spot_img
spot_imgspot_img

GMOA නම අවභාවිතා කරමින් දොස්තර පාදෙණිය ප්‍රසිද්ධියේ ම බොරු කියයි

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංග‍මයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අධිකරණයේ වාරණ නියෝගයක් හේතුවෙන් මේ දිනවල නිහඬව සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තම වෘත්තිය පාවා දෙමින් තමන්ට අයත් නොවන කෘෂිකාර්මික කටයුතු සඳහා වැරදි උපදෙස් ලබා දෙමින් සිටියි.

වෙනත් පුද්ගලික න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරමින් රටම නොමඟ යැවීමට උත්සාහ ගන්නා මේ වෛද්‍යවරයා පොහොර සහ පොහොර භාවිතයත්, ආනයනයත් ගැන පවසන්නේ අසත්‍ය කරුණු බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නිලධාරියකු සහ විද්‍යා පර්යේෂකයකු වන රොහාන් පෙතියගොඩ සාධක සහිතව සනාථ කරයි.

ඔහු පවසන්නේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන කරුණු සම්පූර්ණයෙන්ම රටත්, ජනතාවත්, රටේ පාලකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් නොමඟයවන ඒවා බවයි. විශේෂඥ ළමා ස්නායු වෛද්‍යවරයකු වන පාදෙණිය රටේ කෘෂිකර්මාන්තයට වැරිද උපදෙස් දෙමින් එම ක්ෂේත්‍රය විනාශ කරමින් සිටින්නේ තමන්ට අයත් නොව කාර්යයක් ඉටුකරමිනි.

අනුරුද්ධ පාදෙණිය ප්‍රසිද්ධ රැස්වීමක දී මෙසේ පවසයි.

“ඒ ආහාර සංස්කෘතිය කිය්නනේ ආහාර නිෂ්පාදනය. අපි ඒකට කියන්නේ කෘෂිකර්මාන්තය කියලා. ර‍ටට වාර්ෂිකව රුපියල් බිලියන 250ක පොහොර ගෙන්වනවා. අයවැය පරතරය බිලියන 800යි. වස කන්න ගත්තු 1960 සිට අපි ‍ලෝකයේ ම වාර්තා තියන්නේ යනවා ඒ නිසා අපි ලෝකයේ වැඩිම වස කන රට වට පත්ව තිබෙනවා.”

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන කතාව අමූළික බොරුවකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පුද්ගල ජනගහනය සැලකූ විට පොහොර හා කෘමිනාශක භාවිතයෙන් අප රට ඇත්තේ බොහෝ පිටුපසිනි. අනුරුද්ධ පාදෙණිය පවසන්නේ ශ්‍රී ලංකාව ලෝකයේ පළිබෝධ නාශක සහ පොහොර භාවිතයෙන් ඉදිරියෙන්ම සිටින බවයි.

අපට වඩා බෝහ ඉදිරියෙන් චීනය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සිටින අතර ඒවායේ ජනගහනය අනුව පොහොර භාවිතය අපේ රටේ මෙන් 10 ගුණයක් 20 ගුණයක් පමණ වෙයි. බ්‍රිතාන්‍යයේ ද අපමෙන් 05 ගුණයක් පොහොර භාවිතා කරයි.

නමුත් විශේෂඥ ළමා ස්නායු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන පරිදි ඒ එකම රටකවත් පළිබෝධ හා පොහොර භාවිතය නිසා රෝග ඇතිවන බවට  ඒ රටවල වෛද්‍යවරු හෝ විද්‍යාඥයෝ නොපවසති.

අනුරුද්ධ පාදෙණිය කිසිම හිරිකිතයකින් සහ ලැජ්ජාවකින් තොරව තවත් බොරුවක් මෙහිදී ඇදබායි. ඒ ශ්‍රී ලංකාව පොහොර ආනයනය සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 250ක් වැයකරන බවයි. ශ්‍රී ලංකාවේ ආනයන දත්ත සටහන බැලූ විට පාදෙණියගේ බොරුවල තරම පැහැදිළි වෙයි.

ඔහු කියන ආකාරයට ශ්‍රී ලංකාව කෘෂි රසානික වර්ග සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 250ක් වැය කරනවානම් මෙරට කෘෂි රසායනික කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 154,000.00ක් විය යුතුය.

පාදෙණියගේ අතේ රෝල්වල තරම එයින්ම පැහැදිලි වෙයි.

අනුරුද්ධ පාදෙණිය කවර ආකාරයකින් හෝ මෙරට වෛද්‍යවරයකු වී විශේෂඥ වෛද්‍යවරයකු ද වී සිටියත් ඔහු නොදන්නා කරුණක් වන්නේ අපි පරිභෝජනය කරන සෑම අහාරයක්ම ආනයනය  කරන ආහාර වර්ගද ඇතුළත්ව ප්‍රමිතිය පාලනය කරන බවයි. ආහාරවලට දැමිය හැකි පොහොර වර්ගයේ සහ ප්‍රමාණයේ සිට ඒවා පාලනය සිදුවන බව වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විද්‍යාව පිළිබඳ තරමක හෝ උනන්දුවක් තිබෙනම් දැනගත යුතුය.

ඔහු මේ ආකාරයෙන් ප්‍රසිද්ධ රැස්වීම්වල දී සහ මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ සිදුකරන්නේ තම වෛද්‍ය වෘත්තිය පවා අනිසි ලෙස භාවිතා කරමින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නාමය පවා අවභාවිතා කරමින් රටට අසත්‍ය පැවසීමයි. මෙය ඔහු හිතාමතා සැළසුම් සහගතව කිසියම් පුද්ගලික න්‍යායපත්‍රයක් අනුව කරගෙන යන කාර්යයක් බව පැහැදිළිය.

1 COMMENT

  1. අපේ රටේ ගොවියා දන්නවා තම වගාවට කොතරම් පොහොර , වල් නාශක හා කෘමිනාශක දානවද කියල . විශෙෂයෙන් ම අස්වනු නෙලන කාලය ආසන්නයේ ගෝවා,ලීක්ස්,බෝංචි,අර්තාපල් සහ ධාන්‍ය වලට කෘමිනාශක දාන්නේ ඒවා ආරක්ෂා කරන්න . ඒ කෘමිනාශක මිනිස් ශරීරයට එකතු වෙන ප්‍රමාණය ඉතා අධිකයි. වෙනත් රටවල අස්වනු නෙලන කාලේ මේවා භාවිතා කරන්න දෙන්නෙ නැ..

Leave a Reply to චන්දන Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!