හපුගල කොරෝනා ආසාදිතයෙක් නෑ

0
375

රුහුණ විශ්වවිද්‍යාලයේ හපුගල පිහිටි ඉංජිනේරු පීඨයේ සිසුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි පැතිරයන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොරෝනා ආසාදිත වූ පුද්ගලයකු හා දුරස්ථ සම්බන්ධතාවක් ඇති සිසුවකු මේ වනවිට පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබෙන බවත් මේ සිසුවා පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීම හේතුවෙන් මෙවැනි අසත්‍ය පුවත් පැතිරයන බවත් සෞඛ්‍ය අංශ පවසයි. අද (21) සවස එම සිසුවාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතය.
කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ආසාදිතයන් වාර්තා නොවූව ද සමාජය තුළ ආසාදිතයන් සිටිය හැකියැයි අනුමාන කරමින් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here