ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවයරයා සහ ආණ්ඩුව 13 වැනි දා සම්පූර්ණයෙන් ම ඉල්ලා අස් නොවුණහොත් 14 වැනි දා සිට සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව රටපුරා දැවැන්ත හර්තාලයක් අරඹන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සම ලේකම් වසන්ත සමරසිංහ මෙසේ කීවේය.
“ජනාධිපති ගෝඨාභය සහ අගමැති රනිල් 13 වනි දා ඉවත් නොවනවානම් අපි දීප ව්‍යාප්ත මහා හර්තාලයක් අරම්භ කරනවා. එදාට වරාය නවතීවි, රෝහල් නවතීවි. බැංකු නවතීවි. දුම්රිය නවතීවි. බස් නවතීවි. කඩ වැහෙයි. මේක ඇතුලේ තවදුරටත් ගේම් ගහන්න හැදුවොත් සියලු දේ නවතීවි.”
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් පවසන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා බොරු සෙල්ලම් දාලා පරණ සෙල්ලම් කරන්න එපා යනුවෙනි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.
“එහෙම කරන්න හිතනවානම් ලොකු වැරදීමක් කවුරු ආණ්ඩු කරත්, කවුරු කැබිනට් මණ්ඩලය පත්කරත් ඔවුන්ට සිද්ධවෙනවා අරගලයේ අපේකෂාවන් සමඟ සම්මුතියකට එන්න.”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බව තමන්ට දැනුම් දී ඇතැයි ඊයේ (09) කතානායක මහින්ද යාපා අබේවර්ධන කීවේය.