spot_img
spot_imgspot_img

නීති සිසුවාට පහරදුන් 04 දෙනකුගේ වැඩ තහනම්

පුවත්

විදෙස්

නීති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන මිගාර ගුණරත්න පෑලිය‍ොඩ පොලිසියේ දී පොලිස් නිලධාරීන්ට එරෙිව සාපරාධී බලහත්කාරකම් සිදුකර ඇතැයි චෝදනා කරමින් පොලිසිය අද මහේස්ත්‍රාත් අධිකරණයට කුරුණු වර්තා කළද කොළඹ අංක 06 මහේස්ත්‍රාත් අදිකරණය එම කරුණු පිළිගත නොහැකි බවට ප්‍රකාශ කර තිබේ.

පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පහරදීමෙන් බලපතල තුවාල ලද නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මේවනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

මිගාර වෙනුවෙන් පෙනීසිටී නීතිඥයින් ඔහුගේ තුවාලවල ජායාරූප ඉදිරිපත්කළ අවස්ථාවේදී පොලිසිය පවසා ඇත්තේ, එසේ තුවාල වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට පහරදීමට එද්දී ඔහුව තල්ලු කරද්දී බිම ඇඳ වැටීමෙන් බවයි.

ඡායරුප වැඩිදුරටත් අධ්‍යනය කර ඇති විනිසුරුවරිය පොලිසියේ ප්‍රකාශ පිළිගත නොහැකි බව ප්‍රකාශකර ඇති අතර, රෝහල්ගත කර සිටින නීති සිසුවාගේ සෞඛ්‍ය තත්වය සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරනමෙන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමටද කටයුතු කර තිබේ. 

මිගාර ගුණරත්න නීති සිසුවා වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන උපුල් කුමාරප්පෙරුම, මෙත්සිරි පරණවිතාන, මංජුල පතිරාජ, මංජු ශ්‍රී දන්තසේන පෙනිසිටියේය. 

මාර්තු 01 ද නඩුව යළි කැඳවීමට නියමිතය.

මේ අතර පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකුට පහර දීමට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පවත්වන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබ තිබේ.

එම නීති ශිෂ්‍යාට තුවාල සිදුව ඇති බව ද අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

පොලිස් ස්ථානයක් තුළ එවැනි පහරදීමක් කිසිසේත්ම අනුමත නොකරන බව ද පරීක්ෂණයේ තොරතුරු ලැබුණු පසු එම සිද්ධිය පිළිබඳ තම තීරණය ක්‍රියාත්ක කරන බව ද අමාත්‍යවරයා පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධයේන පොලිසිපති චන්දන වික්‍රමරත්නගේ විශේෂ නියෝගය මත පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ඩී.එස්.වික්‍රමසිංහගේ අධීක්ෂණය යටත‍ේ එක් කණ්ඩායමක් ද කැලණිය කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වන සුමිත් ගුණරත්නගේ අධීක්ෂණය යටතේ තවත් කණ්ඩායමක් ද පරීක්ෂණ පවත්වයි.

සිද්ධියට අදාලව පෑළියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපලවරු තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!