ගාල්ල කළුවැල්ලේ පිහිටි රෙදි සාප්පුවකට ඇතුළුවීමේ දී එහි පැමිණෙන පුද්ගලයන්ගේ තොරතුරු සටහන් කරන පොතක ලියූ තම දුරකථන අංකයට එම රෙදි සාප්පුවේ තරුණයන් දිගින් දිගටම ඇමතුම් ලබා දෙමින් අයුතු ලිංගික යෝජනා කරමින් තමන්ට දැඩි මානසික පීඩනයක් එල්ල කරන බවට ගාල්ලේ පදිංචි කාන්තාවක ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම කාන්තාව පසුගිය 04 වැනි දා සවස ගාල්ල කළුවැල්ලේ සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට කර්මන්තශාලා නිශ්පාදන රෙදිපිළි අළෙවි සැළකට ගොස් ඇත්තේ තම තරුණ පුතුට අවශ්‍ය ඇඳුම් කිහිපයක් මිලදී ගැනීමටය. කොරෝනා වසංගතය හේතුවෙන් වෙළෙඳ සැළට අතුළුවන සියලු දෙනාගේ දුරකථන ඇමතුම් සටහන් තබන පොතේ ඇය තම දුරකථන අංකය සටහන් කර ඇත.
ඉන් පසු පුතුට සහ තමන්ට අවශ්‍ය ඇඳුම් කිහිපයක් රැගෙන ඇය නිවසට ගිය පසු එදිනම රාත්‍රී 7.30 ට පමණ කිසියම් තරුණයකු ඇයට කතා කරමින් ඇගේ රූ සපුවට තමන් ඇලුම් කරන බවත් ඇයට හොඳින් සැලකීමට හැකි බැවින් මිතුරුවීමට අවශ්‍ය බවත් පවසා ඇත. මේ තරුණයාට ඇය බැන වැදී තමන් විවාහක කාන්තාවක බවත් මෙවැනි දේ නොකරන ලෙසත් අවවාද කර තිබේ. නමුත් එදිනම වරින් වර ඇයට ඇමතුම් ගත් ඔහු දිගින් දිගටම ඇයට එවැනි යෝජනා කර ඇත. ඇය නැවත එම පුද්ගලයාට බැන වැදී සුළු වේලාකින්. ඇයට විවිධ පුද්ගලයන්ගේ අයුතු ලිංගික යෝජනා රැසක් ලැබී තිබේ. දිගින් දිටම මෙවැනි යෝජනා විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වන අතර එවැනි යෝජනා කළ එක් පුද්ගලයකු සමාජ මාධ්‍යවෙත තම ජංගම දුරකථන ඇතුළත් කර තිබූ බැවින් ඔහුගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත.
පසුව ඇය මේ බව තම සැමියාට පැවසීමෙන් පසු එම පුද්ගලයා සම්බන්ධ කරගෙන විස්තර විමසීමේ දී පවසා ඇත්තේ ඔහුට වෙනත් පුද්ගලයකු විසින් ඇගේ ජංගම දුරකථන අංකය ලබාදුන් බවයි. ඒ ඔස්සේ සොයා බැලීමේ දී තහවුරු වී ඇත්තේ මෙම කාන්තාව පසුගිය 04 වැනි දා ඇඳුම් මිලදී ගැනීටම ගිය වෙළෙඳ සැළේ සේවය කරන තරුණයකු විසින් පළමුව තමන්ට දුරථන ඇමතුම ලබා දී ඊට බැන වැදීම හේතුවෙන් ඔහු විසින් තවත් විශාල පිරිසකට ඇගේ ජංගම දුරකථන අංකය ලබා දී ඇය ලිංගික සේවා සපයන කාන්තාවක බවට ප්‍රකාශ කර ඇති බවයි.
එමෙන් ම පළමු දුරකථන ඇමතුම දුන් පුද්ගලයාගේ අනන්‍යතාව ද සොයා ගැනීමට මෙම කාන්තාවගේ සැමියා සමත්වී ඇත. ඒ පසුගිය 09 වැනි දා ය. ඔවුන් අදාල රෙදිපිළි අළෙවි ආයතනයට පසුගිය 10 වැනි දා ගොස් එහි කළමනාකාරීත්වය හමුවී සමාජ මාධ්‍යවෙතින් සොයාගත් එම තරුණයාගේ ඡායාරූප පවා පෙන්වමින් ඔහු පිළිබඳ විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එම තරුණයා තමන් කිසිවෙකුත් නොදන්නා බවයි. නමුත් මේ බව පොලිසියට පැමිණිලි කරන බවට පැවසීමත් සමඟ කළමනාකරීත්වය විසින් අදාල තරුණයා එම ස්ථානයට ගෙන්වා ඇත. ඒ අනුව ඇයට පළමු ඇමතුම ලබා දී ඔහුගේ විකෘති ආශාවන් ඉටුකරගත නොහැකි වූ විට වෙත් සමාජමාධ්‍ය වෙත හා මිතුරන් අතර ඇගේ ජංගම දුරකථන අංකය බෙදා හැරි පුද්ගලයාගේ අංකය හඳුනාගැනීමට එම කාන්තාව හා ඇගේ සැමියා සමත්ව ඇත.
ඔවුන් මේ පිළිබඳ ගාල්ල පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පෙබරවාරි 12 වැනි දා පැමිණිලි කර ඇත. මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිසිය පවසන්නේ අදාල සැකකාර තරුණයා අවුරුදු 20ක් වයසැති පුද්ගලයකු බවයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අළෙවි සැල්, බස්රථ හා කාර්යාල ඇතුළු ස්ථානවලට ඇතුළුවීමේ දී පැමිණෙන පුද්ගලයන්ගේ දුරකථන අංක පොත්වල සටහන් තැබීම හේතුවෙන් අනවශ්‍ය පුද්ගලන් අතට කාන්තාවන්ගේ දුරකථන අංක ලැබීම බරපතල ගැටලුවක් බව ද පොලිසිය පවසයි. කොරෝනා වසංගතයේ මුල් කාලයේ දී පැමිණෙන පුද්ලන්ගේ අනන්‍යතාව පොත්වල සටහන් තැබීමට සිදුවුව ද පසුව ඒ සඳහා QR Code හඳුන්වා දෙන ලදී. මෙවැනි රෙදිපිළි වෙළඳ සැල්වල පවා එම කේත ක්‍රමය භාවිතා නොකිරීමෙන් මේ ආකාරයෙන් ගනුදෙනුකරුවන් අපහසුතාවට පත්වීම කණගාටුදායක තත්ත්වයක් බව ද පොලිසිය පවසයි.

කළුවැල්ලේ තියෙන්නේ එක රෙදිපිළි අලෙවිසැලයි. ඒ TFO – The Factory Outlet
Gihin kadea kudukara danna ona. Galle innea oyawage balloda. Apita unanam dannawa karanna ona dea.