ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිරිමේ අවදානම සැළකිල්ලට ගනිමින් අහංගම හා හබරාදුව පොලිස් වසම් දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 07ක් අද (13) උදෑසන සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මෙසෙ හුදකලා කර ඇති ප්‍රදේශ පහත දැක්වේ
අහංගම පොලිස් වසම
- කරදුන්ගොඩ 161 ඒ ග්‍රාම නිලධාරී වසම
- ගොවියාපාන 156 ඒ ග්‍රාම නිලධාරී වසම
- කහවැන්නගම 164 ඊ ග්‍රාම නිලධාරී වසම
- දොම්මන්ගොඩ 160 ඒ ග්‍රාම නිලධාරී වසම
හබරාදුව පොලිස් වසම
- ලනුමෝදර 151 ඩී ග්‍රාම නිලධාරී වසම
- බොනවිස්ටා 137 සී ග්‍රාම නිලධාරී වසම
- කටුකුරුන්ද 144 සී ග්‍රාම නිලධාරී වසම
දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍යාධිකාරී පුෂ්පාගේ රියැදුරුට සහ කාර්යාල කාර්ය සහයකයකුට මේ සතියේ කොරෝනා positive වෙලා . තවත් තිදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ පහලවෙලා.
එහෙම තියෙද්දි ගණකාධිකාරිවරයා සහ වැඩ බැරි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි තනතුරක කටයුතු කරන ගුණවර්ධන නැමැත්තා ඊයේ දිනයේ දී කාර්යාල විවෘත කර තිබෙනවා.
කාර්යාලයෙහි දොර විවෘත කර ඇත්තේ ගණකාධිකාරීවරයා විසින්. මොවුන් දෙදෙනා කොරෝනා සඳහා එන්නත් කරගෙන ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඒ නිසා තමයි මොවුන් දෙදෙනා අනිත් අයගේ ජීවිත අනතුරේ දමමින් මෙලෙස කටයුතු කරන්නේ.
ඊයේ දිනයේ මොවුන් ලිපිකාරිනියන් තිදෙනෙක් සේවයට ගෙන්වා ගෙන ඔවුන් corona අවදානමකට ලක් කර තිබෙනවා. එසේම අද දිනයේදීත් කාර්යාලය විවෘත කර සේවකයින් ගෙන්වා ගැනීමට මොවුන් මොවුන් සැලසුම් කර ඇත.
ප්‍රධාන කාර්යාලයේ සිටින මෙම මෝඩ, ආත්මාර්ථකාමි, දූෂිත ප්‍රධානීන් නිසා එහි සේවකයින් ජීවිත අවදානම්කින් පසුවෙනවා.