කොළඹ කොටුව පොලිසිය තාවකාලිකව වසා දමයි

0
45

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිත අයකු බව හඳුනාගැනීමත් සමඟ කොළඹ කොටුව පොලිසිිිිියේ සාමාන්‍ය රාජකාරී නවතා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන අංශය පිහිටා ඇත්තේ කොළඹ කොටුව පොලිස් පරිශ්‍රයේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ කොටුව පොලිසිය තාවකාලිකව වසා ඇති බැවින් කොම්පඤ්ඤවීදිය සහ පිටකොටුව පොලිස් ස්ථානවලින් කොටුව පොලිස් ස්ථානයෙන් කරගත යුතු රාජකාරී කරගැනීමට මහජනතාවට අවස්ථාව සළසා දී ඇති බවයි.

අද (21) කොටුව පොලිස් ස්ථානය විෂබීජහරණය කිරීමෙන් පසු වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්ත කර කඩිනමින් රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ වනවිට කොරෝනා ආසාදිත නිලධාරියා හමුවූ විශේෂ විමර්ශන ඒ්කකයේ සියලු නිලධාරීන් නිරෝධායනයට යොමුකර ඇති අතර කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 48ක් එම ස්ථානයේ ම නිරෝධායනයට ලක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here