 18
  • සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!