මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවියකට ගුරුවරියක විසින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් එම සිසුවිය රෝහල්ගත කර තිබේ.
මෙම ගුරුවරිය පාසලේ සෞන්දර්යය විෂයයක් උගන්වන අයෙකි.
මේ සිද්ධිය යටපත් කර විද්‍යාලයේ කීර්තිනාමය ආරක්ෂා කිරීමට යැයි පවසමින් අදාල ගුරුවරිය බේරාගැනීමට මහරගම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන පාසලේ ම ගුරුවරියක් ද දැඩි උත්සාහයක් ගනිමින් පවතී.
මේ සම්බන්ධයෙන් මහරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර තිබේ. ඒ අනුව අදාල ගුරුවරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
ගුරුවරියගේ පහරදීමේ වේදනාවව හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත්කළ සිසුවිය ඇතිවූ මානසික පීඩනය හේතුවෙන් ම වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත මානසික උපදේශනය සඳහා ද යොමුකර තිබේ. එමෙන් ම ඇය දැනට මහරගම බණ්ඩාරනායක ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
“ටීචර්, එක දිගට පිට මැද්දට පහර දෙන කොට, මට බලාඉන්න බැරි හින්ද ඇස්දෙක පියාගත්තා ටීචර් එයාට පාරවල් දහයක් පහළොවක් විතර ගහන්න ඇති.” යැයි සිද්ධිය ඇසින් දුටු අනෙක් සිසුවියෝ කියති.
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ද, ජයවර්ධනපුර පළාත් අධ්‍යාපන කාර්යාලයට ද මෙම සිද්ධිය පිළිබඳව දෙමාපියන් පැමිණිලි කළ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
මෙම ගුරුවරිය වෙනත් බාලිකා විදුහලක සිටියදී මෙවැනිම වූ පහරදීමක් නිසා, ඇයට එරෙහිව සිදුවුණු උද්ඝෝෂණයකින් පසු ඇය මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයට මාරු කර එවා තිබේ.
මේක අසත්‍ය කතාවක් .
ඔබ යම්කිසි පුවතක් වාර්තා කරන්නේනම් එහි ඇත්ත නැත්ත සොයා බලා සත්‍ය පමණක් වාර්තා කරන්න. පහත link එකෙන් ඇත්ත වටහා ගන්න පුලුවන් වේවි.
ttps://m.facebook.com/story.php?story_fbid=6124042034289140&id=100000502136117
මෙවැනි බොරු සමාජ ගත කිරීමෙන් වළකින්න. මෙයින් පාසලට වන හානියට වගකිවයුත්තෝ කවුද? මෙවැනි දේවල් සමාජ ගත කරන්නේ ඒ ගැන හරි හැටි දැනගෙනද? මෙම බොරුව තරයේ හෙළා දකිමි.