කාරයකින් පැමිණ යතුරුපැදි දෙකක් අනතුරට ලක්කර එක් යතුරුපැදිකරුවකු කපා කොටා ඝාතනය කළ පුද්ගලයකු පොලිසියට භාර වූ බව නාරම්මල පොලිසිය පවසයි.
නාරම්මල පහමුණේ මහ මඟ දී මේ ඝාතනය සිදුකර ඇත. පොලිසියට භාර වූ තැනැත්තා පවසා ඇත්තේ තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප එවමින් තමන්ට අපහාස කිරීම හේතුවෙන් එම පුද්ගලයා ඝාතනය කළ බවයි.
පොලිසිය පවසන්නේ කලක සිට පැවැති මේ ආරවුලේ දී හැකිනම් හමුවන්න යැයි යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් විසින් කාරයෙන් පැමිණි අයට අභියෝග කර ඇති බවයි.
එම අවස්ථාවේ දී මෝටර් රථයේ පැමිණි පුද්ගලයා යතුරුපැදිය යටකර දමා තමා සමග ආරවුල ඇති පුද්ගලයාව කපා කොටා මරාදමා ඇත. යතුරු පැදිවල පැමිණි තවත් දෙදෙනෙකු පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
කාර් රථයෙන් පැමිණි පුද්ගලයා පහමුනේ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක අයෙකි. මියගිස් ඇත්තේ වයස අවුරුදු 39 ක කිලින්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජානක වත්තේගෙදර මහතා ස්ථානය පරීක්ෂා කර මියගිය අයගේ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා යැවීමට පොලිසියට නියෝග කළේය.
මියගිය පුද්ගලයා ගේ සිරුර කටුපොත රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.