තවත් රෝගීන් 120ක් වාර්තා වෙයි

0
50

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 120 දෙනකු අද හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හඳුනාගත් මෙම 120 දෙනා අතරින් 37 දෙනකු වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලිනි. අනෙක් 84 දෙනා නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් බව ද හමුදාපතිවරයා කීවේය.
ඒ් අනුව දැනට ප්‍රතිකාර ලබන ආසදිතයන් සංඛ්‍යාව 2342ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,812 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here