spot_img
spot_imgspot_img

රජයේ නව සුපිරි බද්ද කොටස් වෙ‍ළෙඳ පොළට හානියක් ?

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (15) දිනයේ ගනුදෙනු 54,425ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,912ක් බවට පත්විය.

අද දිනයේ දී පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 86කින් ඉහළ ගිය අතර එය මෙතෙක් ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඒකක 10,752ක් බවට පත්විය. අද දිනයේ වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 2,132යි,  එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 428යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 433ක් ලෙස සටහන් වූ අතර වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 74යි, පෑන් ඒෂියා පවර් සමාගම කොටස් මිලියන 50යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 36ක් ලෙස කැපී පෙණිනි.

අද දිනයේ ද කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 460ක් වාර්තා කළ කොමර්ෂල් ලීසිං සමාගම පළමු ස්ථානයට ද, රුපියල් බිලියන 396ක් වාර්තා කළ එක්ස්පෝ ලංකා සමාගම දෙවැනි ස්ථානයට ද, රුපියල් බිලින 343ක් වාර්තා කළ එල්ඕඑල්සී සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර බ්ලූ ඩයමන්ඩ් සමාගම (X) 33%යි, වටවල වැවිලි සමාගම 15%යි, එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම 15%යි ලෙස සටහන් විය.

අද දිනයේ සංවෘත කවය තුළ ලුබ්‍රිකන් සමාගම කොටස් 340,000ක් රුපියල් 105.00 බැගින් ද, එල්ඕඑල්සී සමාගම කොටස් 29,000ක් රුපියල් 696.00 බැගින් ද හුවමාරු විය.

විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 79ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 136ක කොටස් විකුණා තිබේ. ඒ අනුව ශුද්ධ ලෙස අද දිනයේ පමණක් රුපියල් මිලියන 57ක මුදලක් විදේශීය ආයෝජකයන් විසින් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත. අද දිනය දක්වා මෙම වසරේ දී පමණක් විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 45.95ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ඇත.

අද දිනයේ විදේශීය ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 18යි, ඊඩ්න් ලංකා හෝටල් සමාගම රුපියල් මිලියන 05යි, එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03යි ලෙස ද විදේශීය ‍ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර චෙව්රෝන් ලුබ්රිකන් සමාගම රුපියල් මිලියන 34යි, ටෝකියෝ සිමෙන්ට් සමාගම රුපියල් මිලියන 20යි, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 08ක් ලෙස සටහන් විය.

2022 වර්ෂයේ නව අ‍යවැය යෝජනා මගින් කොළඹ කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මකවන බොහෝ සමාගම් ඇතුළු 2021 වර්ෂයේ රුපියල් බිලියන 02ට වඩා ලාභ ඉක්මවූ සමාගම්වලින් එක්වරක් පමණක් අයකරනු ලබන සුපිරි බද්ධක් අයකිරීමට රජය තීරණය කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළේ පසුබෑමක් ඇතිවේයැයි කරුණු ඉදිරිපත්ව තිබිණි.

කෙසේ වෙතත් අද දිනයේ එම සුපිරි බද්ධ හේතුවෙන් බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ සමාගම් කෙරෙහි පමණක් බලපෑමක් ඇති වූ අතර අනෙකුත් සමාගම් කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොවූ බව ගනු දෙනු පරීක්ෂාවේ දී පෙනී යයි.

භාණ්ඩ හා සේවා අපනයනය කරන සමාගම්වල ලබා ඇති අති විශිෂ්ඨ ප්‍රගතිය හේතුවෙන් එම සමාගම්වල කොටස් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ආයෝජකයන් විශ්වාසය පළකර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!