රටේ සියලු පොලිස් ස්ථාන සඳහා නව පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවා ඇති අතර එහි අවසන් දිනය 17 වනි දා බව පොලිස් මූලස්ථානය පවසයි.
පසුගිය දා පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවනලද ලිපියකින් ප්‍රකාශ කර තිබුණේ 2021 ජනවාරි 01දා සිට නොවැම්බර් 03 වැනි දා දක්වා කාලයේ දී පත්කරන ලද පොලිස් ස්ථානාධිපතිවරුන්නේ 126 දෙනකු සම්මුඛ පරීක්ෂණ සඳහා හෝ සහභාගී වී නැති බවයි. එමෙන්ම සම්මුඛ පරීක්ෂණවලින් නුසුදුසු යැයි තිරණය කළ තිදෙනකු ද ස්ථානාධිපතිවරුන් ලෙස පත්කර ඇතැයි එම ලිපියේ සඳහන් කර තිබිණි.
පොලිස්පතිවරයා කියා තිබුණේ දේශපාලනඥයන්ගේ ඉල්ලීම් මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමට කටයුතු යොදා තිබූ බවයි.
මේ කරුණු සැළකිල්ලට ගනිිමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ සියලු පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පත්කිරීමට අයදුම්පත්‍ර කැඳවා විනිවිද සහ විධිමත් ක්‍රියාමාර්ගයක් අනුව පත්කරන ලෙසයි.