රිච්මන්ඩ් විද්‍යාලයට හදිසියේම ඇතුළු වූ බල්ලෙක් පාසලේ සිටි 4 වැනි ශ්‍රේණියේ දරුවකුගේ අත සපා කෑවා. මේ දරුවා කරාපිටිය රෝහලට ගෙන ගියේ ලේ බේරෙන අත එල්ලගෙන. අතට බරපතල විදියට තුවාල සිදුව තිබුණා. මෙය සිදුවුණේ පසුගිය සැප්තැම්බර් 30 වැනි දා දහවල්
දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර එ්කකයට ඇතුල් කරලා කඩිනමින් ප්‍රතිකාර කරලා මේ දරුවාට අවශ්‍ය එන්නත් පවා ලබා දුන්නා.
මේ බල්ලා වීදි බල්ලෙක් නෙවෙයි. බල්ලාට අයිතිකාරයෙක් හිටියා. ඒ රිච්මන්ඩ් කන්දේ පදිචි එම්.ඩබ්ලිව්.ඩී.ඉන්ද්‍රජිත් කියලා පුද්ගලයෙක්. බල්ලා නිදැල්ලේ ගොස් දරුවාගේ අත සපා කා දරුණු තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136(1)(ආ) වගන්තිය යටතේ මේ බල්ලාගේ හිමිකරුට විරුද්ධව නඩුවක් පවරා තිබුණා.
ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඉදිරියේ විභාග වූ නඩුව අවසානයේ දී බල්ලා කළ ක්‍රියාවට වරද පිළිගත් විත්තිකරුට රුපියල් 50.00 ක දඩයක් නියම වුණා.
බල්ලා ඒ දරුවාගේ අතට සිදුකළ හානිය දරුවාට සදාකාලික කැලලක් වේවි. ඒ වගේම දරුවාට ඇතිවූ මානසික පීඩනය කිසිදා මුදලින් තක්සේරු කළ නොහැකියි. දරුවාට විදපු ජලභීතිකා එන්නතේ එක් මාත්‍රාවක් රුපියල් 45,000.00ක් වෙනවා. ඒ වගේ මාත්‍රා හතරක් රජයට වියදම 180,000.00 යි. දරුවාට හදිසි ප්‍රතිකාර ඒකකයේ දී ලබාදුන් ප්‍රතිකාර සඳහා රජය දැරූ වියදම අපි දන්නේ නැහැ.
ඊට පස්සේ නඩු කටයුත්තට ඇත්තටම රජයට වියදම් වූ මුදල අපි දන්නේ නැහැ. නමුත් රජයට මේ සිද්ධියෙන් ලැබෙන මුදල රුපියල් 50.00 ක් පමණයි.
මේ මහ පොළොව උඩ ඇති යථාර්ථය.
බල්ලන්, මිනිස් ඇසුරට පුරුදුවුණේ මිනිසා දඬයම් යුගය ගත කරද්දී. ඉතිහාසයේ සඳහන් වෙන්නේ මිනිස් ඇසුරට ඇවිත් මිනිසා අවශ්‍ය විදියට හීලෑ වුණු පළමු සත්ත්වයා බල්ලා කියලා. අපි දැන් 21 වැනි සියවසේ සුහුරු යුගයට ආවත් තාමත් දඬයම් යුගයේ අවශේෂයක් අපි අතර ඉතිරි කරගෙන ඉන්නවා. දැන් බල්ලන් ශ්‍රී ලංකාවට කරදරයක් වෙලා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ¼ ක ප්‍රමාණයක් බල්ලන් ඉන්න බව පැවසෙනවා.
ගෙදරක බල්ලෙක් හදනවානම් උන් ලියාපදිංචි කරන්න ඕන. දඩාවතේ යන බල්ලන් ඉවත්කිරිම සම්බන්ධයෙන් 19 වැනි සියවසේ අග භාගයේ ගෙන ආ පනත තවමත් ශ්‍රී ලංකාවේ තියෙනවා.
මේ එක සිද්ධියක් විතරයි. මේ වගේ වාර්තා වන හා වාර්තා නොවන සිද්ධි ඕනෑ තරම් තියෙනවා.