5.4 C
New York
Home Blog Page 31

“හනුමා” ගාලු ඇවිත්, විපර්යාසයක පෙරනිමිති ?

0

ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුළ පමණක් දක්නට ලැබෙන අළු වඳුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසයි.

මෙය ඉතාමත් අසාමාන්‍ය තත්වයක් වන අතර ගෝලීය කාලගුණික විපර්යාස හේතුවෙන් වියළි කලාපීය සතුන් තෙත් කලාපයට සංක්‍රමණය වීමේ පෙර නිමිත්තක් විය හැකියැයි ද ඔහු පවසයි.

ශ්‍රී ලංකාව තුළ පැරණි ලොව වානර විශේෂ අතර කළු වඳුරන් උප විශේෂ 04ක්, උනහපුළුවන් උප විශේෂ තුනක් සහ එක් විශේෂයක්, රිලවුන් උප විශේෂ තුනක් සහ අළු වඳුරන් විශේෂයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සියලුම කළු වඳුරන්, උනහපුළුවන් සහ රිලවුන් විශේෂ සහ උපවිශේෂ සියල්ල ශ්‍රී ලංකාවට ආවේණික අතර අළු වඳුරා පමණක් මෙරට දී සහ ඉන්දියාවේ දී දක්නට ලැබෙයි.

මෙම අළු වඳුරන් විශේෂය Semnopithecus priam ලෙස විද්‍යාත්මකව හඳුන්වන අතර සාමාන්‍ය ව්‍යවහාරයේ දී හනුමා ලෙස ද හැඳින්වේ. මෙම විශේෂයේ වඳුරන් ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් සියලුම වානර විශේෂවලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක් සතුන් තරම් කුලෑටි හෝ ලැජ්ජාශීලී සත්ව විශේෂයක් ද නොවේ. ඒ නිසා මිනිසුන් දුටුව ද ඔවුන් පළා යන්නේ නැත.

පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසන්නේ මෙම වර්ගයේ සතුන් තිදෙනකු ගාල්ලේ පිහිටි තම ගෙවත්තට පැමිණ අඹ ගසක කොළ කඩා ආහාරයට ගන්නා අයුරු තම පුතු විහඟ‍ සෙනෙවිරත්න විසින් නිරීක්සණය කර තිබූ බවයි. එලෙස දුටු අළු වඳුන්ගෙන් දෙදෙනකු හොඳින් වැඩුණු වැඩිහිටි සතුන් දෙදෙනකු බවත්, එක් සතකු තවමත් තරුණ වියට පැමිණෙමින් සිටින සතකු බවත් ඔහු පවසයි.

විනාඩි 20ක පමණ කාලයක් ඔහුගේ ගෙවත්තේ සිටි මෙම අළු වඳුරන් තිදෙනා පසුව ගඟ ආසන්නයේ කිරල ගස්වෙත ගමන් කළ බව ද ඔහු පවසා ඇත.

අදින් වසර කිහිපකට පෙර වියළි කලාපයේ පමණක් දක්නට ලැබුණු මොණරුන් මේ වනවිට නිරිතදිග තෙත් කලාපයේ පමණක් නොව උඩරට කඳුකර ප්‍රදේශවලට ද පැතිරී සිටියි. එයට හේතුව ගෝලීය කාලගුණික විපර්යාස බව පරිසරවේදීන්ගේ මතයයි.

මෙතෙක් වියළි කලාපයේ පමණක් දක්නට ඇති කළු වඳුරන් ද මේ වනවිට තෙත් කලාපය දක්වා සංක්‍රමණය වීම ඉදිරියේ දී මෙරට පරිසර පද්ධතියේ තුල්‍යතාවයට අහිතකර බලපෑමක් සිදුකරනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

-Advertisement-

මදුරුවන් බෝකළ පිරිසක් අධිිකරණයට, තවත් රැසකට රතු නිවේදන

0

පසුගිය සති දෙකක පමණ කාලයේ දී රටපුරා මදුරුවන් බෝවන ස්ථාන 30,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගත් බවත් ඉන් ස්ථාන 1,470කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පසුගිය මැයි 09 වැනි දා සිටට 24 වැනි දා දක්වා සිදුකරන ලද විශේෂ මදුරු මර්ධන වැඩසටහනේ දී මෙම ස්ථාන හඳුනාගෙන ඇත. එහි දී ස්ථාන 128,824ක් පරික්ෂාවට ලක් කර ඇති අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන 31,145ක් සොයාගෙන තිබිණි. ඒ අතර මදුරු කීටයන් සහිත ස්ථාන  6,777ක් මෙහිදි හඳුනාගෙන ඇත. සිය පරිශ්‍රයන් මදුරුවන් බෝවන පරිදි පවත්වාගෙන ගිය 3,916 දෙනකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර පුද්ගලයන් 1,470කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ විශාල වර්ධනයක් දක්නට ලැබෙයි. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කියා සිටියේ මෙය ශ්‍රී ලංකාව් සෞඛ්‍ය ගැටලුවක් වන තරමට වර්ධනය විය හැකි බවයි.

මේ නිසා තමන් අවට පරිසරයේ මදුරුවන් ‍බෝවිය හැකි ස්ථාන විනාශ කරන‍ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

-Advertisement-

පුද්ගලයකුට පහර දුන්නා යැයි, පොලිස් සැරයන්ගේ වැඩ තහනම්

0

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටුවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසිය.

එම පොලිස් නිලධාරිරයා පසුගිය 24 වැනි දා ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේ දී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයකු සහ කාන්තාවක පරීක්ෂා කිරීමට යාමේ දී  ඇති වූ බහින්බස් වීමකින් පසු පොලිස් නිලධාරියා ඔවුන්ට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබිණි.

-Advertisement-

අනතුරකින්, ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙක් මරුට

0

ඕමන්ත ප්‍රදේශ‍යේ දී අද (26) අලුයම සිදු වූ රිය අනතුරකින් ඉන්දීය කොන්සල් කාර්යාලයේ සේවයකළ නිලධාරියකු මියගොස් ඇතැයි පොලිසය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සජිතානන්ද ප්‍රභාගර් කුරුක්කල් නමැති 52 හැවිරිදි අයෙකි. එම අනතුරින් ඔහුගේ බිරිඳ, පුතා සහ මාමණ්ඩිය තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන් කොළඹ සිට යාපනය දක්වා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී යාපනය සිට ඕමන්ත දක්වා ධාවනය වූ ටිපර් රථයක ගැටී අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුර සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු ඕමන්ත පෙ‍ාලිසිය සිදුකරයි.

-Advertisement-

මහින්දානන්ද ට ඇප

0

ප්‍රමිතියේ තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (26) ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කළාය.

විත්තියේ නීතිඥවරයා සහ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු රුපියල් 50,000.00ක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහරින ලෙස නියෝග කරන ලදී.

එම ඇපකරුවන් අතරින් දෙදෙකු ළඟම ඥාතීන් විය යුතු බව ද නියෝගයේ සඳහන් ය. සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන් ම විමර්ශන සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් සාක්ෂි කරුවන්ට බලපෑම් කි‍රීමෙන් වළකින ලෙසත් උපදෙස් දී තිබේ.

-Advertisement-

ගාල්ල ජාතික රෝහලේ දී තරුණයකු මරාගත්තා යැයි චෝදනා. පරීක්ෂණ මහේස්ත්‍රාත්ට

3

රිය අනතුරකින් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට රැගෙන ආ පුද්ගලයකු රෝහලෙන් කිසිදු ප්‍රතාකරයක් නොලැබීම හේතුවෙන් මියගියායැයි ඥාතීන්ගෙන් එල්ල වූ චෝදනාව හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම මහේස්ත්‍රාත්වරයා වෙත යොමුකිරීමට ගාල්ල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා අද (26) පියවර ගනු ලැබීය.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, ගිංතොට පදිංචි අල්ජෝති චතුරංග සඳරුවන් නමැති 31 හැවිරිදි තරුණයෙකි. ගිංතොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පවත්වාගන ගිය ඔහු ඊයේ (25) දහවල් යතුරුපැදියෙන් මාතර දෙස සිට ගාල්ල දෙසට පැමිණෙමින් සිටිය දී හබරාදුවේ දී අනතුරට ලක්ව තිබිණි. තුවාල ලැබූ ඔහු ගාල්ල ජාතික රෝහලට ‍රැගෙන ආ අතර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ 58 වාට්ටුවට ඇතුළත් කෙරිණි.

මියගිය තරුණයාගේ සොහොයුරිය කියා සිටියේ තම සොහොයුරා අනතුරට ලක්ව ඇතැයි ලැබුණු තොරතුරකට අනුව පෙරේදා සවස 3.30ට පමණ මව සමඟ රෝහලට පැමිණෙද්දී සොහොයුරා ට්‍රොලියක හාන්සිකර තබා තිබූ බවයි.

මලීෂා සඳමිණි නමැති ඇය වැඩිදුරටත් මෙසේ ද කීවාය.

“අපි එනකොට පිටතින් තුවාල කිසිම දෙයක් පෙනෙන්නට තිබුණේ නෑ. එයා හොඳට හිටියා. ඒත් යටිබඩ ප්‍රදේශය ගොඩක් රිදෙනවා කියලා කිව්වා. ඒ ගැන වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට කිව්වත් ඔවුන් ඒක ගැන තැකීමක් කළේ නෑ. එයාලා කිව්වේ අයියාට අමාරුවක් නෑ කියලා. එක්ස්රේ එකක් අරගෙන බලනවා කියලා කිව්වා. අයියා වේදනාව ඉවසගන්න බැරිව අවස්ථා ගණනාවක් ම රෝහලේ කාර්ය මණ්ඩලයට තමන්ට අමාරුයි කියලා කිව්වත් කිසිම කෙනෙක් එයාට ප්‍රතිකාර කරලා තිබුණේ නෑ. එයාට වේදනාව ඉවසගන්නම බැරිව ට්‍රොලියෙන් බැහැලා අද (26) උදේ රෝහලට ආපු ඇම්බියුලන්ස් එකක් ගාවට ගිහින් කියලා තිබෙනවා මේ අය මට බෙහෙත් දෙන්නේ නෑ. මාව පුද්ගලික රෝහලකට ගෙනියන්න කියලා. ඒ වෙලාවේ රෝහලේ සේවකයන් එයාව නැවත ගිලන්රථයෙන් අරගෙන පුටුවක වාඩිකරවලා. ටික වෙලාවකින් මගේ අයියා ලේ වමනය කරලා එතනම මිය ගිහින්. මේ මරණය සිදුවුණේ රෝහලේ දී නිසි ප්‍රතිකාරයක් නොලැබීම නිසා.”

මියගිය තැනැත්තාගේ මව ඩබ්ලිව්.ගුණවතී මහත්මිය පවසන්නේ තම පුතා අසළ තවත් තරුණයකු රාත්‍රියේ රැඳී සිටිය බවයි. ඔහු කිහිප අවස්ථාවක දී ම මෙම රෝගියාට අසාධ්‍ය බව කීව ද රෝහල් කාර්ය මණ්ඩලය එය නොතකා කටයුතු කර ඇතැයි ඇය පවසයි.

ඇය වැඩිදුර මෙසේ ද කීවේය.

“මට මේ මියගිය පුතා සහ දුව විතරයි හිටියේ. පුතා විවාහ වෙලා දරුවෙක් ලැබිලා තවම දින 18යි. මේක තනිකරම රෝහලේ වැරැද්ද පුතාගේ ස්කෑන් එකක් අරගෙන තියෙනවා. ඒ වෙලාවෙත් පුතා කියලා සිරුරේ යටිබඩ ප්‍රදේශය ස්කෑන් කරන්න කියලා. නමුත් එහෙම කරලා නෑ. උඩ කොටස විතරක් ස්කෑන් කරලා ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ වාට්ටුවට ගෙනාවම එයා ගාව හිටපු දරුවා මෙයාගේ ඇඳුම් මාරු කරද්දී දැකලා තියෙනවා මුත්‍ර මාර්ගය ආසන්නයේ ලේ ගලන තුවාලයක් තියෙනවා. ඒ බව හෙදියන්ට කිව්වම ගෝස් කෑල්ලක් තියලා වහලා. ඒ වෙලාවේවත් කිසිම බෙහෙතක් දීලා නෑ. මුත්‍රා සමඟ ලේ ගිහින්. ඉවසගන්න බැරි වේදනාවක් තිබිලා. ඒත් කවුරුවත් බලලා නෑ. උදේ පාන්දර ලේ වමනය දාලා මියගිහින්. මගේ පුතා මැරුණේ රෝහලේ දී ඔහු ගැන නොසළකා සිටීම නිසා.”

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට යොමුකිරීමෙන් පසු ඒ පිළිබඳ අවශ්‍ය කරුණු සළකා බැලූ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා එම පරීක්ෂණ කටයුතු මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබිණි.

ඒ අනුව ඊයේ (25) සවස මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර දේහය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.  

-Advertisement-

හල්ලොලුවගේ රථයට වෙඩි තැබූ බව කියන තිදෙනකු රිමාන්ඩ්

0

හල්ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති තුසිත හල්ලොලුව ගමන් කළ රථයට පහර දී, වෙඩි තබා ඔහු සතුව තිබූ ලිපිගොණු පැහැරගත්තා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තතිදෙනකු ලබන 29 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (24) මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ දී ය.

-Advertisement-

සෞඛ්‍ය ප්‍රශ්නයක් හැදෙන ලකුණු. රජය අනතුරු අඟවයි

0

මේ දිනවල ඩෙංගු සහ චිකුන්ගුන්‍යා රෝගයේ වේගවත් පැතිරීමක් දක්නට ඇති බැවින් එය මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

එම රෝගය වර්ධනය වීමේ දත්ත අනුව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

උණ රෝගයක් පවතින්නේ නම්, ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

-Advertisement-

පකිස්තානයට දැඩි හානි

0

අධික වර්ෂාව හේතුවෙන් පකිස්තානයේ පුද්ගලයන් 19 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිස 100කට ආසන්නය.

පකිස්තානයේ ඊසාන දිග සහ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි පතිත වෙමින් පවතින අතර ලාහෝර්, ජෙලම්, සියල්කොට් සහ මුසෆරගාර් ප්‍රදේශවලින් මරණ වාර්තා වී ඇත.

ඊසාන දිග පන්ජාබ් සහ වයඹදිග කයිබර් ෆක්ටන්ක්වා ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ. නිවාස රැසකට ද අලාභ හානි සිදුව ඇතර පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යට වී පවති. එමෙන් ම ඇතැම් ප්‍රදේශව විදුලිය ද විසන්ධි වී ඇත.

-Advertisement-

රුසියන් ප්‍රහාරයකින්, යුක්රේන වැසියන් මරුට

0

රුසියාව විසින් එල්ලකරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් යුක්රේනයේ පුද්ගලයන් 12 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (24) රාත්‍රී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිදු වූ ද රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

-Advertisement-