1.6 C
New York
Home Blog Page 28

ට්‍රම්ප්, රටවල් 12 ක පුරවැසියන්ට ඇමරිකාව තහනම් කරයි

0

ආරක්ෂක අවදානමක් ඇති බව සඳහන් කරමින් රටවල් කිහිපයකින් ඇමරිකාවට ගමන් කිරීම තහනම් කිරීමේ ප්‍රකාශයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා (04) සවස අත්සන් තැබීය.

මේ අනුව, ඇෆ්ගනිස්ථානය; මියන්මාරය, චැඩ්; කොංගෝ ජනරජය; ගිනියාව; එරිත්‍රියාව; හයිටි; ඉරානය; ලිබියාව; සෝමාලියාව; සුඩානය; සහ යේමනය යන රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ.

බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් හතක පුද්ගලයින්ට අර්ධ වශයෙන් සීමා පැනවෙනු ඇත.

විදේශීය ත්‍රස්තවාදීන්ගෙන් සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීමට මෙම පියවර අවශ්‍ය බව ට්‍රම්ප් පැවසීය. “අපට හානියක් කිරීමට කැමති අයට අපේ රටට ඇතුළු වීමට අපි ඉඩ නොදෙමු,” ට්‍රම්ප් X හි පළ කරන ලද වීඩියෝවකින් පැවසීය. ලැයිස්තුව සංශෝධනය කර නව රටවල් එකතු කළ හැකි බව ද ඔහු පැවසීය.

මෙම නියෝගය ට්‍රම්ප් සිය දෙවන ධූර කාලය ආරම්භයේදී මෙම වසරේ දියත් කළ සංක්‍රමණික මර්දනයක කොටසකි.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ මුස්ලිම් බහුතර රටවල් හතක සංචාරකයින් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර, 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය තහවුරු කරන තෙක් කිහිප වතාවක්ම මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන ලදී.

ට්‍රම්ප්ගෙන් පසු බලයට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයෙකු වන හිටපු ජනාධිපති ජෝ බයිඩන්, 2021 දී ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනය යන රටවල ජාතිකයින්ට එරෙහි එම තහනම අවලංගු කරමින්, එය “අපගේ ජාතික හෘද සාක්ෂියට කැළලක්” ලෙස හැඳින්වීය.

ට්‍රම්ප් පැවසුවේ, දැඩි සීමාවන්ට යටත් වන රටවල මහා පරිමාණ ත්‍රස්තවාදීන් සිටින බවත්, වීසා ආරක්ෂාව සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වන බවත්, සංචාරකයින්ගේ අනන්‍යතා සත්‍යාපනය කිරීමට අපොහොසත් වන බවත්, අපරාධ ඉතිහාසය පිළිබඳ ප්‍රමාණවත් වාර්තා තබා නොගන්නා බවත් සහ එක්සත් ජනපදය තුළ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ ඉහළ අනුපාත ඇති බවත්ය.

“එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරන අයව ආරක්ෂිතව සහ විශ්වාසදායක ලෙස පරීක්ෂා කළ නොහැකි ඕනෑම රටකින් අපට විවෘත සංක්‍රමණයක් කළ නොහැක,” ට්‍රම්ප් පැවසීය.

-Advertisement-

දැරියක අපයෝජනය කළ ගුරුවරිය සහ සැමියා හිරගෙට

0
Man in prison

පාසැල් දැරියක අපයෝජනය කිරීම සහ එයට අනුබල දීම සම්බන්ධව ගුරුවරියකට සහ ඇගේ සැමියාට කොළඹ මහාධිකරණ විණිසුරු නවරත්න ගමගේ විසින් බරපතල වැඩ සහිතව වසර 45 බැගින් වූ සිර දඬුවම් නියම කෙරිණි. මෙම සිරදඬුවම් වසර 15කින් ගෙවීයන ලෙස ලබාදීමට නියම කළ අතර විත්තිකරුවන් දෙදෙනා විසින් රුපියල් ලක්ෂ 15 බැගින් වූ වන්දියක් අගතියටපත් කාන්තාවට ගෙවිය යුතු බවට ද විනිසුරුවරයා නියම කළේය.

සිය පාසලේ ඉගෙනුම ලබමින් සිටි බාල වයස්කාර දැරියක් නිවසට කැඳවාගෙන පැමිණ සැමියාගේ ඉල්ලීම පරිදි තමන් ඉදිරිපිටදීම ඇයව අපයෝජනය කිරීමට ඉඩදීමෙන් දැරියක සමූහ අපයෝජනය, ඒ සඳහා අනුබල දීම ඇතුළු අධිචෝදනා හයකට මොවුන් වදරකරු කර ඇත.

මෙයට වසර 13කට පමණ පෙර සිදුවූ මෙම අපරාධය සම්බන්දව නිලන්ත රත්නායක හෙවත් නිලංග සහ සුජීවනී ප්‍රියදර්ශනී මහවත්ත යන විත්තිකරුවන් දෙදෙනාට මෙලෙස දඬුවම් නියමකර තිබේ.

මෙම සිද්ධිය වනවිට වින්දිත තරුණිය අවුරුදු 16 මාස 10ක අයෙකු බවත් ඇගේ සම වයසේම පසුවන දැරියන් දෙදෙනකුගේ මවුපියන් වන විත්තිකරුවන් සිදුකර ඇත්තේ ඉතා බරපතල වැරදි බවත් පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතීඥ කේෂාණි විජේසිංහ මහත්මිය අධිකරණයේ කරුණු දක්වමින් පවසා සිටියාය. කෙසේවුවද විත්තිකරුවන් දෙදෙනාට පෙර වැරදි නොමැති බැවින් එක් වරදකට නියම කළ හැකි වසර 20 බැගින් වූ සිර දඩුවම් නියම නොකොට ලිහිල් සිර දඬුවමක් නියම කළ බව විනිසුරුවරයා පැවසීය.

මෙසේ සිර දඬුවම් නියම කරනු ලැබූ යුවලගේ අවුරුදු 17ක් වන බාල දියණියගේ බාරකාරත්වය විත්තිකරුගේ බාල සොහොයුරියට බාර දීමට ද අධිකරණය කටයුතු කළේය.

-Advertisement-

ගාල්ලේ ජාත්‍යන්තර පාසලක දෙමාපියෝ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක

0

ගාල්ල ටෙල්ෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ සිසුන්ගේ දෙමාපියෝ පිරිසක් කොළඹ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ (04) උද්ඝෝෂණයක නිරත වූහ.
ඔවුන් පවසන්නේ වාර්ෂිකව කෝටි ගානක් මුදල් ලබා ගත්තද මෙම පාසල නිවැරදි ප්‍රමිතීන් අනුව පවත්වාගෙන නොයාම හේතුවෙන් තම දරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.
මේ නිසා පාසල නියාමනය කර එහි ඉගෙනුම ලබන දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරන ලෙස දෙමව්පියන් පිරිසක් අගමැති සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදීමට කටයුතු කර තිබිණි. මෙම දෙමාපියන් වැඩිදුරටත් කියා සිටියේ දැනට පාසල පවත්වාගෙන යන finance සමාගම මෙම පාසල විකුණා දැමීම සඳහා වෙනත් ආයතනයකට භාරදී ඇති බවයි.
මෙහි සිසුන් 1300ක් පමණ ඉගෙනුම ලබන අතර සිසුන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බවද සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති බවද දෙමාපියෝ චෝදනා කරති. එමෙන්ම සුදුසුකම් සහිත පුහුණු ගුරුවරුන් මෙම පාසලේ නොමැති නිසා සිසුන්ගේ අධ්‍යාපන තත්වය ද කඩා වැටී ඇති බවත් දෙමාපියන්ගෙන් නැගෙන තවත් චෝදනාවකි.
මෙම පාසලේ දෙමාපිය සංගමයේ සභාපති කමල් ප්‍රියන්ත මහතා පවසන්නේ පාසල විකුණා දමන්නේ නම් එය කඩිනමින් විකුණා දැමිය යුතු බවයි. එමෙන්ම පාසලේ අධ්‍යාපන කටයුතු නැවත ගුණාත්මක ලෙස ප්‍රතිස්ථාපනය කළ යුතු බවත් යටිතල පහසුකම් ඇතිකළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
සමාගම් ලියාපදිංචිය යටතේ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර කිසිදු අධීක්ෂණයක් නොමැතිව මේ පාසල පවත්වාගෙන යන බැවින් අධ්‍යාපනය අමාත්‍යාංශය වහාම මේ සඳහා මැදිහත් වී දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙසද දෙමාපියෝ ඉල්ලා සිටිති.

-Advertisement-

මෙරට දුම්රිය සන්නිවේදන පද්ධතිය ලෝකයේ පළමු තැන ලබද්දී, දුම්රිය රියදුරෝ එය එපා කියති

0

ජනතාවගේ සුරක්ෂිතභාවය තහවරු කරන, ඔවුන්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරන ප්‍රවාහන සේවයක් ගැන කතා කරද්දී සිතට දැනෙන මතකයන් අතර “සුනාමි දුම්රිය” ප්‍රධාන ස්ථානයක් ගනී.

එදා දුම්රියේ ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් අතරින් දිවි බේරාගත් එකම පුද්ගලයා වූ දුම්රියේ ප්‍රධාන නියාමක කරුණාතිලක මහතා මට පසු දිනක මෙසේ කීවාය.

“මුහුද ගොඩට ගලනවා. ඒ නිසා කෝච්චිය අම්බලන්ගොඩ හරි කහව හරි නවත්තගන්න කියලා අපිට පණිවිඩයක් ලැබුණනම් මේ තරම් ජීවිත එතැන දී අහිමිවෙන්නේ නෑ. කොච්චියේ හිටපු අය විතරක් නෙවෙයි දුවල ඇවිත් කෝච්චියට නැගපු මිනිස්සුත් මැරුණා. දුම්රිය මදිරි හැමතැනම විසිරිලා තිබුණේ”

ඔහු තවමත් එය සිහිපත් කරන්නේ මහත් හැඟීම්බරවය.

ඔහු අදින් වසර 20කට පෙරාතුව කීවේ එවැනි අනතුරු වළක්වාගැනීමට නම් ශ්‍රී ලංකාවේ දුම්රිය සඳහා දියුණු සන්නිවේදන පද්ධතියක අවශ්‍යතාවක් ඇති බවයි.  

දැනට මාස කිහිපයකට පෙර මම කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් අපේක්ෂාවෙන් සිටිය දී මේ නිවේදනය සවනට වැකිිණි.

“තුන්වැනි වේදිකාවට පැමිණෙන දුම්රිය, පැය භාගයක් පමණ ප්‍රමාද වී පැමිණෙන බව දුම්රිය මගීන් කරුණාවෙන් සළකන්න.”  

එම නිවේදනය අසා කිසිම මගියෙක් කලබල වූයේ නැත.

රටේ දුම්රිය මගීන්ට එවැනි නිවේදන අලුත් හෝ අමුතු දෙයක් හෝ නොවේ.

ලෝකයේ රටවල් රැසක් අද දුම්රිය ධාවනයේ දී සන්නිවේදන කටයුතු සඳහා නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කරයි. අන්තර්ජාල සේවාවන් සහිත GPS තාක්ෂණය ඇති සන්නිවේදන උපකරණ එවැන්නකි. මෙවැනි තාක්ෂණයක් භාවිතා කරන විට දුම්රිය කාල සටහනේ විනාඩියක් හෝ එහා මෙහා නොවී දුම්රිය ධාවනය වෙයි.  මගීන් ද ඊට පුරුදු විය යුතුය. එවිට රටේ ප්‍රවාහන සේවය වැඩි දියුණු වී පුද්ගලික වාහන මාර්ගයෙන් හැකිතරම් ඈත්ව වාහන තදබදය අඩුවනු ඇත.

එවිට රටක් සංවර්ධනය කරා යනු ඇතැයි අප හැමදාමත් ප්‍රාර්ථනා කරන සුබ සිහින යථාර්ථයක් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එවැනි පද්ධති නිර්මාණය කිරීම ලෝකයේ අලුතෙන් සංවර්ධනය වී ඇති විෂය ක්ෂේත්‍රයක් වන අතර හමුදා, ගුවන්, නාවික ආරක්ෂක පද්ධති සැකසීම, විදුලි ආරක්ෂක පද්ධති සැකසීම, නගර නිරීක්ෂණ ආරක්ෂක පද්ධති සැකසීම පමණක් නොව දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය පද්ධති සකස්කර වැඩිදියුණු කිරීම ද එම ක්‍රමයට සිදුකරයි.

ලෝකය පුරා සිදුකරන එවැනි සන්නිවේදන ක්‍රමවේදයන් අතරින් හොඳම සන්නිවේදන ක්‍රමවේදයට ජාත්‍යන්තර සම්මාන පිරිනැමීම වාර්ෂිකව සිදුවන්නකි. මෙවර ලෝකයේ හොඳම ප්‍රවාහන සන්නිවේදන ක්‍රමවේදය ලෙස ජගත් සම්මානයට පාත්‍ර වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ක්‍රමවේදය සැකසූ හයිටෙරා සමාගමයි. (HYTERA)

ඔවුන් විසින් සැකසූ ක්‍රමවේදයෙන් දුම්රිය පද්ධති යාන්ත්‍රණය මුළුමනින් ම නවීන තාක්ෂණය යොදා සංවර්ධනය කර ඇති අතර විශේෂයෙන් ම දුම්රිය ධාවනය පරිපාලනය කිරීම, දුම්රිය නැවතුම්පොළවල් සහ දුම්රිය රියදුරන්, නියාමකවරු පමණක් නොව කම්කරුවන් පවා එකතු කරගෙන කරන ජාලගත කිරීමකින් ද සමන්විත වේ.

මේ සඳහ වියදම් වූ සියලු මුදල් ලබා දී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) වන අතර ඩයලොග් ආසියාටා සමාගම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු සහ 4G ආවරණ සැපයුම්කරු ද වෙයි.  ශ්‍රී ලංකාවේ මෙම දුම්රිය සන්නිවේදන පද්ධතිය හොඳින් පවත්වාගෙන යාම සඳහා සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි ඩයලොග් 4G සේවා ලබාදීමට නව කුළුණු පවා ඉදිකිරීමට ඩයලොග් ආයතනය කටයුතු කර තිබේ. 

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ තාක්ෂණික ශිල්පියෙක් මෙසේ කීවේය.

“ දුම්රිය සේවාවේ සන්නිවේදන ක්‍රමවේදය සඳහා අපි නව තාක්ෂණික ක්‍රමෝපායක් හඳුන්වලා දුන්නා. මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වුණත් භාවිතා කිරීම ඉතාමත් පහසු වගේම ඉතාමත් ඵලදායී දෙයක් මෙය සම්පූර්ණයෙන් ම දුම්රිය පරිපාලන ක්‍රියාවලියක්. දුම්රිය තිබෙන ස්ථානය හඳුනාගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඒ ඒ කාර්යයන් භාරව ඉන්න සේවකයන් වෙත වෙන වෙනම පණිවිඩයක් යොමු කිරීමේ හැකියාව ආදී දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍යයි කියපු සියලු දේ මේ නව සන්නිවේදන පද්ධතියට ඇතුළත් කළා. ඒ වගේම දුම්රිය කම්කරුවන් පවා මේ ක්‍රමවේදය දැන් භාවිතා කරනවා. මේක ලොකු ජාලගත කිරීමක්.

ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය පාලක මැදිරි තුන වන මරදාන, නාවලපිටිය සහ අනුරාධපුරයේ සිට කිසියම් දුම්රියකට පණිවිඩයවයක් දීම හෝ හදිසි පණිවිඩයක් ලබාදීම බලවත් අසීරු කරුණකි.

නමුත් මෙම නව සන්නිවේදන පද්ධතිය සවිකිරීමත් සමඟ මීටර 50ක් දක්වා නිරවද්‍යතාවයකින් යුතුව දුම්රිය ඇති ස්ථානය සොයාගත හැකි අතර දුම්රියේ රියදුරු, නියාමකවරයා පවා සම්බන්ධ කරගැනීමටත් ආසන්න දුම්රිය නැවතුමට පණිවිඩයක් දීමටත් හැකියාව ඇත. අවශ්‍යනම් පාලක මැදිරියේ සිට අදාළ දුම්රියේ ධාවනය පාලනය කිරීමට ද ( Speed monitor ) හැකි ආකාරයෙන් ජීපීඑස් සහිත මෙම සන්නිවේදන උපකරණ කට්ටලය නිපදවා තිබේ. එය විද්‍යාව හා තාක්ෂණය යොදා සිදුකරන ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

දැනටමත් දුම්රිය 275ක් සඳහා GPS සහිත සන්නිවේදන උපකරණ කට්ටල සවිකර ඇති අතර තව නොබෝ දිනකින් තවත් දුම්රිය 80කට එම පද්ධති සවිකර අවසන් කෙරෙනු ඇත.

ජීපීඑස් තාක්ෂණය සහිත මේ නව සන්නිවේදන පද්ධතිය  සම්පූර්ණ කර මුලින් ම භාර දී ඇත්තේ 2023 වර්ෂයේ දී ය. මෙම ක්‍රමය ආරම්භ කරන තුරු දුම්රිය දෙපාර්තමේන්තුවට නිවැරදි සහ කාර්යක්ෂම සන්නිවේදන ක්‍රමයක් තිබුණේ නැත.

දුම්රිය රියදුරාට ප්‍රධාන නියාමකවරයා පණිවිඩය දෙන්නේ නලාවක් පිඹීමෙන්, කොඩියක් වැනීමෙන් සහ වර්ණ සංඥාවක් භාවිතාව වැනි යල් පැන ගිය සන්නිවේදන ක්‍රමවලටය. ඒ එදා බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාවට දුම්රි‍ය සේවාව හඳුන්වා දුන් අවදියයි. අදටත් ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වෙනස් වී නැත.

නමුත් ‍ලෝකය තාක්ෂණික වශයෙන් වේගයෙන් ඉදිරියට යද්දී මෙවැනි පද්ධතීන් වැඩිදියුණු කිරීම ගැන සිහින මැවූ තරුණ තරුණියෝ ඒවා සංවර්ධනය කළහ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආකාරයේ නව සන්නිවේදන ක්‍රම බිහි කළහ. හයිටෙරා සමාගම, ඩයලොග් ආසියාටා වැනි සමාගම්අ මේ ක්‍රම ඉදිරියට ගෙන යද්දී ආසියානු සංවර්ධන බැංකුව ද මූල්‍ය දායකත්වය ලබාදුන්නේ මෙම නව සන්නිවේදන පද්ධතිය භාවිතයෙන් රටේ දුම්රිය සේවය ඉහළටම ඔසවා තැබිය හැකි බව දන්නා බැවිනිි.

නමුත්, අපේ ඇතැම් වෘත්තීය සමිති ගතානුගතික අදහස් කරපින්නාගෙන වෙනස් වීමට කිසිදු අදහසක් නැතිව බලයට පත්වන ආණ්ඩුවලට තම බලය පෙන්වීමට ගන්නා උත්සාහයෙන් එකතැන ම පල්වන්නේ මෙරට ජනතාවයි. රටේ සංවර්ධනයයි.

පසුගිය රජය පැවැති කාලයේ දී ජාතික නවෝත්පාදක ඒජන්සියෙන් (NIA) සංවිධානය කළ රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එහි දී සාකච්ඡාවට ගැණුනේ, දුම්රිය පමාවට, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සහ දුම්රියේ අලි ගැටීම නිසා සිදුවන අනතුරුවලට, විද්‍යාත්මක විසඳුම් සෙවීම යන කරුණු කිහිපයකි. අදාල මේ ප්‍රශ්න සඳහා විද්‍යාත්මක විසඳුම් ලබාදිය හැකි බොහෝ දෙනකු සහභාගී වී සිටියහ. සෑම ප්‍රශ්නයකට ම ඔවුන් සතුව ඉතා ඉහළ තාක්ෂණය සහිත විද්‍යාත්මක යෝජනා විය. හැම විසඳුමකම අවසානයේ ඔවුන් අවධාරණය කළේ දුම්රිය එන්ජින් සඳහා GPS තාක්ෂණය අවශ්‍ය බවයි.

සභාවෙ හිටිය විද්වතෙක් පැය දෙකකට විතර පසු ප්‍රශ්න කළේ මේ විදියට

“දුම්රිය එන්ජින්වල GPS තියෙනවා නේද?”

“ඔව් තියෙනවා”

“එන්ජින් කීයක තියෙනවද?”

“හැම එකකම තියෙනවා”

“ඉතින් මොකක්ද ප්‍රශ්නෙ”

“ඒවා වැඩ කරන්නෙ නැහැ”

“ඒ කියන්නෙ ඒවා කැඩිලද?”

“නැහැ – කැඩිලා නැහැ”

“එහෙනං….?”

දුම්රිය ලොක්කා උත්තර දෙන්නේ නෑ.

ඒ අස්සේ සභාවේ තවත් විශේෂඥයෙක් හඩ අවදි කළා.

“කැඩිලා නෙමෙයි – රියදුරෝ ඕක ඔන් කරන්නෙ නැහැ. ඒ අය GPS වලට විරුද්ධයි. ඒ නිසා සවි කරපු දා ඉඳන් ඒවා එහෙමමයි. ඒ අය ඔය සිස්ටම් එක ඔන් කරනකං ඔය කිසිම තාක්ෂණයක් පාවිච්චි කරන්න බැහැ.”

දුම්රිය ලොක්කාට උත්තර නැත. රටේ ඉහළම ආයතනයක ඉහළම නිලධාරින් පනහක් විතර පිරිසක් පැය දෙකක් විතර කළ සාකච්ඡාව අවසන් උනේ දුම්රිය රියදුරන්ගෙ මේ ප්‍රශ්නයෙනි. කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා තාක්ෂණය සවිකරත් කීප දෙනෙක් ගෙ උවමනාවට ඒවා ක්‍රියාත්මකවෙන්නෙ නැත.

ඇත්තටම මොකක් ද වෙලා තියෙන්නේ.

දුම්රිය රියිදුරන්, තමන්ගේ ගතානුගතික අදහස් වලින් මිදෙන්න කැමති නෑ. වේලාවට කලාවට දුම්රිය ධාවනය කරන්නේ නෑ කියලා අනිත් අය දැනගන්න එක එයාලට ප්‍රශ්නයක්.

හැම දුම්රියක ම නැතිව වැඩක් නෑ කියනවා. පිටිපස්සේ තියෙන ඩමියටත් ඕනලු. ඉස්සෙල්ලා ප්‍රධාන එන්ජිමේ එක ඔන් කරන් ගියාම ඩමියටත් හයි කරන්න පුළුවන්නේ.

මේ උපකරණය සවි කළොත් දුම්රිය කන්ට්‍රෝල් යුනිට් එකට දුම්රිය පාලනය කරන්න පුළුවන් කියන එකත් රියදුරන්ගේ විරෝධතාවයට තවත් හේතුවක්.

දැන් කියනවා ජීපීඑස් සවි කළාම ඉන්ෂුවරන්ස් ගෙවන්නේ නැහැ කියලා

දුම්රිය රියදුරන් මේක දුම්රිය සන්නිවේදන ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළත් එය දැන් ලෝකයේ හොඳම සන්නිවේදන ක්‍රමවේදය බවට පිළිඅරගෙන ඉවරයි.

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ආචාර්ය රංග කලංසූරිය මේ සටහන සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ පසුගිය දා අලි 07 දෙනකු මීනගයා දුම්රියේ හැපී මියයාමේ සිද්ධියත් එක්ක. ඒ සිද්ධිය සම්බන්ධයෙන් රටම කම්පා වෙද්දී ආචාර්ය කලංසූරිය මේ පරණ ජීපීඑස් ඇදලා අරගෙන තිබුණා.

ඒ කතාව සමාජ මාධ්‍යයේ පළ කරලා පැය කිහිපයකින් ඔහුගේ පාසල් එකම පන්තියේ හිටපු මිත්‍රයෙක් කතා කරාලු ඒ මිත්‍රයා තමයි, දැන් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා. ඔහු මේ තනතුරේ වැඩ භාරගත්තෙත් 2025 අවුරුද්දේ මුල් දින කිහිපයේ දී. ඉතින් එකම පන්තියේ ඉගෙන ගත්තු නව දුම්රිය සාමාන්‍යාධිකාරී තුමා තම පාසල් මිත්‍රයට අපූරු පොරොන්දුවක් වෙලා.

“මචං, මම මාසයක් ඇතුළත මේ වැඩේ කරනවා. දැනටමත් මූලික වැඩ පටන් අරන් ඉවරයි.” ඒ තමයි ධම්මියක ජයසුන්දර මහත්තයා තමන්ගේ මිත්‍රයාට දීපු පොරොන්දුව.

කෝටි ගණන් මුදල් වැය කරලා රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති දුම්රිය රියදුරන් 375ක් විසින් අටවගත්තු වෘත්තීය සමිතියක් නිසා ප්‍රයෝජනයට ගන්න බැරි තත්වයකට පත්වෙනවා නම් ඒ ගැන ජනතාව යමක් කළ යුතුයි.

මේවා වෘත්තීය සමිති සල්ලි නෙවෙයි.

වෘත්තීය සමිතිවල බලය පෙන්වලා රටේ බලයට පත්වෙච්ච ජාතික ජන බලවේගය ආණ්ඩුවත් මේවා සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන ඉන්නවානම් කළ යුත්තේ කුමක් ද ?

රියදුරන්ගේ වෘත්තීය සමිතියක් මේ ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ ලෝකයේ හොඳම ප්‍රවාහන සන්නිවේදන ක්‍රමවේදය ලෙස ජාත්‍යන්තර සම්මානයට පත්වෙච්ච දෙයක්. වෘත්තීය සමිතියක බලයට යටත් වෙලා ජනතාවගේ අයිතිවාසිකම් අහිමිකරලා.

මෙම ජාත්‍යන්තර සම්මානය ලබා දී ඇත්තේ ලෝකයේ අවදානම් සහගත සන්නිවේදන කටයුතු කරන හමුදාමය, ප්‍රවාහන ආයතන සහ ඒවා නියාමනය කරන ආයතන එකතු වී බිහිකරන ලද ICCA නමැති ආයතනයකි.

ලෝකයේ හොඳම සන්නිවේදන මෙහෙයුම් පද්ධතිය බිහිකර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් බවට ලෝක සම්මානයට පාත්‍ර වුවත් වුවත්අදටත් මේ පද්ධතියේ සම්පූර්ණ කාර්යක්ෂමතාව රටට අහිමි වී තිබේ.

දුම්රිය රියදුරන් දුම්රිය එන්ජිමට පැමිණ සිය රාජකාරී කටයුුත ආරම්භ කරද්දී සිය ප්‍රථම කාර්යය ලෙස ලෝකයේ හොඳම සන්නිවේදන පද්ධතිය මේ ආකාරයෙන් ක්‍රියා විරහිත කරන්නේ නම් මෙවැනි ගතානුගතික පිරිසක් සමඟ රටක් කෙසේ සංවර්ධනය කළ හැකිවනු ඇත්ද ?  

මෙම පද්ධතිය දුම්රිය රියදුරන් විසින් ක්‍රියාවිරහිත කරන බැවින් එම පද්ධතියෙන් ලබාගත හැකි සේවාවන්ගෙන් 25%ක් වත් රටේ ජනතාවට ලැබෙන්නේ නැත. සුළු පරිසකගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා රටේ ජනතාව හැමදාමත් විසඳුම් නැතිව දුක්විඳිනු ඇත.

-Advertisement-

අනුදි සියරට පැමිණෙයි

0

Miss world තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) නැවත ශ්‍රී ලංකාවට පැමිණියාය.

Miss world තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වුණු අතර එය 72 වැනි Miss world  තරඟාවලියයි. ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේ දී එහි අවසන් තරඟ වටය පැවැත්විණි.

ලෝකය පුරා රටවල් 108ක තරඟකාරිනියන් Miss world සඳහා තරඟ වැඳුණු අතර එය විවිධ අංශ යටතේ පැවැත්විණි.

එම තරඟ අංශවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වට සඳහා සුදුසුකම් ලබාගැනීමට ද ඇය සමත් වුවාය.

ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බව ඇය පත්වූ නමුත් සමස්ත තරඟාවලියේ අවසන් 40 දෙනා අතරට පැමිණීමට ඇයට අවස්ථාව ලැබුණේ නැත.

-Advertisement-

මාස එකහමාරක බිළිඳකු, කොරෝනා වයිරසයට ‍ ගොදුරු වුණේ ඇයි ?

0

ගාල්ල ජාතික රෝහ‍ලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාට උපතින් ම හෘද රෝගී තත්වයක් තිබූ බව රෝහලේ වෛද්‍යවරු කියති.

ඇල්පිටිය, වල්අඹගල, ඉහළගහවත්ත ප්‍රදේශයේ පදිංචි මවක විසින් බිහිකරන ලද මෙම බිළිදාගේ එම සංකූලතා වෛද්‍යවරු හඳුනාගෙන සිටි බවත් හදිසියේ ම නිව්මෝනියා තත්වයක් ඇතිවීම නිසා පසුගිය මැයි 17 වැනි දින රෝහලගත කර ඇත.

ගාල්ල ජාතික රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම බිළිඳාගේ ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවා තිබිණි. එහි දී තහවරු වී ඇත්තේ මෙම බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.  පසුගිය 25 වැනි දා මෙම බිළිඳා ගාල්ල ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රංග සභාපතිගේ මහතා පවසයි.

මෙම දරුවාට ආසදනය වී ඇති කොරෝනා වයිරසය මේ දිනවල ආසියානු රටවල පැතිර යන නව කොරෝනා වයිරසය ද යන්න මෙතෙක් තහවරු කරගෙන නැතැයි ද  වෛද්‍ය අංශ පවසයි.

ආසියාතික රටවල කොරෝනා රැල්ලක් නැවත ඇතිවෙමින් තිබෙන අතර ශ්‍රී ලංකාවෙන් ද එම නව ප්‍රභේදය ආසාදිත රෝගීන් වාර්තා වී තිබේ. එය වේගයෙන් පැතිරයන ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම ජීවානුහරණ ද්‍රාවණ භාවිතයට හෝ නිතර අත් සබන් දා සේදීමට හෝ කටයුතු කරන්න යැයි ද සෙනඟ ගැවසෙන ස්ථානවල රැඳී සිටීම හැකිතාක් සීමා කරන ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

මෙම නව වයිරසය නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට වැඩි සංකූලතා ඇතිකරන බව ද වෛද්‍යවරු කියති.

-Advertisement-

බෝපේ පෝද්දල මුල් පුටුවට කාන්තාවක්

0

ගාලල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට මෙවර කාන්තාවක් පත්ව සිටියි. එම ප්‍රාදේශීය සභාවේ සභාපතිධූරයට පත් ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. ජාතික ජන බලවේගයෙන් ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ ආකොක්කාවල ලියනගේ ජයමිණි අද (02) උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කළාය.

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිධූරයට පත්ව සිටින්නේ වෘත්තියෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කළ ඉඳුනිල් තරංග වීරසිංහ මහතාය. බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට පත්ව සිටින සභාපති, උප සභාපති ඇතුළු සියලු නියෝජිතවරු අද (02) එම සභාවට පැමිණ සිටි අතර ආගමික වතාවත් මධ්‍යයේ නව සභාපතිනිය රාජකාරී ආරම්භ කළාය.

එම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවී මහතා ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන චානක මාදුගොඩ මහතා සහභාගී වී සිටියහ

-Advertisement-

ෆෝන් චාජරය නිසා, මවක අවාසනාවන්ත ලෙස මිය ගිහින්

0

ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය 25 වැනි දා මියගිය 57 හැවිරිදි දෙදරු මවගේ මරණයට හේතුව දුරකථන චාජරයකින් වෝල්ට් 110ක විදුලි ධාරාවක් ශරීරගත වීම බව අනාවරණය වී තිබේ.

මේ බව සොයාගෙන ඇත්තේ එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල ජාතික රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාගේ දැනුම්දීමක් මත ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් කරන ලද ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුවය.

මෙලෙස මියගොස් ඇත්තේ වංචාවල, හල්ගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි බඹරැන්දගෙයි විනීතා පද්මිණී. නමැති කාන්තාවකි.

ඇයගේ මරණ පරීක්ෂණයේ දී ඇගේ දකුණතෙහි විදුලි සැර වැදීමෙන් ඇති වූ විශාල තුවාල කැළලක් දක්නට ලැබී ඇති අතර එක් පියයුරකින් විදුලිය පිටවී තිබුණේ එම පියයුර පුපුරා තුවාලයක් ඇතිකරමිනි.

නමුත් ඇයට විදුලිය වැදුණු ආකාරය පිළිබඳ නිශ්චිතව තීරණයක් ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් කිරීමේ දී විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද කැඳවා ඇත.

මියගිය කාන්තාවගේ සැමියා කනංකහේවා ගමගේ චන්ද්‍රසිරි (68) මෙසේ කීවේය.

“මම විශ්‍රාමික හමුදා සේවකයෙක්. නිවසේ සිටින්නේ මමත් බිරිඳත් විතරයි. ඇයට ලොකු අසනීපයක් තිබුණේ නෑ. 25 වැනි දා මම නිවසින් බැහැරව ගියා. බිරිඳ පමණයි නිවසේ සිටියේ. මම පැයකින් විතර එනවිට බිරිඳ පේන්න හිටියේ නෑ. ඇගේ දුරකථනය නාදවුණා. කාමරය පැත්තෙන් සද්දය ආපු නිසා මම ඒ පැත්තට ගියා. ඇය කාමරය ඇතුළේ දොර අසළම උඩුබැලි අතට බිම දිගා වී නිදා සිටියා. වෙනදාටත් ඇය බිම නිදාගන්නවා. මම ඇහුවා ෆෝන් සද්දේ ඇහෙන්නේ නැද්ද කියලා. ඇය කිසිවක් කීවේ නෑ. මම ඇයව සෙළෙව්වා. ඒත් කතා කළේ නෑ. ඒ වෙලාවේ මම දැක්කා එයාගේ දකුණු අතේ සුළැගිල්ලටත් අනෙත් ඇඟිල්ලටත් තද වෙලා  ෆෝන් චාජරේ ෆෝන් එකට ගහන පැත්ත තියෙනවා. අනෙක් පැත්ත බිත්තියේ ප්ලග් එකට සවිකරලා තිබුණා. මම කෑ ගහලා අනිත් අයට කතා කළා. 1990ටත් කවුදෝ එන්න කියලා. අපි බිිරිඳව ත්‍රී රෝද රථයක දාලා කරාපිටියට යැව්වා. මම යතුරුපැදියකින් පස්සෙන් ගියා. 1990 මගට ඇවිත් බිරිඳව අරගෙන කරාපිටිය රෝහලට ටගෙන ගියා. මමත් රෝහලට ගිහින් ටික වෙලාවකින් වෛද්‍යවරු කිව්වා ප්‍රතිකාර පටන්ගත්තත් බිරිඳ මියගියා කියලා.”

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද්දේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.ජී.බී.ජයරත්න මහතා විසිනි. එහි දී වෛද්‍යවරයාගේ නිගමනය වී ඇත්තේ ඇගේ දකුණු අතේ තිබෙන විදුලි සැර වැදුණු තුවාලය සහ පියයුරක ඇති විදුලිසැර පිටවීමේ තුවාලය ඉතාමත් අසාමාන්‍ය බවයි. එමෙන් ම එවැනි තුවාලයක් ඇතිකරමින් පුද්ගලයකු මරණයට පත්වීමට තරම් විදුලියක් ෆෝන් චාජරයක් නිසා ශරීරගතවූයේ ද යන්න ගැටලුවක් බව ද වෛද්‍යවරයාගේ නිගමනය විය.

ඒ අනුව හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ සහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ගාල්ල ප්‍රධාන ඉංජිනේරු ඊ.ජී.යූ.සුභාෂණ මහතාට නියෝග කර ඇත්තේ මේ මරණය සම්බන්ධ ස්ථානීය පරීක්ෂණයක් සහ විශේෂඥ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

හදිසි මරණ පරීක්ෂකවරයා සහ අක්මීමණ පොලිිසයේ නිලධාරීන් සමඟ විදුලිබල මණ්ඩලයේ උදේශ් නන්දන ධර්මසිරි කරවිට මහතා, ඩී.අයි.යූ.පෙරේරා මහතා සහ ලක්ෂාන් ද සිල්වා මහතා ද එම නිවසට ගොස් ස්ථානීය පරීක්ෂණයක් පවත්වා ඇත.

එහි දී අනාවරණය වූයේ මෙම නිවසේ පැන්නුම් ස්විචය (Trip switch) අක්‍රිය වී තිබී ඇති බවයි. එමෙන් ම ඇයගේ ෆෝන් චාජරය පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ එම චාජරයෙන් වෝල්ට් 110ක විදුලිබලයක් නිකුත්වන බවයි. ෆෝන් චාජරයේ දෝෂයක් ඇති බව නොදැන ඇය එම චාජරය භාවිතා කරද්දී විදුලි කාන්දුව සිදුවී ඇති අතර පැන්නුම් ස්විචය ක්‍රියාත්මක වූයේ නම් විදුලිය ක්ෂණයකින් විසන්ධි වී ඇගේ ජීවිතය බේරාගැනීමට හැකිවනු ඇතැයි ද විදුලිබල මණ්ඩලයේ වාර්තාවේ සඳහන් වී ඇත.

එම වාර්තාව සහ වෛද්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මෙම මරණය ෆෝන් චාජරයෙන් විදුලිසැර වැදීම හේතුවෙන් සිදු වූ මරණයක් බව නිගමනය කළේය.

-Advertisement-

ගාල්ලේ දී බිළිඳකු, කොරෝනා සෑදී මරුට

0

ගාල්ල ජාතික රෝහලේ දී පසුගිය දිනක මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳාට කොරෝනා ආසාදනය වී තිබුණේ යැයි මේ වනවිට තහවරු වී තිබේ.

ගාල්ල ජාතික රෝහලේ අධයක්ෂ වෛද්‍ය රංග දිසාපතිගේ කියා සිටියේ එම දරුවාගේ ‍පටක සාම්පල කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයට යවා සිදුකරන ලද පරීක්ෂණවලින් මේ බව තහවරු වූ බවයි.

-Advertisement-

පළාත් පාලන ආයතන නියෝජිතයන් ගැසට් කරයි

0

2025 පළාත් පාලන මැතිවරණයෙන් ඒ ඒ ආයතන සඳහා තේරීපත් වූ සභිකයන්ගේ නාම ලේඛන මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇත.

එම නාමලේඛන සිකුරාදා (30) මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂම විසින් දැනුම් දී තිබූ අතර එම නම් සහිත ගැසට් පත්‍රය අද නිකුත්කර ඇත.

එම ගැසට් පත්‍රය පහතින්,

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් වෙයි by poornima on Scribd

-Advertisement-