5.4 C
New York
Home Blog Page 33

රට පුරා ජලාශ වාන් දමයි. වැව් ජලයෙන් සංතෘප්ත වෙයි

0

රට පුරා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් තම පාලනය යටතේ පවතින ප්‍රධාන ජලාශ 24ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 06ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 06ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 04ක්, බදුල්ල, කුරුණෑගල, මොණරාගල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ජලාශ 02 බැගින්ද මෙලෙස වාන් දැමීම ආරම්භ වී තිබේ.

මීට අමරතව මධ්‍යම පරිමාණයේ ජලාශ 16කට අධික ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන් ම රටපුරා පවතින ප්‍රධාන සහ මධ්‍ය පරිමාන වැව්වල ගබඩා කර ගත හැකි සමස්ථ ජල ධාරිතාවෙන් 91%ක ප්‍රමාණයක් දැනටමත් ගබඩා කරගැනීමට හැකි වී ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

-Advertisement-

Dengue and Chikungunya are spreading. May is a month of mosquito control

0

Health officials say that there is a rapid spread of dengue fever. In the past four months of 2025, 17,450 dengue patients have been reported, and in April alone, 5,018 patients were reported.

Director of the National Dengue Control Unit, Specialist Dr. Sudath Samaraweera, says:

“Currently, there is a spread of dengue disease. Only 06 dengue deaths have been reported. 5,018 dengue infected people were reported in April. An increase in dengue patients has been observed in the past few weeks. The current weather conditions are a reason for this. Also, with the upcoming southwest monsoon, there is a risk that the number of dengue patients will increase further. Chikungunya, which is spread by the same mosquito that transmits dengue, has also been reported in several other districts, including the Western Province. As there is a high risk of this in the future, the month of May has been designated as a special mosquito control month. In particular, everyone should pay attention to destroying mosquito breeding sites every day of the week. We hope that the law will be implemented against those who continue to maintain mosquito breeding sites without destroying them.”

-Advertisement-

ඩෙංගු සහ චිකන්ගුන්‍යා ව්‍යාප්ත වෙයි. මැයි, මදුරු මර්ධන මාසයක්

0

ඩෙංගු රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 2025 වර්ෂයේ ගත වූ මාස 04 තුළ ඩෙංගු රෝගීන් 17,450ක් වාර්තා වී ඇති අතර අප්‍රේල් මාසයේ දී පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 5,018කි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේ පවසයි.

“මේ වනවිට ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් පෙන්වනවා. ඩෙංගු මරණ වාර්තා වී තිබෙන්නේ 06ක් පමණයි. අපේල් මාසයේ දී‍ ඩෙංගු ආසාදිතයන් 5,018ක් වාර්තා වෙනවා. පසුගිය සති කිහිපයේ දී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වෙනවා. දැනට පවතින කාලගුණ තත්වය මෙයට හේතුවක්. ඒ වගේ ම ඉදිරිකාලයේ ඇතිවන නිරිත දිග මෝසම් වැසි සමඟ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය තවත් වර්ධනය වීමේ අවදානමක් බලාපොරොත්තු වීමට සිදුවෙනවා. ඩෙංගු බෝකරන මදුරුවාගෙන් ම ව්‍යාප්තවන චිකන්ගුන්‍යා රෝගයත් බස්නාහිර පළාතේ වගේම තවත් දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වුණා. ඉදිරි‍ේය දී මේ සම්බන්ධයෙන් දැඩි අවදානමක් තිබෙන නිසා මැයි මාසය විශේෂ මදුරු මර්ධන මාසයක් ලෙස නම්කර තිබෙනවා. විශේෂයේන ම මදුරුවන් බෝවන ස්ථාන සතියේ සෑම දිනකම විනාශ කිරීමට සියලු දෙනාගේ ම අවධානය යොමුකළ යුතුයි. මදුරුවන් ‍බෝවන ස්ථාන විනාශ නොකර දිගින් දිගටම පවත්වාගෙන යන ස්ථානවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපි බලා‍පොරොත්තු වෙනවා.”

-Advertisement-

අපේක්ෂකයන් 33ක් අත්අඩංගුවට

0

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් 33 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දෙයි.

පක්ෂ හා කණ්ඩායම්වල ආධාරකරුවන් 349 දෙනකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අප්‍රේල් 03 සිට අද (30) දක්වා කාලයේ දී ය.

මැතිවරණයට අදළව ඊයේ දිනයේ දී අපරාධමය පැමිණිලි 03ක් වාර්තා වී ඇති අතර මේ වනවිට වාර්තා වී ඇති අපරාධමය පැමිණිලි සංඛ්‍යාව 89කි.

මැතිවරණ නීති උල්ලංඝනය කරන ලද වාහන 32ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.

-Advertisement-

ගාල්ලේ අධ්‍යාපන ලොක්කෙක් මැතිවරණ නීති කඩලා. වහාම පරීක්ෂණ

0

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගාල්ල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තම තනතුරේ බලය අයුතු ලෙස යොදා ගනිමින් මැතිවරණයට බලපෑම් කරන බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් එම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ගාල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක වසන්ත අභයගුණවර්ධන මහතා යටතේ ඇති විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වට්ස්ඇප් සමූහ වලට ඔහු විසින් මැතිවරණය සම්බන්ධයෙන් පණිවිඩයක් යවා තිබිණි. එම පණිවිඩයේ සඳහන් වන්නේ තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඇති නිලධාරී නිලධාරිනියන් නොවරදවාම සඳුදා (28) දිනයේ තැපැල් ඡන්දය භාවිතා කළ යුතු බවයි. කිසියම් අයෙකු එලෙස තැපැල් ඡන්දය භාවිතා නොකරන්නේ නම් තැපැල් ඡන්දය භාවිතා නොකිරීමට හේතු සඳහන් කර අඟහරුවාදා (29) දින ලිඛිතව කරුණු දැක්විය යුතු බවද කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සිය වට්ස්ඇප් පණිවිඩයේ සඳහන් කර ඇත. එමෙන්ම මෙම දැනුම්දීම සිදුකරන්නේ මැතිවරණ කොමිසමේ දැනුවත් කිරීම මත බවද ඔහු තම වට්ස්ඇප් පණිවිඩයේ සඳහන් කර තිබිණි.
අප මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාගේ පරිපාලනය යටතේ පවතින සමූහ වෙත යවා ඇති පණිවිඩය සම්බන්ධයෙන් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි බවයි.
තැපැල් ඡන්දය ඉල්ලුම් කර තිබියදී ම ඡන්දය ප්‍රකාශ කිරීම හෝ නොකිරීම ඡන්ද දායකයාගේ කාර්යයක් බවත් එයට තම තනතුරේ බලය අයුතු ලෙස භාවිතා කරමින් බලපෑම් කිරීම වරදක් බවත් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේය.
එමෙන්ම තැපැල් ඡන්දය ඉල්ලුම් කර ඇති රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දය ප්‍රකාශ කර නැත්නම් ඔවුන්ගෙන් ඊට හේතු විමසීමට කිසිදු නිලධාරියකුට අයිතියක් නොමැති බවත් එලෙස හේතු දක්වන්න යැයි මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් කර නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේ මෙය රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් සහ ඡන්දයට සෘජු බලපෑම් කිරීමක් බැවින් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මීට පෙර මැතිවරණ වලදී ද එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රචාරක කටයුතු සිදුකළ බවට ද ගුරුවරු චෝදනා කරති.

-Advertisement-

අපේ කරුණාරත්න සර්

1

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝත් අම්පිටියේ රාහුල ලොකු ස්වාමීන් වහන්සේත් දෙනම මහරගම ධර්මායතනය හැටේ දශකය අවසාන භාගයේ ආරම්භ කලේ සිල්වත් ගුණවත් ධර්මධර භික්ෂු පරපුරක් තැනීම වගේම ගුණවත් ගිහි පරපුරක් හැදීමත් අරමුණු කරගෙනයි. ඊට සුදුසු භික්ෂුන් වහන්සේ අලුතෙන් මහණ කරන්නට පුලුවන් උනත්, සිවු පසය සහ වෙනත් උදව් උපකාර සඳහා සුදුසු ගිහි පිරිසක් සොයා ගැනීම පහසු උනේ නැහැ. හැම ගිහි දායකයෙක් ම ප්‍රවේශමෙන් තෝරා ගත යුතු උනා.

උපතිස්ස කරුණාරත්න කියන තරුණ ව්‍යාපාරිකයා මේ දෙනමට මුණ ගැහෙන්නේ මේ අවදියේදී යි. ඒ 1973 විතර වකවානුවේ. එතුමාගේ උත්තුංග ගුණාංග සැනෙකින් වටහා ගන්නා උන්වහන්සේ සිරි වජිරඤාණ දහම් පාසලේ ආරම්භක ආචාර්ය මණ්ඩලයට බැඳෙන්නැයි  එතුමාට     ආරාධනා කරනවා. එතැන් පටන් මීට දවස් පහකට කලින් මියයන තෙක් එතුමාත් ධර්මායතනයත් අතර පැවැතියේ නොබිඳිය හැකි බැඳීමක්.

ඒ බැඳීම කොතරම් දීර්ඝ වීද යත් එතුමා අඛණ්ඩව අවුරුදු 53 ක් අපේ දහම් පාසලේ විවිධ තනතුරු දරමින් දැහැමි පරපුරක් ගොඩ නැගීමෙහිලා සිදුකළ නිහඬ මෙහෙය වචනයෙන් විස්තර කළ නොහැකිය. එතැනින් නොනැවතී ධර්මායතනයේ දායක සභාව වන ශාසන සේවක සමිතියේ සභාපතිත්වය අඛණ්ඩ වසර 22 ක් දරමින් කළ නිහඬ සේවාව ද අතිවිශිෂ්ටය.

මම මෙහිදී  ‘නිහඬ මෙහෙය’ යන යෙදුම පාවිච්චි කළේ  සැබැවින්ම එහි අරුතට කරුණාරත්න සර් වැඩි අගයක් එක් කළ නිසාවෙනි. එතුමා වැඩි කතා බහ ඇත්තෙකු නොවේ. නිතර මුවග රැඳුණු සිනහවත්, තියුණු බැල්මත් එතුමාගෙ කඩවසම් පෙනුමෙ විශේෂාංග විය. සුදෝ සුදු ජාතික ඇඳුමෙන් සැරසී මුහුණ සිනහවෙන් සරසාගෙන උදේ පාන්දර දහම්පාසලට එන කරුණාරත්න සර් එදා අප කාටත් නෙතට රසඳුනක් ම විය.

උපතිස්ස කරුණාරත්න මහතා දහම් පාසලේ සිසු සිසුවියන්ගේ තොරතුරු නිතර සොයා බලමින් ඔවුන්ගෙ පෞද්ගලික දියුණුවට ද හැකි උපරිමයෙන් උපකාර කළ ගුරුතුමෙකි. සිය පිය උරුමයෙන් ආ මරදානේ ගාමිණී ෆර්නිචර් පැලස් ව්‍යාපාරයේ ආදායමෙන් වැඩි කොටසක් වෙන් වුනේ මේ උදව් පදව් කිරීම් සහ පිංකම් කටයුතුවලට මය. මට එතුමා පෞද්ගලිකව කර ඇති එවන් උපකාර ලැයිස්තුවක් පිළියෙල කරන්නට පුලුවන.

“රංග මොකෝ මේ දවස්වල ටිකක් බර කල්පනාවක වගේ?” එතුමා දවසක් මා නිරීක්ෂණය කළේය. මා ඒ උසස් පෙළ කරන කාලයයි. මා ඒ වෙනකොට පොඩි පොඩි කණ්ඩායම්වලට ටියුෂන් පංති පැවැත්වූයෙමි.

“ගෙදර ඉස්සරහ කාමරේ පොඩි පංතියක් පටන් ගන්න කියලා කල්පනා කරනවා සර්.”

“ආ ඒක හොඳ අදහසක්. ඔය තැන් තැන්වල ගිහිං කළා  මදෑ. ගෙදර පොඩියට පටන් ගන්න. මොනවාද අඩු පාඩු?” එතුමා නිකමට මෙන් ඇසුවේය.

“ලබන සතියේ ඩෙස් බංකු ටිකක් හදාගෙන ලබන මාසෙම පටන් ගන්නවා,” මම කීවෙමි.

“බොහොම හොඳයි. එහෙම තමයි දියුණු වෙන්න ඕනෙ.” කරුණාරත්න සර් කිව්වේ එපමණකි. දවස් දෙක තුනකට පස්සෙ හවසක ලොරියක් අපේ ගේ ඉදිරිපිට නැවැත්විණි. අගේට හදා නිම කළ ඩෙස් බංකු ජෝඩු පහක් ඉන් පිටතට බෑවිණි.

“කරුණාරත්න මහත්තයා ඔබතුමාට මේ ටික දෙන්න කිව්වා,” කී සේවකයො දෙන්නෙක් ඩෙස් බංකු ගෙදරින් දමා පිටත්ව ගියහ. මා හනික කරුණාරත්න සර් ඇමතුවෙමි. “අනේ සර් මම මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නැහැ.”

“ඒක හොඳයි බලාපොරොත්තු වෙච්චි නැති එක. දැන් ඔක්කොම හරිනෙ. ලබන සතියේ ඉඳන් පංති පටන් ගන්න. දැනුම දෙන ගමන් ම ළමයින්ට ගුණ දහමත් කියා දෙන්න. සම්පූර්ණ මිනිහෙක් හැදෙන්නෙ එතකොටයි.” දශක තුනකටත් එපිට දී කරුණාරත්න සර් මට දුන් අවවාදය තවමත් දෝංකාර දෙයි.

මිහිපිට දෙවිවරුන් යැයි කියන්නේ මෙවැනි  චරිතවලටය. දෙව්ලොව සුරවිමන් ඔහු එනතෙක් බලා සිටි බව අමුතුවෙන් කිව යුතු නොවේ. දැන් ඒවා පරිවාර සේනාව ද සමග අතුරු සිදුරු නැතිව පිරී ඇති. එතුමා එහෙ අයටත් නොමසුරුව උදව් පදව් කරනවා ඇති. ධර්මය කියා දෙනවා ඇති. සාදු…! සාදු….!

ආචාර්ය රංග කලන්සූරිය

මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ ආදි ශිෂ්‍ය

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්

-Advertisement-

දින තුනක දී, අධිවේගයේ ආදායම කෝටි 13 ඉක්මවයි

0

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන පුද්ගලයන් සංඛ්‍යාත්මකව වැඩිවීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ පසුගිය දින දෙකක ආදායම රුපියල් කෝටි 13.4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධිවේගී මාර්ග නඩත්තු සහ කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය කීවේ අප්‍රේල් 11,12 සහ 13 දිනවලදී පමණක් අධිවේගී මාර්ගයේ වාහන 387,000ක් ධාවනය කර ඇති බවයි.

පසුගිය දින 02ක කාලය තුළ අධිවේගී මාර්ගයෙන් 102,378,800ක ආදායමක් ලබා ඇත.

පසුගිය 11 සහ 12 දිනවල අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහන 297,736කින් එම ආදායම උපයාගැනීමට හැකිව බව ද හෙතෙම සඳහන් කළේය.

-Advertisement-

වාහන තුනක් ගැටී අයෙක් මරුට. 19 දෙනකු රෝහලේ

0

කන්තලේ, ත්‍රිකුණාමලය මාර්ගයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් 19 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අග්බෝපුර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහු අනතුරට ලක් වූ බස් රථයේ රියදුරා බව පොලිසිය පවසයි.

අග්බෝපුර සිට කන්තලේ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් පිටුපසින් පැමිණි බස් රථයක් එම කැබ් රථයේ ගැටී ඇති අතර ඒ සමඟම ප්‍රතිවිරුද්ද දිශාවට ධාවනය වෙමින් තිබූ ‍ලොරි රථයක් බස් රථයේ ගැටී තිබේ.  

බස් රථයේ රියදුරා සහ කුඩා දරුවන් ඇතුළු 20 දෙනකු කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර බසයේ රියදුරා මියගියේ ය.

-Advertisement-

සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා

0

ලැබූවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමට සුබ ම සුබ නව වස‍රක් වේවා යැයි rata.lk අපි ප්‍රාර්ථනා කරන්නෙමු

-Advertisement-

සූරිය කෝෂවලින් විදුලිය එපා කියයි

0
Solar panels

තමන් විසින් සවිකර ඇති සූර්ය බල පද්ධති අප්‍රෙල් 13 සිට 21 වැනි දා දක්වා සෑම දිනක ම උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා අක්‍රිය කරන්න යැයි ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.

අවුරුදු නිවාඩු කාලය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බවත්, මේ දිනවල දැඩි අව්රශ්මියක් ඇති බැවින් වහළ මත සවිකර ඇති සූර්ය බල ශක්ති ඉහළ නිෂ්පාදනයක් ඇති කරන බැවින් එමගින් විදුලි බල පද්ධතියේ ස්ථායීතාව අවදානම් තත්වයකට පත්විය හැකි බැවින් මෙම තීරණය ගත් බවත් විදුලි බල මණ්ඩලය පවසයි.

මෙලෙස විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටෙන විට සහ හිරු එළිය බහුල වනවිට ශ්‍රී ලංකාව පමණක් නොව ලොව ඕනෑම රටක් මෙම අභියෝගයට මුහුණදීමට සිදුව බව විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයෙන් දන්වා සිටී.

බොහෝ කර්මාන්තශාලා සහ කාර්යාල මේ දිනවල වසා දමා ඇති බැවින් ඒ හේතුවෙන් විදුලිය භාවිතය ඉතා අඩු මට්ටමක පවතී.

මෙවැනි අවස්ථාවල දී විදුලි බල මණ්ඩලයට ජල විදුලි බලාගාර, ඩීසල් බලාගාර සහ ගල් අඟුරු බලාගාාරවල විදුලි උත්පාදනය පාලනය කිරීමේ හැකියාවක් පවතී.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් සිය සූර්ය පැනල වසා නොදමන්නේ නම්, විදුලිබල මණ්ඩලයට වහල මත සූර්ය පද්ධතිවලින් නිෂ්පාදනයවන විදුලිය පාලනය කළ නොහැක.

එයට ජාතික පද්ධතියට ඔරොත්තුදීමට නොහැකි වුවහොත් කුඩා දෝෂයකින් පවා වෝල්ටීයතාව හෝ සංඛ්‍යාත ගැටලු ඇතිකළ හැකි බව විදුලිබල මණ්ඩලය සිය නිවේදනයෙන් පවසයි.

වහළ මත සූර්ය පද්ධති විදුලිබල මණ්ඩලයට පාලනය කිරීමට නොහැකි අතර, ප්‍රමාණවත් BESS හෝ දියුණු සූර්ය ඉන්වර්ටර් මෙරට තුළ නොමැත.

ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් මිලියන 7කට වඩා සිටින අතර, වහල මත සූර්ය බලශක්ති හිමිකරුවන් 100,000ක් පමණ සිටියි.

නමුත් ජාලය අස්ථායී වූ විට එය සෑම කෙනෙකුම අවදානමට ලක්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි.

-Advertisement-