spot_img
spot_imgspot_img

කොරෝනා රැල්ලක් අත ළඟ. මුඛ ආවරණ පළඳින්න

පුවත්

විදෙස්

මේ වනවිට ලෝකය පුරා පැතිරයමින් තිබෙන නව කොරෝනා ප්‍රභේදය අහදුනාගැනීම අපහසු බැවින් ගෘහස්ථ එක්රැස්වීම්වල දී මුඛ ආවරණ පළදින ලෙස සෞඛ්‍ය ‍වෘත්තීය‍වේදීන්ගේ විද්වත් සංගමය ඉල්ලා සිටියි.

එම සංගමයේ සභාපති රවී කුමදේෂ් මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට යළි කොරෝනා රැල්ලක් ඇතිවෙමින් පවතින බව සංඛ්‍යාලේඛන දත්ත අනුව පැහැදිළිවන බවයි. කොරෝනා පරීක්ෂණ සිදුකිරීම දැන් අතිශය සීමා කර ඇති බැවින් සමාජයේ සිටින සැබෑ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හඳුනාගත නොහැකි බවත් තැනින් තැන වාර්තාවන කොරෝනා ආසාදිතයන් වැඩිවීමෙන් දැන් නැවත කොරෝනා රැල්ලක් ඇතිවෙමින් පවතින බව සනාථ වන්නේ යැයි ද හෙතෙම පෙන්වා දෙයි.

රවි කුමදේශ් වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අවදානම් සහ අවිධිමත් තත්වයක පවතින බවයි. එබැවින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොකළහොත් විශාල කොරෝනා රැල්ලකට මුහුණ දීමට සිදුවන බව ද ඔහු කියා සිටියේය.

“දැනට ලැබෙන තොරතුරු අනුව මේ නව කොරෝනා ප්‍රභේදය නිසා උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂවලට වඩා සන්ධි වේදනාව, හිසරදය, බෙල්ලේ වේදනාව, නිව්මෝනියාව වැනි රෝග ලක්ෂණ ඇති බව පර්යේෂකයන් පවසනවා. දැන් පැතිරෙන මේ නව ප‍්‍රභේදයේ භයානක කම ඩෙල්ටා ප්‍රභේදයට වඩා පස් ගුණයකින් පමණ දරුණුයි. මරණ අනුපාතයත් වැඩියි. ඒ වගේ ම රෝගය වර්ධනය වීමට ගතවන කාලයත් ඉතාමත් අඩු බව පෙනෙනවා. මේ වයිරසය සෘජුව ම පෙනහළුවලට ආසාදනය වන නිසා නිව්මෝනියා තත්වය ඇතිවෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සියලු ශ්‍රී  ලාංකිකයන්ගෙන් හැකිතාක් ප්‍රවේශම් වෙන්න. විවෘත ස්ථානවල සමාජ දුරස්ථබව තබාගන්න. අනිවාර්යයෙන් ම මුඛ ආවරණ පළඳින්න.”

ඔහු පවසන්නේ රජයේ නීති හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් ලැබෙන තුරු ජනතාව හැකිතාක් ආරක්ෂා වී සිටිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!