spot_img
spot_imgspot_img

සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාධ්‍ය තහනම් කරයි

පුවත්

විදෙස්

සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිලධාරීන්ට පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ විසින් ඊයේ (19) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරතිබේ.

සෞඛ්‍ය අමාතයාංශයේ, පළාත් සභා සේවයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේය කරන නිලධාරීන් විවිධ කණ්ඩායම් හා පුද්ගලිකව නිවැරදි නොවන තොරතුරු මත පදනම්ව සෞඛ්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත් කරමින් සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කරමින් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සෞඛ්‍ය සේවාව විධිමත්ව පවත්වාග යාමට බාධාවක් බවත් එම ක්ෂේත්‍රය පිළිබඳ ජනතාවගේ විශ්වාසය අහිමිවන බවත් එම ලිපිය මගින් දන්වා තිබේ.

එමෙන්ම ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිවිධාන පවතින ආයතන සංග්‍රහය කෙරෙහිි ද අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය මුණසිංහ එමගින් සියලු නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුකර තිබේ.

එම විධිවිධාන නොසළකා කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම පුද්ගලයන්ට රෙහිව ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයාගේ නියෝගයේ දක්වා ඇත.

1 COMMENT

  1. වැරදි තොරතුරු ලබාදෙන නිළධාරීන් වෙනුවෙන් පියවරක් ගැනීම නිවැරදිය. එහෙත් නිවැරදි කොරතුරු ලබාදෙන නිළධාරීන් කරන වරද කුමක්ද? මේ තුළින් තොරතුරු දැන ගඅනීමේ අයිතිය ජන
    තාවට සීමා වන අතර කටකතා විශාල ලෙස පැතිර යාමෙන් විශාල විනාශයක්
    සිදුවිය හැකිය..අනෙක අසාධාරණයක් සිදුවන විට එය පෙන්වාදීමට වැට බැඳීමක් ලෙස මෙය සෙන්වා දිය හැකිය.
    මේ තුළින් දරුණු ප්‍රතිපග ඇතිවේ. ඓාරෙන් තොරතුරු ලබා දීමට නිළධාරීන් පෙළඹුන හොත් තත්වය මීට වඩා දරුණු විය හැකිය.

Leave a Reply to ධර්‍මදාස සිරිනර්‍ධන Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!