සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවිය සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙබ් අඩවි ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි හදිසි පරිගණක ප්‍රතිචාර සංසදය පවසයි.
මෙලස සයිබර් ප්‍රහාරය එල්ල වූ වෙබ් අඩවි අතර විදුලිබල අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සහ රජරට විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය ද ඇති බව ඔවුන් පවසයි. මේ වනවිට එම වෙබ් අඩවි අක්‍රියව පවතින බවත් හැකි ඉක්මණින් වෙබ් අඩවි යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.