කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 40,861ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 5,155ක් බවට පත්විය.
සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 19.8කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ ඒකක 10,666ක් බවට පත්විය. වැඩිම පිරිවැටුමක් සහිතව කොටස් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 1,361යි, එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 783යි, රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 339ක් ලෙස ද වැඩිම කෙටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම් අතර එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 51යි, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 26යි, රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 23යි ලෙස ද සටහන් විය.
අද දිනයේ වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම් අතර ටෙකස් ඇග්‍රෝ සමාගම 16%කින් ද, පෑන් ඒෂියන් පවර් සමාගම 13%කින් ද, එස්එම්බී ලීසිං සමාගම 12%කින් ද ප්‍රධාන විය.
කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම් අතර රුපියල් බිලියන 450ක් ඉක්මවූ කමර්ෂල් ලීසිං සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 382ක් ඉක්මවූ එක්ස්පෝ ලංකා සමාගම දෙවැනි ස්ථානයට ද රුපියල් බිලියන 329ක් ඉක්මවූ එල්ඕඑල්සී සමාගම තෙවැනි ස්ථානයට ද පත්ව තිබිණි.
විදේශීය ආයෝජකයන් විසින් රුපියල් මිලියන 42ක කොටස් මිල දී ගෙන ඇති අතර රුපියල් මිලියන 81ක කොටස් විකුණා තිබේ. ඒ අනුව විදේශ ආයෝජකයන් විසින් ශුද්ධ ලෙස රුපියල් මිලියන 39ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.
අද දිනයේ විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම් අතර එල්ඕඑලසී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලිලයන 6.3ක් ද, ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 4.5ක් ද, රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 3.8ක් ද විදේශීය ආයෝජකයන් කොටස් විකුණූ සමාගම් අතර ඩයලෝග් සමාගම රුපියල් මිලියන 42.9ක්, සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 6.7ක්, අගලවත්ත වැවිළි සමාගම රුපියල් මිලියන 5.8ක් ලෙස ප්‍රධාන විය.
අද දිනය දක්වා විදේශීය ආයෝජකයන් විසින් 2021 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 46.893ක මුදලක් කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන තිබේ.
(විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ)