3.2 C
New York
Home Blog Page 40

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා භාර දී ඇප දෙයි

0

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් දෙදෙනාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි අද (04) නියෝග කළේය.

ඔවුන් දෙදෙනාට ‍චෝදනා එල්ල වී ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේය. එම අධි චෝදනා පත්‍ර ‍නීතිපතිවරයා විසින් අද විනිසුරුවරයා ඉදිරියේ භාරදෙනු ලැබීය.  

මෙම නඩුව විභාග කිරීම මැයි 30 වැනි දා ආරම්භ වීමට නියමිතය.

-Advertisement-

සොරකමේ ගියා යැයි, කතුන් තිදෙනකු අත්අඩංගුවට

0

නවසකට ඇතුළු වී මුදල් සොකරම් කළැයි සැකපිට කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තෙ‍ේ වයස අවුරුදු 33 හා 47 වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

ඔවුන් පසුගිය මාර්තු 24 වැනි දා නිවසකට ඇතුළු වී රුපියල් 639,000ක මුදලක් සොරකම් කරන ලද බවට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී සොරකම් කරන ලද මුදල්වලින් කොටසක් සොයාගත හැකි වූ බව ද පොලිසිය කියයි.

-Advertisement-

පාසල් දැරියකට අතවර කළ පාසල් සිසුන් 05ක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

0

පාසල් සිසුවියක සමූහ අතවරයට ලක්කළ පාසල් සිසුන් 05 දෙනකු ඇතුළු 07 දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

අතවරයට ලක් වූ දැරිය සමඟ ඇගේ දෙමාපියන් හෝමාගම පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබේ.

15 හැවිරිදි පාසල් සිසුවිය උපකාරක පන්තියකට යන බව පවසා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇත. එම අවස්ථාවේ දී ඇය රැගෙන තම මිතුරකු සිටින හෝමාගම නිවකට ගිය ඔහු එම නිවසේ දී ඇයට අතවර කර තිබේ. ඉන් පසු එදින උදෑසන 9.00ත් සවස 3.00ත් අතර පැය හයක පමණ කාලයක් ඇතුළත ඇය තවත් නිවාස තුනකට රැගෙන ගොස් ඇගේ පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් වරින් වර ඇයට බරපතල ලිංගිත අතවර කර ඇතැයි විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම පාසල් සිසුවියගේ පෙම්වතා ඇතුළු වයස අවුරුදු 15ත් 16ත් අතර පාසල් සිසුන් 05 දෙනකු සිටින අතර වයස අවුරුදු 17ත් 19 ත් අතර දෙදෙනකු සිටින බවත් පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරුවන් හෝමාගම ප්‍රදේශයේ ම පාසල්වල ඉගෙනුම ලබන හෝමාගම පදිංචිකරුවන් බව ද අනාවරණ්‍ය වී ඇත.

සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

එම දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (04) ඉදිරිපත් කිරීමට නියමිතය.

-Advertisement-

හිසකෙස් වර්ණක, හොරට සැකසූ ආයතනයක් වටලයි

0

ව්‍යාජ ලෙස සකස් කරමින් තිබූ හිසකෙස් වර්ණක තොගයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය 02 වැනි දා මට්ටක්කුලිය, මෝදර ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇත.

ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් යටතේ මෙරට වෙළෙඳ පොළට ග්‍රෑම් 21ක අසුරණවල අළෙවි කරන හිසකෙස් ආලේපන වර්ගයක් මෙම ස්ථානයේ දී ව්‍යාජ ලෙස කසා සත්‍ය නිෂ්පාදකයාගේ නම, ලිපිනය ඇතුළු තොරතුරු සහිත ආරක්ෂිත ස්ටිකරය ද ඒ ආකාරයෙන් ම ඇතුළත් කරමින් ග්‍රෑම් 7,8,9,10 ප්‍රමාණවලින් ව්‍යාජ හිසකෙස් වර්ණක සකස් කර තිබිණි.

නීති විරෝධී ලෙස කටයුතු කරමින් ආනයනය කරන ලද වෙනත් නිෂ්පාදනයක් මෙලෙස වෙනත් නිෂ්පාදකයකුගේ සන්නාමය භාවිතා කරමින් ‍සකසා බෙදාහැරීම වසර ගණනාවක් සිදුකරගෙන ගොස් ඇති බවට පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබී තිබිණි. අදාල ව්‍යාජ නිෂ්පාදනයෙහි ඇමෝනියා අඩංගු නොවන බව සදහන්කර තිබුන ද ඒ සම්බන්ධව තව දුරටත් විමර්ශන සිදු කරමින් පවතී.

මෙම වැටලීමේ දී රුපියල් ලක්ෂ 280ක් පමණ වටිනා කමක් ඇති ව්‍යාජ නිෂ්පාදන අඩංගු ඇසුරුම් 130,000ක් සොයාගෙන ඇත. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරන්නේ මෙම ව්‍යාජ නිෂ්පාදන තොගය සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

-Advertisement-

හික්කඩුවේ දී වෙඩි වැදුණු සැමියා මරුට

0

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ දී අද (03) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පිරිමි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින්, වෙළෙඳ සැළක සිටි අඹු සැමි යුවළක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇත. තුවාල ලැබූ දෙදෙනා රෝහලගත කළ අතර එහි දී ස්වාමිපුරුෂයා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළේය.

-Advertisement-

හික්කඩුවේ වෙඩි තැබීමක්

0

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනකු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අද (03) රාත්‍රී 7.00 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් හික්කඩුව කුමාරකන්ද මාර්ගය අසළ වෙළෙඳ සැළක රැඳී සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව ද පොලිසිය පවසයි.

-Advertisement-

දේශබන්දු යළි රිමාන්ඩ්

0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් මස 10 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන්න යැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන්, දින 20ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවූයේ ය. එම අවස්ථාවේ දී ඔහු රිමාන්ඩ් කෙරිණි.

-Advertisement-

මාතලේ පොලිසියට සද්දෙ දැම්මා යැයි තරුණයන් පිරිසක් අත්අඩංගුවට

0

මාතලේ පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බවට සැකපිට පුද්ගලයන් 05 දෙනකු අද (03) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර අකුරණ සහ මාතලේ වරකාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මාතලේ නගරය ඔස්සේ පෙළපාළියකින් පැමිණි තරුණයන් පිරිසක් ඊයේ (02) මාතලේ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කර තිබිණි.

විරෝධතාව දැක්වූ තරුණයන් කියා සිටියේ තමන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිය දී එහි පැමිණි මාතලේ පොලිිසියේ නිලධාරීන් කිහිප දෙනකු තමන් පරීක්ෂා කර මත්ද්‍රව්‍ය තිබූ බවට අසත්‍ය චෝදනා කරමින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවයි.

අප ඒ පිළිබඳ මාතලේ පොලිසියෙන් විමසූ විට පොලිසිය කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින පිරිස අතර මත්ද්‍රව්‍ය ඇතැය් ලැබුණු තොරතුරකට අනුව ගොස් පරීක්ෂා කිරීමේ දී දෙදෙනකු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී සොයාගත් බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් ගංජා සන්තකයේ තිබූ පුද්ගලයින් දෙදෙනා හා අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලින් පස්දෙනා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

-Advertisement-

ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ නිවේදනයක්

1

ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනි දා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර පවසන්නේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගෙන් හෙට (04) සිට අප්‍රේල් මස 30 වැනි දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා Online ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවන බවයි. ඉන් පසු කිසිදු හේතුවක් මත අයදුම් පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව ද විභාග කොමසාරිස්වරයා නිකුත්කළ නිවේදනයේ සදහන් කර ඇත.

මෙම විභාගය සඳහා පෙනී සිටීමට හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පමණි. ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2026 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණි.

අයදුම් කිරීමට අදාළ උපදෙස්  https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව ඇත.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් වෙනම සඳහන් කර ඇත.

දුරකථන අංක – 011-2784537, 011-2786616, 011-2784208 011-2786200, 011-2784201,

විද්‍යුත් ලිපිනය – http://[email protected]

ක්ෂණික දුරකථන අංකය – 1911

ෆැක්ස් අංකය – 011-2784422

-Advertisement-

ඇමෙරිකාවේ නව බදු, ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද ?

0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති අන්‍යොන්‍ය  තීරුබදු හේතුවෙන් ඇතිවිය හැකි ගැටලුකාරී තත්වයන් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කරන්න යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් අයකිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇත. මෙම බදු පැනවීම ඊයේ (02) ප්‍රකාශයට ත්කර ඇති අතර එම බදු පැනවීම ලබන 05 වැනි දා සිට ක්‍රියාත්මක වීමට ද නියමිතය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට මෙම බදු පනවා ඇත. අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා සියයට 10ක තීරු බද්දක් ඇතුළත් වන අතර අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් සඳහා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට 44% තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර එය ලොව වැඩිම තීරුබදු පැනවූ පළමු රටවල් පහ අතරට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

කාම්බෝජනයට 49%ක තීරු බදු පැනවීමක් සිදුකර ඇති අතර වියට්නාමයට 46% තීරුබදු පැනවීමක් සිදුකර තිබේ.

බංග්ලාදේශයට 37%ක්, තායිලන්තයට 36%, චීනයට 34%ක්, ඉන්දියාවට 26%ක් බදු පැනවීමක් සිදුකර ඇති අතර යුරෝපීය සංගමයට ද 20% තීරු බදු පැනවීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙතෙක් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 12.2%ක තීරුබදු පැනවීමක් සිදුකර තිබු අතර මෙම නව බදු පැනවීමත් සමග මෙරට අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් සිදුකරනුයේ අමෙරිකාවට වන අතර මෙම බදු පැනවීම මඟින් එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව සඳහන්ය.

පසුගිය 2024 වර්ෂයේ අමෙරිකාව විසින් මෙරටින් අමෙරිකානු ඩොලර් බිලියන 03කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 346කට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කර තිබේ.

-Advertisement-