ගාලුු නගරයේ වෛද්‍යවරයාට කොරෝනා නෑ

0
648

ගාල්ල නගරයේ ටැල්බට් ටවුමේ අවරූදු ගණනාවක සිට පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන වෛද්‍යවයකු සම්බන්ධයෙන් පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඇතැම් සමාජමාධ්‍ය ජාලාවල ප්‍රකාශ කර තිබුණේ මෙම වෛද්‍යවරයා කොරෝනා ආසාදිතයකු බවයි. එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ පාඨකයන් විශාල පිරිසක් අප වෙතින් විමසීම් කරන බැවින් සත්‍ය තත්ත්වය මෙසේ පැහැදිලි කරන්නෙමු.

ගාල්ල ටැල්බට් ටවුමේ පළමු පටුමගේ පුද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර නොගත් පුද්ගලයකු ගාල්ලේ නොමැති තරමට ම ඔහු ඉතා ප්‍රසිද්ධියක් උසුළයි.

පසුගිය දිනක කොරෝනා ආසාදිත බවට තහවුරු කරත් ගාල්ල මාගාල්ලේ පදිංචි මාතර කාර්යාලයක මාණ්ඩලික නිලධාරියකු මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගත් බවට තහවුරු වීම මෙම අසත්‍ය තොරතුරු සමාජය පුරා පැතිරීමට හේතුවක් විය.

වෛද්‍යවරයා ආසාදිතයාගේ පළමු පෙළ ස්පර්ශකයකු බව තහවුරුවීමත් සමග ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ඔහුගේ ජෛව සාම්පල රැගෙන පීසීආර් පරීක්ෂාවක් සිදුකළ අතර වෛද්‍යවරයා ආසාදිතයකු නොවන බව තහවුරු වී තිබිණි. සෞඛ්‍ය අංශ පවසන්නේ අදාල වෛද්‍යවරයා කොරෝනා ආසාදනය පැතිරීම ආරම්භ වූ මුල් දිනවල සිටම සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කර තිබුණු බවයි.

කෙසේ වෙතත් අවදානමක් පවතින බැවින් එම වෛද්‍යවරයා මේ වනවිට තම නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here