spot_img
spot_imgspot_img

විදෙස් ගනුදෙනු සම්බන්ධ පීඩනය මේ වසර මැද දක්වා පවතී

පුවත්

විදෙස්

‍දැනට විදේශ ගනුදෙනු සම්බන්ධයෙන් ඇති පීඩාකාරී තත්ත්වය මෙම වර්ෂයේ මැද භාගය දක්වා පවතිනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ආනයන සීමා පනවා තිබිය දී ද මෙරටින් අපනයනය කළ භාණ්ඩවල වටිනාකමට වඩා ඇමෙරිකන් ඩොලර් කෝටි 400ක් වැඩි වටිනාකමක් සහිත දෑ මෙරටට ආනයනය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ වර්තා පෙන්වාදෙයි.

ආනයනය කිරීමට පසුගිය 2020 වර්ෂයේ දී වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් කෝටි 1500ක් වන අතර අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් කෝටි 1100ක් බව එම වාර්තාවේ දැක්වේ. කෙසේ වෙතත් පසුගිය වර්ෂයේ දී විදේශ ණය හා පොලී ගෙවීම් ලෙස ඇමෙරිකානු ඩොලර් 4300ක් ද ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

2021 වර්ෂයේ දෙවැනි අර්ධය වනවිට සංචාරක කර්මාන්තයේ වර්ධනයත්, විදේශ ප්‍රේෂණවල ලැබීමත් යථා තත්ත්වයට පත්වීමක් අපේක්ෂා කරන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. දැනට විදේශ ගනුදෙනු සම්බන්ධයෙන් ඇති මෙම පීඩාකාරී තත්ත්වය එතෙක් පවතිනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!