ලෝකයට දරුණු ව්‍යසනයක් සිදුකළ කොරෝනා වසංගතය හේතුවෙන් 2025 වනවිට ළමා විවාහ වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකි බව සේව් ද චිල්ඩ්රන් ආයතනය පවසයි.වසංගතය හේතුවෙන් දරිද්‍රතාවය වැඩිවීම නිසා මෙම තත්ත්වය උදාවන බවත් පාසැල් යෑමට නොහැකි වන ගැහැණු දරුවන් රැකියාවකට හෝ විවාහයට බලකෙරෙනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් වසර 25ක් තිස්සේ ලබාගත් ප්‍රගතිය ආපසු හැරවීමක් සිදුවන බවයි.දකුණු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සමහර ප්‍රදේශ වල ගැහැණු දරුවන් වඩාත් අවදානමට ලක්වියහැකි කොට්ඨාශ ලෙස හඳුනාගෙන තිබේ.අඩුවයසින් විවාහ වීම හේතුවෙන් ගැහැණු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර මානසික අවපීඩනය, ප්‍රචණ්ඩත්වය, ආබාධිත බව හෝ සමහරවිට මරණය පවා උරුම වන බවද ඔවුහු පවසති.පසුගිය වසර 25 තුළ ළමා විවාහමිලියන 78.6ක් පමණ වළක්වා ගැනීමට හැකිවී ඇතත් මේ වනවිට එහි ප්‍රගතිය නතර වී ඇතැයි ළමා ආරක්ෂණ උපදේශක ෆ්ලැනගන් පැවසීය.මේ සම්බන්ධව අවධානය යොමු නොකළහොත් 2025 වනවිට ළමා විවාහ මිලියන 61ක් පමණ සිදුවිය හැකි බවද ඇය පවසයි.2020 වර්ෂයේදී පමණක් ලොවපුරා අළුතින් ළමා විවාහ 500,000ක් පමණ සිදුවිය හැකි බවත් තවත් මිලියනයක් පමණ ගැබ්ගැනීම් වලට ලක්විය හැකි බවත් සඳහන් වේ.
වියාලේන්ද්‍රන්ට රාජ්‍ය ඇමතිධූරයක්
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.
දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් සොයාගනී
ගම්පහ රෝහලේ ප්‍රතකාර ලබමින් සිට කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වූ දිවුලපිටියේ පදිංචි කාන්තාව මිනුවන්ගොඩ, යකාදුව ප්‍රදේශයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක බව සෞඛ්‍ය අංශ පවසයි.
39 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව සේවය කරන කර්මාන්තශාලාව වායු සමනය කර ඇති බවත් ඒහි සේවක සේවිකාවන් 400ක් පමණ රැකියාව කරන බවත් අනාවරණය වී තිබේ. මේ වනවිට එම සියලු සේවක සේවිකාවන්ගේ නිවෙස්වෙත ගොස් දැනුම්ත් කිරීමේ කටයුතු සෞඛ්‍ය අංශ විසින් ආරම්භ කර තිබේ.
එම කාන්තාව සමග බසයේ ගමන්ගත් 40ක පමණ පිරිසක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එම කාන්තාවගේ සැමියා, දරුවන් සිව්දෙනා සහ ඇගේ පියා ද මේ වනවිට නිරෝධායනය යොමුකර සිටිති. සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ඉන් එක් දරුවකුට හුස්මගැනීමේ අපහසුතාවක් සහ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් තිබෙන බවයි. එම කාන්තාව සේවය කළ ඇඟළුම් කම්හලේ ගොඩනැගිල්ල මුද්‍රා තැබීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
ලංකාවේ මුල්ම “පෝර්ට් සිටිය” – ගාල්ල
සියලු සැප සම්පත් සහ පහසුකම්වලින් සමන්විත තාර්ෂිස් නමැති සුන්දර නගරයක් පිළිබඳ බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සඳහන් වේ. ලොව සෑම දෙසින් ම නැව්වලින් පැමිණෙන වෙළෙඳුන් මේ අපූරු නගරයේ දී තමන් ගෙන එන් භාණ්ඩ විකුණා තම රටට අවැසි ද්‍රව්‍ය මිලදී ගෙන ආපසු යන බවත් වරාය නගරයක් වූ මේ පුරවරය ලොව ඇති මනබන්ධනීය දියුණු නගරයක් බවත් එහි දැක්වෙයි.
යෙරුසෙලමේ පාලකයා වූ සොලමන් රජුට ඇතුන් සහ මොණරුන් මෙන්ම මුතු මැණික් ද සැපයුවේ ආසියාවේ පිහිටි මේ තාර්ෂිස් වරායෙන් බව සඳහන්වේ.
පුරාණ අරාබි, පර්සියානු හා චීන වෙළෙඳුන්ගේ පමණක් නොව ඉසුරු සොයා පෙරදිග ආක්‍රමණය කර යුරෝපීය ජාතීන්ගේත් විශ්වාසය වූයේ එලෙස විස්තරකර ඇති ”තාර්ෂිස්” නගරය නම් ගාල්ල බවයි. ජේම්ස් එනර්සන් ටෙනන්ට් පවා පවසන්නේ මේ සමෘද්ධිමත් නගරය ගාල්ල වරාය බවයි. අතීතයේ ගාල්ල මහා වෙළෙඳ නගරයක් විය.
යුරොපීයයන් පැමිණීමට පෙර අපට ගාල්ල පිළිබඳ පැරණිතම තොරතුරු හමුවන්නේ ග්‍රීක ජාතික කොස්මාස් ඉන්ඩිකැප්ලියුටස් ගේ වාර්තා අතරිනි. ක්‍රිස්තු වර්ෂ 545 දී ඔහු ගාල්ල වරාය හා එ් ආශ්‍රිත නගරය පිළිබඳ සටහන් තබා තිබේ. ඔහුගේ සටහන් අනුවව එවකට මෙරට පාලකයන් දෙදෙනකු සිටියේය. මෙරට සෑම දිසාවකම වරාය පිහිටි බවත් එ්වාට විදෙස් නැව් පැමිණි බවත් ඔහු සටහන් කර ඇත. දකුණේ වෙළෙඳ නගරයක් වෙනම රජ කෙනෙකු විසින් පාලනය කළ බවත් ඔහු විස්තර කර තිබේ. ක්‍රිස්තු වර්ෂ 1000 දී අල මසුදි නමැති ග්‍රීක ජාතිකයකු ද ගාල්ල පිළිබඳ සටහන් තබා තිබේ.
ඉන් පසු ගාල්ල ගැන ලිඛිත සාක්ෂි ලැබෙන්නේ මහාවංශයෙනි. පෙෙළාන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජුගේ පාලන කාලයේ දී ය. මහාවංශයේ ගිං නදිය පිළිබඳවත් ගාල්ල අවට ගම්මාන පිළිබඳවත් තොරතුරු දැක්වෙයි. වර්ෂ 1344 දී මෙරටට පැමිණි ඉබන් බතූතා ගාල්ලට ගොඩබැස්ස විදෙස් යාත්‍රිකයෙකි. ගාල්ලේ වරාය පිළිබඳවත් වෙළෙඳ නගරය පිළිබඳවත් අපූරු විස්තරයක් කරන හෙතෙම ගාල්ලේ ඊබ්‍රහිම් නම් මුස්ලිම් ජාතික වෙළෙන්දකුගේ නිවසේ දී ලැබුණු සැළකිලි ගැන පවා සටහන් කර ඇත.
වර්ෂ 1421 දී හෝ ඒ ආසන්න කාලයේ දී විශාල සේනාවක් සමග ගාල්ලට පැමිණි චීන ජාතික චිං හ චෙං හෝ නමැති සෙනෙවියා චීන, පර්සියන්, හා දෙමළ භාෂාවලින් සටහන් තැබූ සෙල්ලිපියක් 1911 දී ගාල්ල නගරයෙන් සොයාගැනීමත් සමග ගාල්ල වරායේ අතීත සම්බන්ධතා පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ලැබිණි.
14 වැනි සහ 15 වැනි සියවස්වල ලියැවුණු මයුර, කෝකිල හා පරවි සංදේශවල ද ගාල්ල වෙළෙඳ නගරය පිළිබඳ වර්ණනා කර තිබේ.
සීතාවක රාජධානි කාලයේ මායාදුන්නේ රජුගේ හේවායන් පිරිසක් රැඳවූ බළකොටුවක් ගාල්ලේ තිබූ බවත් ඔවුන් වරාය සහ නගරය පාලනය කළ බවත් වංශකතාවල දැක්වේ.
පෘතුගීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගනිද්දී ගාල්‍ලේ සිටි සීතාවක රජුගේ හේවායන් පළවාහැර ඒ අසළ තිබූ වරායත් ඔවුන්ගේ බලකොටුවත් අල්ලාගත් බව කියවේ. අද දක්නට ඇති ගාල්ල කොටුව නිර්මාණය වන්නේ ඉන් පසුවය.
ගාල්ල බලකොටුව යුද කටයුතු සඳහා හේවායන් රඳවා භාවිතා කර බළකොටුවක් පමණක් නොවේ. එය මහා නගරයකි. මෙරට මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළ පෘතුගීසීන් හා ලන්දේසීන් ද රටම නතුකරගත් බ්‍රිතාන්‍යයන් ද ගාල්ල මහා නගරයක් බවට පත්කර මෙරට පාලනය කළේ එම ස්ථානය ප්‍රධානත්වයේ පවත්වාගනිමිනි.
මෙරට පැරණි වරායයන් අතරින් අතිශය වැදගත් හා ප්‍රධාන ස්ථානයක් ගන්නා ගාල්ල වරායේ වෙළෙඳාම ආශ්‍රිතව ගොඩනැගී තිබූ ගාල්ල නගරය වඩාත් සංවිධානාත්මකව ඔවුහු ගොඩනැගූහ. ඔවුහු ගාල්ල මෙරට වරාය නගරයක් බවට පත්කරන ලදී. එහි නෂ්ඨාවශේෂ අද ද ගාල්ලේ දක්නට ලැබේ.
ගාල්ල ස්වභාවික වරාය ආශ්‍රිතව පෘතුගීසීන්විසින් ඉදිකරන ලද පැරණි කොටු පවුර අදටත් සුරක්ෂිතව තිබෙන අතර එම කොටුපවුර ද සහිතව වඩාත් විශාල කර ගාල්ලේ මුහුදට නෙරාගිය තුඩුව වටා ඕලන්ද ජාතිකයන් විසින් ප්‍රාකාරයක් බඳවා නිර්මාණය කළ වරාය නගරයේ පැරණි තේජස අදට ද විරාජමානව දක්නට ලැබේ.
මේ වරායේ ඉතිහාසය තවමත් කිසිවෙකුට නිවැරදිව කිව නොහැකිය. නමුත් ලෝකයේ මුහුදු ගමන් ආරම්භ වූ මුල් වකවානුවේ දී ම ගාල්ල වරාය පෙර අපරදිග යාත්‍රා කළ නාවිකයන්ගේ අපූරු නැවතුම් ස්ථානයක් වූවාට සැකයක් නැත.
රජු සහ වෙනත් ස්වදේශීය වෙළෙඳුන් විසින් අළෙවිය සඳහා ගෙන එන අලි ඇතුන්, මුතු මැණික්, කුරුඳු ඇතුළු කුළු බඩු වර්ග, පුවක් මෙන්ම කලා නිර්මාණ ද ගාල්ලේ දී විදේශ රටවලට ගෙන යාම සඳහා නැව් ගත කෙරිණි. ඒවා ගබඩා කිරීම සඳහා ඕලන්ද ජාතිකයන් විසින් ගාල්ල කොටු පවුරේ එක් පැති බැම්මක ඉදිකරන ලද සුවිසල් බඩු ගබඩාව අදට ද ගාල්ලේ වෙළෙඳාම කොතරම් විශාලව පවතින්න ඇත්ද යන්න පිළිබඳ හොඳ සාක්ෂියකි.
මෙවැනි බඩු ගබඩා පමණක් නොව ගාල්ල වරාය නගරයේ පදිංචිකරුවන්ගේ පෞද්ගලික නිවාස, ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස, දේවස්ථාන, පරිපාලන ගොඩනැගිලි, වරාය ඔස්සේ රටට ඇතුළුවන අමුත්තන්ට නවාතැන් ගැනීමට තානායම්, රෝහල්, ආයුධ නිෂ්පාදනාගාර, වෙඩි බෙහෙත් ගබඩා, සිරකුටි, ආරක්ෂක භටයන්ගේ නවාතැන් ස්ථාන, සිරකුටි, අශ්ව ගාල්, දේවස්ථාන, සුසාන භූමි ආදී සියල්ලෙන් මේ නගරය සමන්විත ව තිබිණි.
ගාල්ල කොටුවේ එකිනෙකට සමාන්තරව හා තීර්යක් ලෙස දිවෙන වීදි දෙපස නිවාස ඇතුළු ගොඩනැගිලි ඉදිකර තිබූ අතර ඒ ඒ වීදි විවිධ කර්මාන්ත හා වෘත්තීන්ට අයත් වූවන් සඳහා වෙන්කර තිබුණේ වඩාත් සංවිධානාත්මක නරගයක් නිර්මාණය කරමිනි.
ගාල්ල වරාය හා වරාය නගරය යුරෝපීය පාලන කාලයේ දි කොතරම් වැදගත් වූයේ ද යන්න සනාථ වන්නේ මෙරට මුල්ම ගැස්ට් පත්‍රය මුද්‍රණය කළ මුද්‍රණාලය පවා ගාල්ලේ කොටුවේ පිහිටුවීමෙනි. යුරෝපයේ සිට පැමිණෙන නැව්වලින් ලැබෙන පණිවිඩ කොළඹට ගෙන යාම සඳහා පරවි තැපැල් සේවයක් මුල් කාලයේ ගාල්ලේ ක්‍රියාත්මක වූ අතර පසුව තැපැල් කෝච්චිය හෙවත් අශ්වයන් බැඳි කරත්තයකින් තැපැල් මලු රැගෙන යාම වැඩිදියුණුවීමත් සමග එම පරෙවි තැපැල් සේවය අවසන් වූයේය. යුරෝපීයයන් විසින් මෙරට ඉදිකළ පළමු විශාලතම හෝටලය ඔරියන්ට් හෝටලය නමින් ගාල්ලේ ඉදිකර ඇත්තේ වරාය නගරයක අවශ්‍යතා සියල්ල ඉටුකරමින්. මහල් කිහිපයකින් යුතු මේ සුවිසල් හෝටලය අද අමාන් ගාල්ල යනුවෙන් හැඳින්වෙයි.
ගාල්ල වරාය නගරය ආශ්‍රිතව ව්‍යාපාර රැසක් පැවැතිනි. මෙරට පැරණි සුප්‍රසිද්ධ ව්‍යාපාර අතරින් විශාල ප්‍රමාණයක් ගාල්ලෙන් ආරම්භවීමෙන් ම ඒ බව සනාථ වෙයි.
ලංකාවේ ඉදිකළ පළමු ප්‍රදීපාගාරය ගාල්ල කොටුවේ 1848 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලදී. ලෝහයෙන් නිර්මාණය කරන ලද ප්‍රදීපාගාරයේ ගෑස් සහ ගල් අඟුරු භාවිතයෙන් ආලෝකමත්කරන පහනක් තිබිණි. නැව්වලට මග පෙන්වීමට අත්‍යාවශ්‍ය වූ ප්‍රදිපාගාරයක් මුල්වරට ගාල්ලේ ඉදිකිරීමෙන් ම ගාල්ල වරාය නගරය යුරෝපීයයන්ට කොතරම් වැදගත් ස්ථානයක් වූවේ ද යන්න පැහැදිලිය.
ඕලන්ද හා බ්‍රිතාන්‍ය පාලන කාලයේ මෙරටට පැමිණි නැව්වලින් වැඩිම ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ගාල්ල වරායට බව ඔවුන්ගේ පැරණි වාර්තා අනුව පෙනී යයි. කුරුඳු වෙළෙඳාමේ පරිහානියත් සමග ගාල්ල වරාය තරමක් පසුබෑමකට ලක්ව තිබුණ ද මධ්‍යධරණීය මුහුදු මර්ගය විවෘතවීමත් සමගම යළිත් ගාල්ල කාර්ය බහුල වරායක් බවට පත්ව තිබේ. එවකට එංගලන්තය, බොම්බාය, ජපානය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් අතර යාත්‍රා කළ දුම් නැව්වලට ගාල්ල ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වී තිබිණි. 1868 දී ගාල්ල වරායට නැව් 34ක් පැමිණ තිබූ අතර 1869 එම සංඛ්‍යාව 58ක් දක්වාත්, 1870 දී 82ක් දක්වාත් 1871 වනවිට එය 110ක් දක්වාත් ඉහළ ගොස් තිබිණි.
මෙලෙස නැව් පැමිණීම වැඩිවීමත් ලෝකයේ නිෂ්පාදනය වන නැව් ප්‍රමාණයෙන් විශාල වන්නට වීමත් හේතුවෙන් ගාල්ල වරාය පුළුල් කිරීමේ අවශ්‍යතාවක් බ්‍රිතාන්‍ය පාලකයන්ට තිබිණි. නමුත් ගල් පරවලින් බහුල ගාල්ල වරාය වඩාත් විශාල කිරීම සුළුපටු කරුණක් වූයේ නැත. මේ නිසා ඔවුන්ගේ තීරණය වූයේ කොළඹ වරායේ දියකඩනයක් ඉදිකර එය වඩාත් පුළුල් කිරීම වැඩි ලාභදායී බවයි. මේ අනුව ගාල්ල වරාය වෙනුවට කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි.
පසුව කොළඹ වරායේ දියකඩනය ඉදිකිරීමත් එය පුළුල්කිරීමත් හේතුවෙන් අතීතයේ ගාල්ල වරායට තිබූ වැදගත් කම ක්‍රමයෙන් අහිමිව ගියේය. එහෙත් වරාය සමග දියුණු වූ ගාල්ල වරාය නගරය යුරෝපීයයෝ තමන් රට හැරයන තුරුම ප්‍රධාන පෙළේ නගරයක් ලෙස භාවිතා කළේ සියලු කටයුතු ගාල්ල කොටුවේ පිහිටි එම වරාය නගරයේ සිට සිදුකරමිනි.
යුරෝපීය පාලන යුගයේ දී රටේ පාලන මර්මස්ථානයක් වූ ගාල්ල වරාය නගරය අදට ද වරාය නගරයක් ලෙස දැකිය හැකි මෙරට ඇති පැරණිතම වරාය නගරයයි. අතීතයේ මෙරට තිබූ ගොඩවාය වරාය, මන්නාරම මාතොට වරාය වැනි වාරය ආශ්‍රිතව ද නගර ඉදිවී දියුණු වී තිබුණු බව ඉතිහාස කතාන්තර ඇතත් ඒ කිසිවක් අද වනවිට සියැසින් දැකැගනීමට අවස්ථාවක් නැත. ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී ගොසිනි.
නමුත් ගාල්ල වරාය නගරය අදට ද සජීවී නගරයක් ලෙස පවතී. බැලූ බැල්මට යුදමය වශයෙන් වැදගත්වන මහ බලකොටුවක් ලෙස ඉදිවී ඇති ගාල්ල වරාය නගරයේ පෙර පැවැති රජයේ කාර්යාල ආදිය මේ වනවිට ක්‍රමයෙන් ඉවත් කරමින් පවතී. ගාල්ල පැරණි වරාය නගරය දැන් සංචාරක පුරවරයකි. දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් විසින් සංචාරකයන් සඳහාම පහසුකම් සපයන ස්ථාන රැසක් එහි පවත්වාගෙන යයි.
අද කොළඹ ඉදිවන වරාය නගරය නවීන තාක්ෂණය අනුව දියුණු නගරයක් වනු ඇත. එසේ වුව ද අතීතයේ මෙරට තිබූ ගාල්ල වරාය නගරය ද ඒ කාලයේ ලෝකයේ දියුණුතම වරාය නගරයක් වන්නට ඇත. දැන් ඒ සියල්ල අතීතයට එක්ව ඇතත් තවමත් ගාල්ල වරාය නගරය යනු සජීවී ලෝක උරුමයකි.
ගාල්ලෙන් හමු වූ අවි කම්හල
ගාල්ල කොටුවට බොහෝ දෙනෙක් කියන්නේ ඕලන්ද කොටුව කියලා. නමුත් ගාල්ල කොටුව ඕලන්ද බලකොටුවක් නෙවෙයි. එය පෘතුගීසි, ඕලන්ද හා බ්‍රිතාන්‍ය කියන අධිරාජ්‍ය පිහිටවූ ජාතීන් තුනක නිර්මාණයක්. ගාල්ලට මුළින්ම ආවේ පෘතුගීසීන්. ඔවුන් ගාල්ල වරාය අසළ තිබූ සීතාවක මායාදුන්නේ රජ්ජුරුවන්ගේ මුර සෙබළු රඳවා තිබූ කුඩා බලකොටුව අත්පත් කරගෙන බලකොටුවක් ඉදිකළා කියා වංශකතාවල දැක්වෙනවා. ඒ බලකොටුව ඉදිකරලා දැනට කොටුවේ ඉදිරිපස හැටියට අපි දකින ගාල්ල ක්‍රීඩාංගණය ඉදිරිපිට කොටසේ මුර අට්ටාල තුනකුත් හැදුවේ ගාල්ල තුඩුව සම්පූර්ණයෙන් ම අත්පත් කරගනිමින්. අදටත් අපිට පෘතුගීසි හදපු මුල් බලකොටුව පැරණි වරාය පසෙකින් දකින්න පුළුවන්. නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය එහි පිහිටා තිබෙන නිසා අවසරයක් නැතිව ඇතුළු වෙන්න හැකියාවක් නැහැ. මේ පැරණි බලකොටුව පෘතුගීසීන් විසින් හැඳින්වූයේ සෙන්ටා කෲස් Zenta Cruz ඔවුන් මේ ස්ථානයේ ආරක්ෂාව දැඩි කරලා තිබුණා වගේම ගාල්ල තුඩුවේ අන් ස්ථානයන් පාලනය කරමින් විවිධ තැන්වල තවත් ගොඩනැගිලි ඉදිකරලා තිබුණු බවට සාක්ෂි තිබෙනවා. කොහොම වුණත් මේ බලකොටුවේ පෘතුගීසීන් වෙඩි බෙහෙත් ගබඩා කරලා තිබුණු අතරම ආයුධ නිෂ්පාදනයත් එම ස්ථානයේ සිදුකරලා තිබෙනවා. මේ සඳහා කම්හල් පිහිටා තිබුණා කියලත් කියනවා. එදා පෘතුගීසීන් කම්මල්වලට එහෙමත් නැත්නම් Workshop වලට ඔවුන්ගේ භාෂාවෙන් වින්කල් කියපු නිසා අපේ සිංහල භාෂාවටත් වින්කල් කියන නම එකතුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ යකඩ උණුකරමින් ආයුධ හදපු වින්කල්වලින් පිටවූ කළු දුමාරයත් ඒ දුමාරය නිසා පෘතුගීසි කොටුවේ බිත්ති කළු පැහැ වී තිබුණු නිසා පෘතුගීසීන්ගෙන් ගාල්ල කොටුව අල්ලගත්තු ඕලන්ද ජාතිකයන් එහෙමත් නැත්නම් ලන්දේසීන් පෘතුගීසි බලකොටුව හැඳින්වූයේ ස්වාට් ෆෝර්ට් Zwart Fort යන නමින් එහි අර්ථය කළු කොටුව කියන එක. අදටත් මේ කොටස හඳුන්වන්නේ Black Fort එහෙමත් නැත්නම් කළු කොටුව කියලා. මේ දවස්වල උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගාල්ල කොටු බැම්මේ සංරක්ෂණ කටයුතු සිදුවෙනවා. පුරාවිද්‍යාත්මක ස්ථානයක සංරක්ෂණයක් කරනවානම් එතැන විධිමත් පුරාවිද්‍යා පර්යේෂණ සිදුකිරීම අපේ රටේ ප්‍රතිපත්තියක්. ඒ අනුව පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුත් සිදුවෙනවා. කළු කොටුවේ රූමස්සල දෙසට ඇති බැම්මේ ඇතුල් පැත්තේ ඕලන්ද ජාතිකයන් විසින් ඉදිකළ ගොඩනැගිල්ලක් අදටත් තිබෙනවා. එහි එක් කොටසක් කැඩී ගිහින් තිබුණත් වැඩි ප්‍රමාණයක් ඉතිරිවෙලා. මේ ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයන් විසින් 1840 වර්ෂයේ සිට සිරගෙයක් හැටියට භාවිතා කරලා තියෙන්නේ එහි සිරමැදිරි කිහිපයක් සාදමින්. මේ ගොඩනැගිල්ලේ බිම සංරක්ෂණය කිරීම සඳහා පසුව යොදා තිබූ සිමෙන්ති ඉවත්කරද්දී ගල් අඟුරු තටටුවක් මතුවුණා. මේ තමයි ගාල්ල කොටුවෙන් ගල් අඟුරු හමුවූ පළමු අවස්ථාව. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (කැණීම්) ආචාර්ය නිමල් පෙරේරා මහතා ව්‍යාපෘතියේ උපදේශක වාස්තු විද්‍යාඥ ආචාර්ය නිලාන් කුරේ මහතාගේ ද ඉල්ලීම පරිදි මේ ගල් අඟුරු ස්ථරය විද්‍යානුකූළව කැණීමකට ලක්කළා. ඒ ගල් අඟුරු විතරක් නෙවෙයි. පිළිස්සුණු දැව කොටස්, යකඩ කොටස් සහ පාෂාණ කොටස් මෙන්ම අළුවලින් සමන්විත අවශේෂ ස්ථරයක් බව දැනට හඳුනාගෙන තිබෙනවා. මේ ස්ථරය ඉවත්කළ විට එතැන තිබෙන්නේ පිහිටි පොළොවේ රවුම් වළක් වැනි ව්‍යුහයක්. මෙය ඇතැම් විට ආයුධ සෑදීමට භාවිතා කළ උඳුනක් විය හැකියි. ගාල්ල කළු කොටුවේ ආයුධ නිෂ්පාදනය කළා කියා ඉතිහාස කතාන්තරවල තිබුණට ඒ පිළිබඳ මෙතෙක් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලැබිලා තිබුණේ නැහැ. මේ තමයි ලැබුණු පළමු සාක්ෂිය. ඇතැමුන්ට මෙය නිකම්ම නිකන් ගල් අඟුරු තිබුණු වළක් වුණාට පුරාවිද්‍යාව පිළිබඳ දන්නා කෙනෙකුට එය ඉතාමත්ම වටිනා සොයාගැනීමක්. ඒ විතරක් නොවෙයි අවුරුදු 500 ට ආසන් ඉතිහාසයක ලංකාවට ඇවිත් අපේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලගෙන පාලනය කරපු ජාතියක් තමන්ට අවශ්‍ය ආයුධ නිෂ්පාදනය කළ ආකාරය පිළිබඳ හොඳ සාක්ෂියක්. මේ ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. එතැන දැවී ඉතිරිවූ දැව කොටස් තිබෙන නිසා ඉතා පහසුවෙන් කාබන් සමස්ථානික කාල නිර්ණය කළ හැකියි. එවිට තීරණය කරන්න හැකිවේවි මේ කම්මල් නැතිනම් වින්කලේ අපද්‍රව්‍ය පෘතුගීසීන් ඉතිරි කරපුවා ද නැතිනම් ඕලන්ද ජාතියන් ඉතිරිකරපුවා ද කියා. මේ ගාල්ල කොටුවේ ආයුධ නිෂ්පාදනාගාරයක් තිබුණු බවට ලැබුණු පැහැදිලි සාක්ෂියක් වේවි. ඉතින් මේක තමයි ගාල්ල කොටුවෙන් ආයුධ නිෂ්පාදනාගාරයක් ලැබුණා කියන කතාව.
දුම්රියෙන් යනවානම් අනිවාර්යයෙන් කියවන්න
ඔබටත් වෙන්න පුළුවන්….අපේ මහඑකාලගේ සැමට පොදු අප්පගේ නීති..!තමන්ට වෙනවා කියලා හිතාගෙන කියවන්න…
කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ටිකට් ජාවාරම..!(මෙය කොල්ලුපිටියට පමණක් සීමාවූවක්ද නොවිය හැකියි.)අද මට කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේදී ලොකු අසාධාරණයකට මුහුණ දීමට සිදුවිය. රත්මලාන දුම්රිය ස්ථානයෙන් ටිකට් එකක් ගෙන හනිකට ආපු දුම්රියට මම ගොඩ වුයේ කොල්ලුපිටිය පිහිටි මාගේ රැකියාව කරන ස්ථානයට යාම සදහාය. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ තාප්පය කඩා වැටී බොහෝ කාලයක් තිස්සේ පවතින නිසා ගොඩක් පුද්ගලයින් දුම්රියෙන් බැස ඒ හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කරයි. නමුත් පුරුද්දක් ලෙස සාමාන්‍ය විදියට දුම්රියෙන් මම කොල්ලුපිටියෙන් බැස වෙනදා මෙන්ම ආපසු හවසට ගෙදර යාම සදහා කොල්ලුපිටියේ පිහිටි කවුන්ටරය වෙත ගොස් රත්මලානටත් ටිකට් එකක් ගත්තේය. එය ගෙන පඩිපෙළ ලඟ ටිකට් පරික්ෂා කරමින් සිටි පුද්ගලයාට මාගේ අනිත් ටිකට් එක දී පඩි කිහිපයක් ඉහළට නැග්ගේය. නමුත් ටිකට් පරික්ෂා කරන පුද්ගලයා යළිත් මට කතා කළේය…”මේ මහත්තයා ඔයා එන්නකෝ පොඩ්ඩක්…””මමද..??””ඔව් ඔයා තමයි…””ඇයි..??””මේ ටිකට් එක පරණයි…””මම ඕක අද උදේ ගත්ත ටිකට් එක. දිනය ගහලා ඇති. බලන්න…””නෑ. දිනය වැදිලා නැහැ. ඔයා පරණ ටිකට් එකකින් ඇවිත් තියෙන්නේ. එන්න ඇතුළට…”මමද ඇතුළට ගියෙමි…ඔහු දුම්රිය ස්ථානාධිපතිට ටිකට් එක දී…”මෙයා පරණ ටිකට් එකකින් ඇවිත් තියෙන්නේ සර්” කියමින් රත්මලාන දුම්රිය ස්ථානයට ඇමතුමක් දුන්නේය. එහි ඇතුලත කාර්යාලයේ පස් දෙනෙක් විය. ඔවුන්ද “හොරෙන් එන්න එපා” යනුවෙන් එක එක දේවල් මට කීවේය. ඒත් මම නැවත නැවත කියා සිටියේ “මම ටිකට් එක ගත්තේ අද උදේ” කියාය…ඇමතුමෙන් පසු…”මම දැන් කතා කළා. ඔයා ගාව තියෙන ටිකට් එක සති දෙකකට කළින් නිකුත් කරපු එකක්. ඕකේ සීරියල් නම්බර් එක පරණයි…””මම සිරියල් නොම්බර ගැන දැනුවත් නැහැ. මම මගියෙක්. ඕක මම අද උදේ ගත්ත ටිකට් එක. ඉතින් ඕකේ දිනය බලන්න…””දිනේ මේකේ හරියට වැදිලා නැහැ. නමුත් මේක පරණ එකක්…””ඒක පුදුම කතාවක්නේ. දිනේ වැදිලා නැති එක මගේ වරදක්ද..?””එහෙම නැහැ. ඔයා දිනේ බලන්න ඕනේ…””හදිස්සියේ ටිකට් අරන් නැග්ගේ. ඒ වෙලාවට කොහොම බලන්නද..? අනික ඔයලානේ දිනය ගහලා දෙන්නේ…””ඒත් මේක පරණයි. ඔයා හොරෙන් ඇවිත් කියවන්න එපා…””හොරෙන් ආපු අය දැන් ගිහින් ඉවරයි. එයාලා යන්නේ තාප්පේ කැඩුණු තැනින්. මම හොරෙන් යනවනම් මෙතනට එන්න ඕනේ නැහැනේ. මාත් එතනින් යනවනේ. අනික මම හවසට යන්නත් ටිකට් එකක් ගත්තා. ඒක ඔයාලා හොඳටම දැක දැක මම හොරෙන් ආවා කියන එක අසාධාරණයි නේද..?””හොරෙන් ඇවිත් කියවන්න එපා. දඩේ රු: 3000/- ක් ගෙවලා යන්න…””මම වැරද්දක් කළේ නැහැනේ දඩ ගෙවන්න…””එහෙනම් අපි මේක උසාවි දානවා. ඔයාට කොහොමත් දඩේ ගෙවලා තමයි උසාවි යන්නත් වෙන්නේ…””ඉතින් මම වැරද්දක් කළේ නැහැනේ. පොඩ්ඩක් එතන CCTV චෙක් කරන්න. මම උදේ කවුන්ටරයෙන් ටිකට් එක ගත්ත විදිහ ඇති…””එහේ ඕවා නැහැ. අනික ඕවා බලන්න ඕනෙත් නැහැ. මේක පරණයි. දඩේ දැන් ගෙවන්න බැරිනම් Phone එක හරි, ID එක හරි වටිනා දෙයක් තියලා යන්න…””මම වැරද්දක් කරලා නැහැනේ ඉතින්…””ඒවා මේවා වැඩක් නැහැ. දඩේ ගෙව්වේ නැත්නම් උසාවි දානවා…”එහි හිටපු කිහිපදෙනාම මට එරෙහි විය. තනියෙන් හිටපු මම අසරණ වුයේය. ඔවුන් දිගටම එක එක දේවල් කියති. අනිත් හැමෝම කරනවා මෙන් මමද Phone එක ගෙන Record කරන්න පටන් ගත්තේය…”ඔය මොකද කරන්නේ..? Record කරනවා නේද..? මෙහෙට දෙනවා phone එක…””මට බැහැ…””දෙනවා phone එක…” කියමින් හැමෝම මගේ ඇගේ එල්ලුණේය. මට පොර බැඳීමට හැකියාවක් නැත. අනික phone එකක් ගැනීමට සල්ලිත් නැත. පසුව ඔවුන් එය උදුරා ගත්තේය…”එතකොට ඔයා ඇයි record කරන්නේ..?””මම මේකේ වැඩ කරන කෙනෙක්. මට අයිතිය තියෙනවා…””ඉතින් ඒකත් අසාධාරණයි නේද? මට වෙන දේනේ මම record කළේ…””ඒවා මේවා වැඩක් නැහැ. කොල්ලුපිටිය පොලිසියට එන්න කියන්න. Railway security එකටත් කියන්න. මෙයා දඩේ ගෙවන්නේ නැහැනේ…”ඒ අතර ඔවුන් කියන දේට මම උත්තර දෙයි. පැහැදිළි කරයි. ඒක ඔවුන් දැක්කේ වෙනස් ආකාරයකටය…”මට call එකක් ගන්න ඕනේ ඔෆිස් එකට. phone එක දෙනවද..?””දෙන්න බැහැ…””මේ වුණු සිද්දිය දැනුම් දෙන්න ඕනේ. මම පරක්කු වෙන්නේ ඇයි කියලා දැනුවත් කරන්න ඕනේ. නැත්නම් මගේ පඩිය කපනවා…””නැහැ දෙන්නේ නැහැ…””එහෙනම් මට මෙතන phone එකකින් call එකක් ගන්න දෙන්න…””නැහැ. එහෙම දෙන්නෙත් නැහැ ඔයාට…””ඉතින් ඔයාලා හරිම අසාධාරණයිනේ…””පොලිසිය එනකන් ඉන්න. video එක delete කරන්න ඕනේ…””ඉතින් ඔයාලා වැරැද්දක් කළේ නැත්නම් ඇයි බය වෙන්නේ video කළාට..?””ඒවා මේවා කියවන්න එපා…”පොලිසිය පැමිණෙයි… ඔවුන් විස්තරය කියයි…”මෙයා මේ පරණ ටිකට් එකකින් ඇවිත්. දඩේ ගෙවන්න බැහැලු. ඒ මදිවට අපිත් එක්ක රණ්ඩු කරන්න එනවා…” කියමින් දොඩවයි…ඊට පසු මම…”Officer මම ටිකට් අරන් ආවේ. එයාලා මේක පරණයිලු. දිනේ වැදුණේ නැති එකත් දැන් මගේ වැරද්දක් ගාණට දාලා කතාකරනවා. CCTV ත් නැහැලු. මම හොරෙන් ආවනම් මෙතනට එන්නේ නැහැ. මාත් අනිත් අය වගේ තාප්පේ කැඩුණු තැනින් යනවා. මම හොරෙක් නම් මම ආයේ හවසට යන්න ටිකට් ගන්නේ මොකටද..?” කියමින් මම එම ටිකට් එකත් පෙන්නුවේය…පොලිසිය- “මේ ටිකට් එකත් අද එකක් නෙමෙයිනේ. මේක 03 වැනිදා එකක්…””නැහැ ඕක අපි දැන් දුන්නේ…””මේ බලන්න මේකේ 3 විතරයි වැදිලා තියෙන්නේ. 1 වැදිලා නැහැ. 31 කියලා කියන්නේ කොහොමද..? රත්මලානින් ආයෙත් මෙයාව අල්ලයිනේ මේකත් පරණයි කියලා…””නැහැ එතකොට සිරියල් නම්බර් බලන්න පුළුවන්…”ඒ සමඟම දුම්රියක් පැමිණ මිනිසුන් බැස යයි. කළින් කීවා මෙන්ම විශාල පිරිසක් තාප්පේ කැඩුණු තැනින් පිටවී යයි…පොලිසිය – “එතකොට අර යන මිනිස්සු චෙක් කරන්නේ නැද්ද..?”දු: ස්ථානාධිපති – “අපිට දැල් දාන්න වෙයි. හැමෝම බලන්න බැහැනේ…”පොලිසිය – “එතකොට මේ ඉන්නේ කට්ටිය. දෙන්නෙක් දැම්මනම් පුළුවන්නේ…”දු: ස්ථානාධිපති – “මෙයාලා ඉන්නේ ඇතුළේ වැඩ වලට…”පොලිසිය – “හොරෙන් යන අය ඔතනින් යනවා ඇති. මෙයත් එහෙම කෙනෙක් නම් මෙතනට එයි කියලා හිතන්න පුළුවන්ද..? අනික නැවත යන්න ටිකට් එකකුත් අරන් තියෙනවනේ…”දු: ස්ථානාධිපති – “ඔබතුමා දන්නේ නැහැ. මුන් හොරු. අහු වුණාම ඔහොම තමයි කියන්නේ…”ඒ සමඟ දුම්රිය ආරක්ෂක ඒකකයෙන් පැමිණෙයි. ඔවුන්ටද පෙර ලෙසම කතාව කියයි. මමද පැවසුවෙමි. ඔවුන්ට මගේ කතාව තේරුම් ගියත් කිරීමට දෙයක් නොමැත…”අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපේ වැඩේ උසාවි දාන එක විතරයි. ටිකට් එක පිටිපස්සේ අත්සන් කරන්න. දැන් අපිට ඔබතුමාව ගෙනියන්න වෙනවා මාංචු දාලා…””අනේ මම වැරද්දක් කළේ නැහැ. මාංචු දාන්නේ ඇයි..?””වැරද්දක් කරලා නැතත් ක්‍රමය මේකයි. නඩු ගාස්තු LAWYER ගාස්තු ගෙවනවාට වඩා දඩේ ගෙවන එක ලේසියි. කුඩුවේ තපින්න ඕනෙත් නැහැනේ…””මට ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ. රු: 3000/- මගේ දරුවන්ට කිරිපිටි අරන්දෙන්න පුළුවන්. පොත්පත් ගන්න පුළුවන්. වැරැද්දක් කරන්නේ නැතුව ඇයි මම දඬ ගෙවන්නේ..?””එහෙනම් උසාවි දාමු. යමු අපිත් එක්ක…”ඔවුන්ට කතාව තේරුණු නිසා මාංචු දැම්මේ නැත…ඔවුන්ගේ වාහනයට ගොඩවූ පසු මට හිතුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති සහ සේවකයින්ගේ අධ‍්‍යාපන මට්ටම් ගැනය. දේශපාලකයින්ගේ බත් බැලයින් මෙවැනි පොදු ස්ථානවල රැකියාවට දමන නිසා කොපමණ මිනිසුන් අසරණ වෙනවා ඇත්ද..? මෙවැනි දෙයක් පොඩි දරුවෙකුට වුවද තේරුම් ගත හැක. නමුත් ඔවුන් හැසුරුණේ වෙනස්ම ආකාරයකටය. මෙවැනි දෙයක් ගැහැණු ළමයෙකුට වූවානම් සියදිවි නසාගන්නවා නියතය. මා සිතින් මෙය විදෙව්වේය…”ඔතන හොරු අහුවෙනවා. ඒත් මේක එහෙමයි කියලා මට හිතෙන්නේ නැහැ. ඒත් අපිට තියෙන්නේ උසාවි දාන වැඩේ විතරයි. ඔයා වැරැද්දක් කළත් නොකළත්…” වාහනයේ සිටි නිලධාරියා පැවසුවේය…මම තවත් අසරණ විය…මා කොළඹ දුම්රිය ආරක්ෂක ස්ථානයට රැගෙන ගියේය…”මෙන්න මෙයාගේ විස්තර පුරවගන්න. ඒත් මම කියන්නේ මහත්තයා අතේ සල්ලි තියෙනවනම් විතරක් නඩු කියන්න. නඩු කිව්වොත් ඔයාට වාසියි. ඒත් සල්ලි නැත්නම් එහෙම යන්න එපා. ඔයා නිවැරදිකරු කිව්වත් කරන්නේ ඔයාව ලොකප් කරන එක. ඒක තේරුමක් නැහැ. අද උසාවි දැම්මොත් ඇපත් නැහැ. සිකුරාදා නිසා…”මම තවත් අසරණ විය…”සල්ලි නැත්නම් ඔෆිස් එකේ කෙනෙක්ට හරි එන්න කියන්න සල්ලි අරන්. අපි එතකන් ඉන්නම්. දඩේ ගෙව්වට පස්සේ දුම්රිය සාමාන්‍ය අධිකාරිට ඕක ගැන ලියන්න. සොයා බැලීමක් කළොත් ආපහු සල්ලි ලැබෙන්නත් පුළුවන්…”අසරණ වූ මම යාළුවෙකුට එන්න කියා දඩේ ගෙවා පැමිණියෙමි…”මාගේ වැරැද්ද සල්ලි ගෙවා ටිකට් එකක් ගෙන දුම්රියේ පැමිණීමයි. තාප්පේ කැඩුණු තැනින් අනිත් උන් වගේ හොරෙන් ගියානම් ඉවරයි නේද?” කියා මට සිතුණි…”දිනේ වැදිලා නොතිබීමත්, පරණ ටිකට් නිකුත් කර තිබීමත් යන වැරදිද මගේම විය. අපි ගෙවන බදු මුදල් වලින් පඩි ගන්නා මොවුන්ගේ ක්‍රියා කලාපය මෙහෙමද..? අවවාදයක් දී හෝ යවන්න හැකියාව තිබියදී ඔවුන් මෙසේ හැසිරුණේ මන්ද..?? ඔවුන් වැරැද්දක් නොකළානම් RECORD කිරීමට බය වුයේ ඇයි ?? මෙය ජාවාරමක්ද? ඔවුන් මෙවැනි ටිකට් ලඟ තබාගෙන අපි දෙන ඒවාට මාරු කර මෙසේ දඩ ගසනවා වෙන්න පුළුවන් නේද..? මෙවැනි දෙයකට ඔබත් ලක් විය හැක. හැකි සෑම ආකාරයෙන්ම ප්‍රවේසම් වන්න. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ මීළඟ ගොඳුර ඔබ විය හැක…””ඔබගේ සහෝදර සහෝදරියන් හිතවතුන් මේ ගැන දැනුවත් කරන්න. SHARE කරන්න. ඒක ලොකු පිනක් වෙයි මෙවැනි පුද්ගලයින්ගෙන් ආරක්ෂා වීමට..!”( Copied )ප.ලි.:- මම හිතන විදිහට මෙය කාලයක් තිස්සේ සිදුකරගෙන යමින් සිටින ජාවාරමකි. එය දෙවිදිහකට සිදුවිය හැකියි…1. ටිකට්පත් නිකුත් කරන කවුන්ටරයෙන් මුදල් ගෙන පරණ ටිකට්පත් නිකුත්කර එම මුදල් ඔවුන් ගන්නවා විය හැකියි. එය අසුවුවහොත් දුම්රිය මඟියා වරදකරු වෙයි. කෙසේ වෙතත් ටිකට් කවුන්ටරයේ සිටින නිලධාරියාට එය බිස්නස් එකකි…2. ටිකට්පත් චෙක්කරන පුද්ගලයාට ටිකට්පත අතේ ඇති පරණ ටිකට්පතකට මාරුකර එම වරද මඟියා පිට දමා දඬ ගැසීමද කළ හැකියි. එය ටිකට්පත් චෙක් කරන්නාට බිස්නස් එකකි…ඔබ, ඔබ අවට සිටින කිසිවෙකු හෝ විශ්වාස නොකිරීමට සහ ඔබ ඔබ ගැන වඩා සැලකිලිමත් වීමට සෑමවිටම වගබලාගන්න… රටම අරාජිකත්වයට පත්වෙමින් පවතින යුගයකි..By- Sameera Priyanka Muttettuwatta
ඔබේ සුරතලා ඔබේම දරුවාගේ මාරයා වියහැකියි
පසුගිය කාලසීමාවේ දී කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අලුත උපන් බිළිඳුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වෛද්‍යවරුන් අතර ඇති වූ සාකච්ඡාවක දී අපූරු කරුණක් හෙළිවී තිබෙනවා.මේ දරුවන් අතර මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන congenital toxoplasmosis දක්නට ඇති බව. යම් නිශ්චිත කාලසීමාවක දී කුලියාපිටිය ශික්ෂණ රෝහලේ සිදුව ඇති ළදරු මරණවලින් සැළකිය යුතු ප්‍රමාණයකට හේතුවී ඇත්තේ මේ තත්ත්වය යැයි ද වෛද්‍යවරුන් විශ්වාස කරනවා. මේ රෝගී තත්ත්වය ඉතාමත් බිහිසුණුයි. රෝගය වැළඳී යම් දරුවකු මිය නොගොස් ජීවත් වුවත් ඒ දරුවන් අපස්මාරය වැනි රෝගී තත්ත්වයට ගොදුරු වනවා. එමෙන්ම ඇස් අන්දවීම, මන්දබුද්ධික වීම, අක්මාව ඉදිමීම වැනි තත්ත්වයන්ට ගොදුරු වනවා. ඔබ දන්නවා ද මේ රෝගය පැතිරයන්නේ පූසන්ගේ මලපහ වලින්. ගර්භනී කාලයේ දී අම්මලා පූසන් ළඟට නොගත යුතුයි. නිවෙස්වල පූසන් ඇතිකරනවානම් ගර්භනී මව්වරුන් දැනගත යුතුම දෙයක් වන්නේ ඔබේ සුරතල් පූසා ඔබේ උපදින්න ඉන්නා දරුවාගේ ජීවිතය අහිමි කළ හැකි බව. නැතිනම් ඒ දරුවා සදාකාලික රෝගියකු බවට පත්කළ හැකි බව. සමාජ වගකීමක් ලෙස සළකා මෙය හැකිතාක් ප්‍රචාරය කරන්න යැයි කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය Uthpala Sankalpa ඉල්ලා සිටිනවා.
අන්තිම බස්එක
අන්තිම බස් එක…පැලවත්තෙ ඉදන් නෙළුවට 30km තියෙනවාපැලවත්තෙන් හවස 6.30න් පස්සෙ නෙළුවට බස් එකක් නෑමං ඊයෙ වැඩ ඇරිල එනකොට රෑ නමයට විතර පොඩි කොල්ලෙක් ලොකු බෑග් එහෙකුත් එල්ලෙගෙන පයින් ඇවිදගෙන එනවා”මොකෝ මල්ලි””බස් නෑ අයියෙ””නැගපන්”කොල්ලට හති.කිලෝමීටර් හයක් එතකොට එයා පයින් බඩගාල.”මල්ලි කොහෙද යන්නෙ””ගෙදර____මං කැලණියෙ කැම්පස් එකේ ඉන්නෙ.ගෙදර යන්න ආව.බස් එක මිස් උනා අයියෙ”අපි මගින් ප්ලේන්ටියකුත් ගහල හෙමිහිට ආවතිනියාවල පොලීසියෙ රාළහාමිල දෙන්නෙක් මගදි නතර කලා”කෝ ____හෙල්මට්__!””මේ ළමයට බස් එක මගඇරිල-පයින් එද්දි දාගෙන ආවෙ””ගන්න ලයිසන් එක_____”රාලහාමි ටෙම්පරියක් ලියනව.ලියන ගමන් මගේ දිහා බලනවහරියට නිකං මධුෂ්ගෙ කුඩු කන්ටේනරේ අල්ලගත්ත සීනියර් ඩීඅයිජී වගේ”මං ඔය රාළහාමිවම දවසක් ගොරකදූවෙ ඉදල රෑ යන්න එකක් නැතුව ඉද්දි හෙල්මට් එකක් නැතුව දාගෙන ආව.එදා ඔයා හිටියෙ වැඩට එන ගමන සිවිල් ඇදුමෙන්.එනගමන් ඔයාමයි කිව්වෙ ඔයා පොලීසියේ බව.නම සැම්සන් බව.මම ගේ ගාවින් නතර නොවී ඔයාව පොලීසියට ම ගිහින් දැම්ම.එදා ඔයා යනගමන් මගේ පිට අතගගා ස්තූති කරල ගිහින් මගදි තේ එහෙකුත් බොන්න කතාකරා..කෝ අද ඒ මනුස්සකම___” මං ඇහුව.එයා රවාගෙන ලියනවා”අපි දෙන්නම රුපියල් හතලිස් දාහකට පනස් දාහකට ආණ්ඩුවට කඹුරන මිනිස්සු.ඔයා දැං අකුරටම රාජකාරිය කරල මට දඩයක් දෙන්න. හැබැයි ඒ දඩ සල්ලි මහාභාණ්ඩාගාරයට ගිහින්,මහ බැංකුව එක රැයින් එකෙක් හොරා ගහගත්තහම-ඒ අඩුව පුරවන්න ඔයා ආයෙමත් මං වගේ උන්ටම දඩ ගහන්න.අපි දෙන්නම එක පිලේ මිනිස්සු මහත්තයො.අද මම මෙයාව දාගෙන ආපු එක වැරදිනම් මට තව දඩකොලයක් දෙන්න-මං එදා ඔයාව දාගෙන ආපු එකට” පොඩි එකා අතේ තිබිල රුපියල් එකසිය හතලිහක් මගේ අතට ගුලි කරනවා.සීයෙ කොලයයි විස්සෙ කොල දෙකයි”අයියෙ මේක දීල බලන්න..”මට ආපු තරහට මං ඒක එවලෙම දෙකට ඉරල වීසිකරා..”මං පොලීසියට ජරාව දෙන්නෑ මල්ලි…”රාළහාමිල දෙන්න බලාගෙන හිටියඅපි දෙන්න ආවමං අද උදේ ගිහිං දඩේ ගෙවල ලයිසන් එක ගත්තමං මේක ලියන්නෙ මං ගැනම උපන් කේන්තියෙන් මට බෑ එහෙම කරන්න…රෑට මහපාරෙ මං වගේ එකෙක් කිලෝමීටර් විස්සක් තිහක් පයින් එද්දි මග දාල එන්නමං වෙනස් වෙන් නෑ.මං හැමදාම උනත් දඩ ගෙවන්නවා.සමහරවිට මගේ ජානවල වරදක් ඇති.මං මේක ලියල බලාපොරොත්තු වෙන්නෙ මෙච්චරයි..කරුණාකරල පුළුහන් කෙනෙක් මේ පාරට රෑ අටටවත් පැලවත්තෙන් නෙළුවට බස් එකක් දාන්න.නැත්නම් හෘදයවස්තුවක් තියෙන නිළධාරීන් රථවාහන රාජකාරියට යොදවන්න.උපුටා ගැනීම දුමින්ද සම්පත්…
කළු කොටියා අවසන් හුස්ම පිටකළා
කළු කොටියා අවසන් හුස්ම පිටකළාශ්‍රී ලංකාවේ අපිට මාස කිහිපයකට ඉස්සෙල්ලා ඉතා සතුටුදායක ආරංචියක් ගෙන ආපු උඹ අද උදේ අපෙන් සමුගත්තා කියලා දැනගත්තම ඇති දුක වාවගන්න බැරි වුණා. උඹ ඇත්තටම දැන් පුරාවෘත්තයක් වුණා. හැමෝගෙන්ම වසංවෙලා සිරිපා අඩවියේ උඹ ඉන්නවා කියලා පශු වෛද්‍ය මාලක අබේවර්ධන මට පණිවිඩය දීපු වෙලාවේ ඇතිවූ සතුට වැඩිකාලයක් තිබුණේ නැහැ. සතුන්ගේ වටිනාකමක් දන්නේ නැති මිනිස්සු හැමදාමත් උඹලගේ සනුහරේ එවුන්ට මල පුඩු ඇටෙව්වා. පුඩු අටවන අයගේ වරිගේ එක්ක කතා කරාම කියන්නේ උඹලා රෑට රෑට ගමට රිංගලා උන්ගේ හරක්, එළුවෝ, බල්ලෝ උස්සගෙන යනවලු. ඒත් අපේ ඇත්තන්ට මේක නවත්තන්න කවදාවත් බැරි වුණා. හැමදාමත් අපිට හමුවෙලා තිබුණේ උඹගේ වර්ණයේ එවුන් මිය ගියාම විතරයි. උඹ තමයි ඉස්සෙල්ලාම කැමරාවක් ඉස්සරහට ආපු එකම එකා. එතැන ඉදලා අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා උඹ ගමට වැදිලා මල පුඩුවක හිරවුණා. එදා ඉදලා අපි අද වෙනකන්ම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ උඹ ඉක්මණින් සුවය ලබලා ආපහු කැලේට යනකන්. ඒත් මහා වනයට ආඩම්බරයක් වෙච්චි උඹ කැලේට ගිහින් මල පුඩුවලට අහුවෙන්න එපා කියලා උඹේ වරිගේ එවුන්ට කියාව කියලා අපි හිතාගෙන හිටියා. ඒත් ඊයේ දවසටම නැගිට්ටේ නැති උඹ අද උදේම අපෙන් සමුගත්තා. අපිට සජීවීව දැකගන්න ලැබුණු එකම කළු කොටියා උඹ. උඹ වගේම තවත් එවුන් කැලේ ඇතුලේ ඇති කියලා අපි හිතාගෙන ඉන්නවා උන්ට ගමට එන්න එපා කියන්න කවුරුවත් නෑ,ගම්වල මිනිස්සු උඹලට වඩා හරිම නපුරුයි.
ගාල්ලේ දී අනගාරික ධර්මපාල ගුණ සමරයි
අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්මරණ අධ්‍යයන කේන්ද්‍රය හා ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ගුණ සමරු උත්සවය පසුගියදා ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
සාමණේර භික්ෂූන් වහන්සේලා 156 නමක් විෂයෙහි අධ්‍යාපනික උපකරණ පූජා කිරීම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසල් සිසු දරු දැරියන් සඳහා පවත්වන ලද අනගාරික ධර්මපාල අනුස්මරණ සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග, සහතික පත්‍ර සහ පරිගණක ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය. පූජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල නාහිමි මුලසුන හෙබවූ මෙම උත්සව සභාවේ සමරු දෙසුම ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා මහතා විසින් සිදු කරන ලද අතර සමාප්ති දෙසුම විශ්‍රාමික යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජනරාල් දයා රත්නායක මහතා විසින් සිදු කරන ලදී.
ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් ද කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය සහ නිළධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.















