කොරෝනා වසංගතය හමුවේ තීරණ ගන්න ඕනෑ තමන් කියා හිතමින් අන් අයගේ උපදෙස් නොගන්නා පිරිස ජනතාව ව්‍යසනයකට කැඳවාගෙන යාමේ වගකීම ගත යුතුයැයි වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමදේෂ් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොරෝනා වයිරසයේ එංගලන්ත නව ප්‍රබේදය බවට අනුමාන කරන ප්‍රබේදයක් ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් හමුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. කුමදේෂ් වැඩිදුරටත් පවසන්නේ රට පුරාම පැතිරයන කොරෝනා වයිරසයේ නව ප්‍රබේද හඳුනාගත හැකි ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු රසායානාගරයක් සතුව නොමැතිවීම බරපතල ගැටලුක් බවයි.
එවැනි යන්ත්‍රයක් මෙරට ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණි. එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින අතර මෙරට පීසීආර් පරීක්ෂණ සිදුකරන රසායනාගාර 18 අතරින් එකම රසායනාගාරයක හෝ එවැනි යන්ත්‍රයක් නොමැති බැවින් විධිමත් පර්යේෂණ කටයුතු සිදු නොවීම බරපතල ගැටලුවක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.
“නව ප්‍රබේද හඳුනාගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලැබෙන පීසීආර් සාම්පල කිහිපයකින් පමණක් කරන ලද ජාන අනුක්‍රමික විශ්ලේෂණ මගින් මේ සොයාගැනීම කර තිබෙන්නේ. ඔවුන් කිනවා කොළඹ, බියගම, අවිස්සාවේල්ල සහ වව්නියාවේ එංගලන්ත නව ප්රබේදයයැයි අනුමාන කරන නව ප්‍රබේදයක් හමුවී තිබෙනවා කියලා. මේ පර්යේෂණ එම විශ්වවිද්‍යාලයෙන් කරන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා. නමුත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට පුරාම කළ යුතුයි. එවිට මේ වයිරසයේ වෙනස් වීම් හා පැතිරීම් නිසි පරිද අවබේධ කරගත හැකියි. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මේ ප්‍රදේශ හතරේ නව ප්‍රබේදය හමුවුණා කියා කීමෙන් අනිත් ප්‍රදේශවල මේ නව වයිරසය නැහැ කියා කියන්න බැහැ. එසේ සිතනවානම් එය වරදක්. මේ ගැන අපි ජනාධිපතිතුමාටත් ලිඛිතව පවා දැනුම් දුන්නා. අපි පර්යේෂණ කළ යුතුයි. රසායනාගාර විද්‍යාඥයන් මේ සඳහා සූදානමින් සිටියත් වසර 200ක් පැරණි වෛද්‍ය පර්යේෂණායතනයටත් මේ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදී නැහැ. දැන් මේවා කාටවත් කියා වැඩක් නැති නිසා අපි ජනතාවට කියනවා. ජනතාව මේ භයානක තත්ත්වය තේරුම්ගත යුතුයි.”
ඔහු පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයක් ලෙස හෝ රජයක් ලෙස හෝ රටපුරා පැතිරී ඇති ප්‍රබේද මොන ආකාරයෙන් පැතිරෙන්නේ ද යන්න පිළිබ සොයා බැලීමේ කිසිදු සැළැස්මක් බලධාරීන්ට නොමැති බවයි.
“මේ පැතිරීමක් එංගලන්තයේ හඳුනාගත් වහාම කරපු දේ තමයි රටින් මිනිසුන් පිටවන එක නැවැත්තුවා රටට එන එක නැවැත්තුවා. අපිට යෝජනා කරන්න බැහැ එහෙම කරන්න කියලා. සෞඛ්‍ය තීරණ ගන්නා රැස්වීම්වලට වෘත්තිකයන් ලෙස අපිව සහභාගී කරගනනේත් නැහැ. සෞඛ්‍ය ආමාත්‍යාංශය විසින් ඔළුගෙඩි ටිකක් තෝරාගෙන ඉන්නවා තීරණ ගන්න. එයාලා හිතාගෙන ඉන්නේ ඒ අය විතරයි මේ දේවල් දන්නේ මේවා තීරණය කළ යුතු කියලා. අපිට පෙනෙනවා දැනටමත් අපේ රට කොරෝනා වසංගතයෙන් අතිශය භයානක තත්ත්වයකට ගමන් කරමින් ඉන්නේ. මේ තීන්දු තීරණ අරගන්න අය මේ වසංගතය රටේ ව්‍යසනයක් වුණාම එහි වකීමත් ගන්න ඕනෑ. අන්තිමේ දී ජනතාවට චෝදනා කරන්න එපා ජනතාවගේ වැරැද්දක් කියලා. වෘත්තීය සමිතිවලට චෝදනා කරන්න එපා. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ගැඹුරින් සිතා තීරණ ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
ඔහු පවසන්න් කොරෝනා පාලනය මේ වනවිට අසාර්ථක වී ඇති බවයි. අප්‍රමාදව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මධ්‍යගත ජාතික වැඩසටහනක් සකස් කර කොරෝනා මර්ධනය විධිමත් කළල යුතු යැයි රවී කුමදේෂ් පෙන්වාදෙයි.