spot_img
spot_imgspot_img

බදු වැඩිකිරීමට, බදු පනත් සංශෝධනය කරයි

පුවත්

විදෙස්

බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

අමාත්‍ය මණ්ඩලය වෙත එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායීකරණන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.

ඒ අනුව පහත සඳහන් පනත් සංශෝධනය කිරීමට නියමිතය.

1988 අංක 40 දරණ ඔට්ටු සහ සූදු බදු පනත

2002 අංක 14 දරණ එකතුකළ අගය මත බදු පනත

2003 අංක 3 දරණ මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත

2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත

2019 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු එකතු කළ අගය මත බද්ද, පුද්ගල ආදායම් බද්ද, සංස්ථාපිත ආදායම් බද්ද යන බදුවල අනුපාත අඩු කිරීමෙන් රජයට ලැබුණු ආදායම් රැසක් අහිමිවිය.

රජයෙ ආදායම් ඉහළ නැංවීමේ අවහ්‍යතාව මත එම පනත් සංශෝධනය කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!