කුරුණෑගල නගර සභාවේ 06කට හා ධීවරයන් 02කට කොරෝනා

0
167

නගර සභා සේවකයන් හය දෙනා සනීපාරක්ෂක කම්කරුවෝය. කුරුණෑගල නගර සභාවේ සේවකයින් 06ක් සහ මාළු ව්‍යාපාරිකයන් 02ක් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන් සියලු දෙනා ම කුරුණෑගල පුත්තලම මාර්ගය හා මීගමුව මාර්ගය එකිනෙක සම්බන්ධ වන ස්ථානය ආසන්නයේ පිහිටි විල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. ඔවුන් ජීවත්වන ප්‍රදේශවල එකිනෙකට යාබද නිවාසවල විශාල පිරිසක් ජිවත්වන බව ද පැවසේ.

මෙම ආසාදිතයන් පිරිස වාර්තාවීමත් සමඟ කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here