spot_img
spot_imgspot_img

ලෝකයේ බොරතෙල් මිල පහළ යද්දී ශ්‍රී ලංකාවේ කොටස් දර්ශකත් පහළට

පුවත්

විදෙස්

ලෝක‍ වෙළෙඳ පොළේ පසුගිය සති දෙකක කාලසීමාව තුළ බොර තෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහළ බැස ඇති අතර එය 8%ක මිල අඩුවීමක් වශයෙන් සටහන්ව තිබේ. මෙය සමාගම්වල ආයෝජනය කෙරෙහි වඩාත් හිතකර සාධකයක් ව පවතී.

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (09) ගනුදෙනු 17,017ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,307ක් ලෙස වාර්තා විය.  

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 112කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ සටහන් වූයේ 10,565ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 253
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 104
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලින 82

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 06
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 33%
  • කලම්බු ලෑන්ඩ් සමාගම 17%
  • ෆාම් ගාර්ඩ්න් හෝටල් සමාගම සමාගම 17%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 534
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 395
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන  205

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හේලීස් සමාගම කොටස් ලක්ෂ 2ක් රුපියල් 102.50

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 24ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළට විදේශ ආයෝජකයන් විසින් රුපියල් මිලියන 32ක් ආයෝජනය කර ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 48
  • චෙම‍ෙනෙක්ස් සමාගම රුපියල් මිලියන 04
  • ඇක්සස් ඉන්ජිනියරින් සමාගම රුපියල් මිලියන 01
  • එල්බීෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 0.84
  • අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 0.4

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඒසියා කැපිටල් සමාගම රුපියල් මිලියන 10
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 08
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 2.3
  • ඒකාබ් සමාගම සමාගම රුපියල් මිලියන 0.9
  • එන්ඩීබී සමාගම රුපියල් මිලියන 0.6

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!